☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මට සමාවෙන්න කියන්නෙ නෑ ඔබ ළඟ වැටිලා
    ඔය දෑස් ආයෙ බලන්නෙ නෑ මේ ඇස් ඇරලා
    හමුවන්න ඉතින් පතන්නෙ නෑ ආයෙ නම් ඔයා
    මට දුන්නු දුකම ඇති මට මේ ආත්මය පුරා

    :angry::angry:
    ​
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එල එල... මටනම් විශේෂයක් නෑ බං.ශේප් එකේ ඉන්නවා.. :rolleyes:

    ela ela...awulak nathnam echcharai...:)

    මට සමාවෙන්න කියන්නෙ නෑ ඔබ ළඟ වැටිලා
    ඔය දෑස් ආයෙ බලන්නෙ නෑ මේ ඇස් ඇරලා
    හමුවන්න ඉතින් පතන්නෙ නෑ ආයෙ නම් ඔයා
    මට දුන්නු දුකම ඇති මට මේ ආත්මය පුරා

    :angry::angry:
    ​

    :D:D

    :yes::yes: තව ටිකකින් රිදිලා එයි මරු කියෝගෙන :rofl:

    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මතකයට මගේ ඔබ නැගෙන විට
    දෙනෙත් පුරා එයි කඳුළැල් නොසිතුව විලස
    සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ඳ
    සිහි වනවිට අදටත් හඬයි මගෙ සිත

    කියා දුන්නෙ ආදරය මට ඔබ නොවෙද
    උහුලන්නට බැහැ තවමත් දුන්නු ගින්දර
    වුණු වරදට සමාවෙන්න තවදුරටත් මට
    වෛර කරන්නෑ මා නම් පෙම් කළ ඔබට

    බැන්ඳ සෙනෙහස මහ මෙරක් සේමා
    සද්දයක් නෑ තාම ගම ඒමා
    බැද්දෙ මල් ඕනෑ තරම් පිපිලා
    හිතේ නුඹමයි එකම මල ඒ මා

    නිල්ල ගෙනිහින් කන්ඳ පාමුලට
    හැන්දෑ යාමේ හමුවෙනා තැනට
    මන්ද මං මේ තරම්
    අන්ද මන්දව ඉන්නෙ නුඹෙ පෙමට

    මේ දිය ඇල්ල වුණත් වෙනස් වෙයි නඟේ
    ලිපිණය අරන් යන්න අද මගේ
    ඔය හිත වෙනස් වෙනවා හිතලා මා කෙරේ
    අසුපිණි ඇල්ල ලඟම හමු වෙමු නගේ

    අසුපිණි ඇල්ල ලඟදි ඔයා හමුවුණා
    අන්තසතු මලක් කියා ඔයා මිමිණුවා
    පිණි මල් වැස්ස අපිව එකට තෙත් කලා
    අසුපිණි ඇල්ල අපිට ඔච්චම් කලා

    ඈ ආවේ නැති හැන්දෑවේ
    කාලය ඉබි ගමනින් යනවා
    සඳ මඬලේ ඔය සිනහව සරඳම්
    ඇය හින්දා මං ඉවසනවා

    අහසේ ඉඟිලෙන කුරුල්ලනේ
    දුටුවෙද නුඹලා ඈ එනවා
    රහසේ මුමුණන පෙම්වතුනේ
    නුඹලා මගෙ හිත රිඳවනවා

    රහසින් නළලත සිපගෙන කොඳුරා
    මට ආදරෙයි කියා
    අපි තව දවසක මේ ලෙස හමුවෙමු
    කියලා වෙන්ව ගියා
    ඒ ලස්සන දවසේ මතක හිතේ ගැවසේ

    ඉස්සර විදියට ඔබව වැළඳගෙන
    ළංවෙනු බැරි නමුදූ
    දුරින් සිටින විට ආදරේ වැඩියි
    තරහද මගෙ දෙව්දූ

    ලා රෝස තොල් අතර මතු වූ සිනා
    ඔය දෙනෙත ඉඟි කරලා මට කී කතා
    සිහිවෙද්දි ආයේ අද ඊයෙ වාගේ
    සිත මාගේ පෑරී දෙනුවන් තෙමෙයි

    මා ගයන මේ ගීය ඔබටයි ඉතිං
    ඇසුවාද මිහිරියිද සොදුරී කියන්
    පෙම් හසුනෙ ඔබ ලීව කවිපද වලින්
    මේ ගීය මා ගැයුවෙ ඔබගේ නමින්

    සඳ එළියත් පරදා ඔය වත ඇඳෙනා
    හසරැල් මට ගෙන ආවා පෙම් සිහිනා
    රසයක් කොඳුරා කියනා නිල් දෙනෙතා
    හමුවන විට සැලුණා මගෙ හිත බෝමා

    සුළඟේ දැගළිලි පානා කෙහෙරැලි
    දෙතොලේ නිතරම ඇඳෙනා හසරැලි
    ලෙංගතු වී ආදරයට සිතුවිලි
    සිහිවනකොට නෑ ඔයාව ඉවසිලි

    නුඹගේ ළය තුළ තුරුලු වෙලා මම
    පෙම්බස් කී හැටි සිහිවෙයි සැමවිට
    දෙදෙනා හමුවී කූඩු තැනූවද
    විසිර නොයන්නට පැතුම් පතමි මම

    සුදු මල් මිට ගෙන හැමදාමත් මම
    හවසට එනවා ඔබෙ පැල්පත වෙත
    නුඹ හමුවීමෙන් පෙම් සුව අද ඇත
    නුඹ නොසිටියොතින් දුකද දැනේ මට

    සිහිනය බිඳලා හිටි හැටියේ
    හදවත රිදුනා හොර රහසේ
    මේ හැටි රිදවුම් මේ නෙතු කඳුළැල්
    මට විතරක් දැනුණේ
    ඇයි නෑ මම දන්නේ

    තනියෙන් ඉන්නං මුළු ජීවිතයම
    ආදරයෙන් දුක ලැබුණ නිසා
    සමුගෙන යන්නම් ඔබගෙන් ඈතට
    යන්නට මා හට කියන නිසා

    ඔබෙන් මෙමට දරු සම්පත නොලද නිසා
    දෙමාපියන් මාහට කී කතා අසා
    සුරාමතින් මා මත් වීලා දවස පුරා
    තලා පෙලා ඔබහට අපහාස කලා

    කඳුළක් වී යුග දිවි මඟ අඳුරු වුණා
    දෙදෙනට දෙදෙනා හඳුනා නොගත් නිසා
    මැවූ සිහින නෙතු අද්දර බොඳව ගියා
    පෙර ලෙස මා යළි ලොව තුළ තනි වූවා


    ​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    මුදු මුහුණේ සුව දැනුනේ
    පිය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමි සඳුනේ මට විතරද...

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ මන් විතරද
    උර තලයේ හිස රන්දා
    සුව වින්දේ මන් විතරද...

    ඉඟ නෙරියේ රැළි බින්දේ
    පිය ලඳුනේ මන් විතරද
    ඉඟ නෙරියේ රැළි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද...