☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම එව්වත් තියෙනවද බන් හොඳා හොඳා




    ezgif-1691210564.gif
    ezgif-1691210564.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා...

    ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල... බඳින්නත් හිටපු නිසා අපිත් ඉතින් ඕනි එකක් කියල උගේ අර " හොර පොලේ " තියරියට ඉඩ දීල හිටිය ඉතින්.. බැන්දට පස්සෙ අරක්කු වානා නේ..

    මේ ලඟදි අපේ එකෙක් ගෙ වෙඩිමක් තිබිල කට්ටියම සැට් වෙල.. මම ඉතින් මෙහෙට වෙලා ඉරිසියාවෙ පැලෙනවා... අපේ ඉහත යාළුවත් ඉතින් ( අහ් මූ දැන් බැඳලා.. ) වයිෆ් එක්ක ඇවිල්ල. කට්ටියම ඔන්න එක ටේබල් එකේ සතුටු සාමිච්චියේ ඉදල.. බොන වෙලාවෙදි අපේ එවුන් බොන්න අරන්..උගේ පවුල ට නෝන්ඩි උනා වගේද අපේ උන්ට නිකන් බොන්න හම්බෙන අරක්කු ටික...

    ගෑනු ළමයට ට හෙන අවුල්ලු... ඇයි ඉතින් ස්වාමි පුරුශයගේ අතිජාත යාළුවො අරක්කු බොනව කිව්වම...
    අපේ යාළුවත් නිකන් ඉන්නවලු ජීවිතේට අරක්කු දැකල නෑ වගේ...

    මට සිද්දිය කියපු එකයි මායි අතර සංවාදේ...

    " උබට කියන්න බන් ****** අපි දිහා බලන් හිටියේ ජීවිතේට නොදැකපු එව්වො දිහා බලනව වගේ... ඌ හරියට ජීවිතේට අරක්කු දැකල නෑ වගේ.. ඒ උනාට උගේ මූනෙ තිබ්බ දුක... අඩෝ ඇස් දෙකේ කඳුළුත් තිබ්බද කොහෙද බන්... "

    " පව් වැඩේ බන්.. ලොවෙත් බීපු එකෙක් නේ... ඇඩෙන්න ඇති... ඉතින්.. "

    " ඔව් බන්.. මූන නිකන් දෙහි ලෙල්ල වගේ... වට පිට බලනවා.. ඇබරෙනවා... "

    "පට්ට ඕයි... මම හිටියෙ නෑනේ... ශික්.. ඉතින් කියපන්කො... "

    "ඉතින් ඌ ඇඩූ කඳුලින් ඉද්දි අපි බිව්වා... අපි නොබී ඉන්නද බන්.. දෙන ගාන කවර් වෙන්නවත් බොන්න එපැයි... එළම සීන් එක ඒක නෙමේ බන් අපේ සමහර එව්ව්වො උගේ වයිෆ් ට බයේ අරක්කු නොබී බියර් බිව්වනේ... "

    "අම්මට හුඩු ඒ කවුද බන් ? "

    නම් 2 ක්... ( ලොවෙත් අරක්කු බීපු අපේ උන් දෙන්නෙක් ගෙ නම් )

    "මොකා.. ? යකෝ ****** නොබී හිටියේ උගේ වයිෆ් නිසා කියමු... ඇයි අරුන් දෙන්න ?? "

    "පස්සෙ ඇහුවම කිව්වෙ උන් කිව්වෙ තත්ත්වෙ තියා ගන්න කියල "

    "මොන හුන්නස්ගිරියේ තත්වයක්ද බන් අපිට ?? "

    "හක් හක් හක්... "
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රාත්‍රිය උවමනා කර තිබේ
    නිදන්නට නොව
    ලොවින් සැඟවෙන්න
    කණා මැදිරියනි
    එපා ගෙට එන්න
    රාත්‍රිය උවමනා කර තිබේ
    වැළපෙන්න
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා...

    ඔය තුරුලේ මෘදු දෙතොලේ - සුව යහනේ හාදු තියා..
    නෙතු නොනිදා ඔබම සිතා - සැනසුනදා නැ ආයේ එන්නේ...