"උඹ මොනවද කරන්න හදන්නෙ..?"
"මමං යනව සමින්දි අක්ක ගාවට.."
"මොකක්..? උඹට පයිත්තියන්ද..?"
"උඹට තේරෙන්නෑ ඇම්ඩා.. සිංහයෙක්ගෙ කූඩුව ඇතුලටම යනව වගේ වැඩක් මේක.. අහුවුණ ගමන් කන්න වෙන්නෙ ඉස්තරම්ම එකෙන්.."
"ඔය මිනිහා ආමි එකේ හිටපු මේජර් කෙනෙක්ලු නේද..? අහුවුනොත් නම් ඇට දෙක සූප්පු කරයි.."
මල ගෙදරක යනව කියලා පට්ට බොරුවක් ගොතලා ගෙදරින් පැන ගත්තා. කියපු වෙලාවටත් කලින් කොල්ලො ටික ඇවිල්ලා හිටියා. කොල්ලො ටික කියල කිව්වෙ උදේ හිටපු උන් තමයි. ඉන්කිලාගෙ ගේ ළඟට ඇවිල්ලා අපි වටේටම සර්ච් පාරක් දැම්මා. පේන විදියට නම් කිසිදු අවුලක් නෑ.. පල්ලෙහා තට්ටුවෙ හැම තැනම ලයිට් දාලා තිබ්බත්, උඩ තට්ටුවෙ දාලා තිබ්බෙ එක ලයිට් එකක් විතරයි..
"ඇම්ඩා.. ඔක්කොම හරි.. ඉන්කිගෙ රෝවර් තඩියා කොහේද දන්නෑ.. ඌ කට ඇරියොත් හෙම මගේ පස්ස පැත්තෙන් කෑල්ලක් ගනියි.."
"පස්ස පැත්ත තිබ්බා කියලා මොනා කරන්නද බං..? ඕක ඕන වෙන්නෙ උදේට ටොයිලට් යන්නනේ.. ඒ වගේද ආදරේ වෙනුවෙන් ඕක පරිත්‍යාග කලාම.."
"ආලය කලාවකි.. කෙරුවොත් මුලාවකි.. කාලය කා දමනා මහ හත්තිලව්වකී.. මතක තියාගනිං මචං.. උඹ උඩට නැග්ගම අපි මේක අරන් වත්තෙන් එළියට යනවා.. උඹ ප්‍රශ්න ටික බේරගෙන අපිට සඤ්ඤාව දීපං.."
මං එකපාරටම උඩ බැලුවෙ හොඳටම ගැස්සිලා.. තව නූලෙන් මං ඉනිමගෙන් පල්ලෙහාට ඇදගෙන වැටෙනවා.. ඉන්කි බැල්කනියෙන් පහළට අත දික් කරගෙන, මාව උඩට ඇදල ගන්න බලන් ඉන්නවා. ඉන්කිගෙ සපෝට් එක පිටින්ම මං හෙමින්සීරුවෙ බැල්කනියට පැන ගත්තා. ඒ අතරෙ කොල්ලො ටික ඉනිමගත් අරන් මාරුවෙනවා මං දැක්කා.
"කෑ නොගහ ඩිංගක් වෙලා ඉන්න.. සමින්දි අක්කට තද වෙලා ඉන්නෙ.."