මගේ යාලුවොත් ආසයි, කෙල්ලත් ආසයි.. මං ආස නෑ බං..
ආස නෑත් නෙමෙයි කලින් කිව්වා වගේ කන්න අමාරුයි..
බඩ පුරෝ දානවා බං.. ඔය ටිපිටිප් කෑවමත් එහෙමයි..
දුරියන් කන්න ආසද..?
එකපාරක් අපේ එකෙක් දුරියන් උස්සන් ඇවිත් මුලු ඔෆිස් එකම ගඳයි බං..
පැත්ත පලාතෙ යන්න බෑ.. එපා වෙලා හිටියෙ.. මං ඒ ගඳ යන්න එයා ෆ්‍රෙශ්නර් එකක් ගැහුවා.. ටහිකිලා ගියා.. දෙකම මික්ස් වෙලා ගූ ගදක් වගේ ආවෙ.. හැබැයි දුරියන් කන්න ආසයි..
ඔය වගේ කැ# සීන් එකක් මට ඊයෙ පෙරේදා උනා බං.. ෂැම්පු එක ඉවර වෙලා මං කඩේ යන එකෙක්ට කියලා ෂැම්පු පැකට් දෙකක් ගෙන්න ගත්තා.. ඌ ගෙනාවෙ ලයිෆ් බෝයි එකක්.. ඉතිං ඕක ගාලා ඉවර වෙලා මං රීබෝන් Silicone Hair Oil එක ගෑවා.. තනිකර ගූ ගදක් ආවෙ බං.. අන්තිමේ ආයෙම නෑවා.. මලලසේකරක් උනේ.. මම අරූට කෑගහුවා මොකක්ද උට්ටො උස්සං ආවෙ කියලා.. තොට එපා නම් මට දියං කියලා ඌ ඉතුරු එක උස්සං ගිහින් ගාලා.. ඔන්න පොර පහළට බහිනවා.. මට ඇහෙනවා එකෙක් කෑගහනවා හෙන බලු ගූ ගඳක් එනවා කිය කිය අල්ලපු කාමරේ ඉඳන්.. මමත් ඔය පැත්තට ගියා මොකෝ බං මැරෙන්න හදන්නෙ කිය කියා..
ඒපාර කට්ටියම උන්ගෙ කාමරේ.. එකෙක් අරූ ගාවට ගිහින් කිව්වා.. මෙන්න මුගේ ඔලුවෙන් බං එන්නෙ.. තෝ ඊයෙ ගූ ගොඩකද නිදාගත්තෙ කියලා.. බැලින් නම් ඩයල් එක අර ෂැම්පු එක ගාලා ජෙල් එකකුත් ගාලා ඊට උඩින්.. පට්ට ගඳයි.. මතක ඇති කාලෙක ලයිෆ්බෝයි ෂැම්පු නම් ගාන්නෑ කියල හිතාගත්තා බං..









නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන්.
අළුත් ත්‍රේඩ් එකක් දැම්මොත් පී ඇම් එකක් දාපල්ලා.