ලබු කොළ දැවටුම
අවශ්‍ය ද්‍රව්‍ය
ලපටි ලබු කොළ ( දිය ලබු) කොල 5-6
හාල් පිටි මිටක් දෙකක් පමණ
අමු මිරිස් කරල් 2
රතු ළූණු ගෙඩි 10ක්
සුදු ළූණු බික් 3
රම්පෙ
කරපිංචා
තුනපහ කුඩු
මිරිස් කුඩු
අබ
ගම්මිරිස්
පොල් තෙල්
දියලුණු
කහකුඩු
සාදන ක්‍රමය
ලබු කොළ සෝදා දිය සිදුනාට පසු හාල් පිටි , ලුණු , කහ කුඩු, අබ. සුදු ළුණු එකට මිශ්‍රකර අඹරා ලබු කොල ඇතුලත ආලේප කර රෝලක් සේ ඔතා ඉරටුවකින් රදවන්න.මෙම ලබු කොළ රෝල් වන්ඩුවේ ලිප තබා හොදින් පිට්ටු තම්බන ආකාරයා තම්බා කෑලි වලට කපා ගන්න. ( චොක්ලට් රෝල් ආකාරයට මෙය දිස්වේ වෙතින් උපුටා ගැනීමකි
ඊට පසු පොල් තෙල් ලිප තබා ළූණු තුනපහ , ගම්මිරිස් ආදිය මදක් කරවිමට හැර එයට පොල් කිරි මිශ්‍ර කර පොල් කිරි පැසුනාට පසු සකසා ගත් ලබු කොළ එයට දමා හොදින් දෙපැත්ත හරවා මදගින්නනේ පිස ගන්න.
මේ ක්‍රමේ වැරදියි.... කොලයක් අරගෙන ලබ්බ වටේ ඔතපන්....





