අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේ ... මම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්
අපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්න ....
මම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලා ... පාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේ ....
ඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලා ...
ආදරෙයි වස්තුවේ පනටත් වඩා ...
මේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන් ... බොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේ ...
අපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලා ...
මෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනු .. ඔය මොන තරම් ලස්සන උනත් මගේ අහිංසක මැණික් කැටේට විතරයි මේ නපුර ආදරේ ...
මාත් එක්ක තරහ වෙලා ඉද්දි මගේ හදවත් පිච්චෙනවා වස්තු හරියට ස්පාර්ක් ප්ලග් වලට වදින හයි ටෙන්ෂන් ස්පාර්ක් එකක් වගේ ....
එහෙනම් මම නවතින්නම් රත්තරන් .... වෙලාවට කන්න බොන්න මැණික .. පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...
අපි ඉක්මනට අපේ වෙමු සුදු .. මෙහෙම ඉන්න බෑ ඔයා නැතුව ...