☸ ත්‍රිපිටකය පරිශීලනයට උපදෙසක් ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    ත්‍රිපිටකය පරිශීලනය කරන ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්. මුල් කතෘ අයිතිය සුරැකීමට blog link එක පමණක් මෙහි යොදන්නම්.

    https://liyanarala.blogspot.com/2014/05/blog-post_5006.html?m=1


    මෙම දීර්ඝ ලිපියෙන් කෙටි උපුටා ගැනීමක් 👇

    "අද මේ සයිබර් අවකාශයේ ත්‍රිපිටකය දිගහරින අපේ සමහරු 'ධම්මපදය' ත්‍රිපිටකයට අයත් කෘතියක් බවවත් නොදන්නා තරම්ය. ඔවුන් ඇද බාන්නේ දීඝ හෝ මජ්ඣිමනිකායෙනි. ධම්මපදය කියවූ පසුව කියවිය යුත්තේ, උදානපාළියය. ඉන්පසුව මිළින්ද ප්‍රශ්නයය. අනතුරුව නෙත්තිපකරණය හා පෙටකෝපදේශය කියවිය යුතුය. එයිනුත් පසුව පටිසම්භිදාමග්ගය කියවිය යුතුය. මේ සියල්ල කියවූ පසු ත්‍රිපිටකයට අයත් සෙසු පොත් කියවන්නට සුදුස්සෙක් වෙයි. සූත්‍රපිටකය මුලින් කියවිය යුතු බව සැබෑය. හැබැයි ඒ දීඝනිකායෙන් නොවේ. අංගුත්තර නිකායෙනි. අනතුරුව සංයුත්තනිකාය. ඊටත් අනතුරුව දීඝ සහ මජ්ඣිමනිකායන් කියවිය යුතු වේ. සූත්‍රපිටකය කියවීම අවසන් කළ යුත්තේ සුත්තනිපාතයේ අට්ඨක පාරායණ වග්ග කියවීමෙනි. මේ මා උගත් විදිහයි. මාස තුනක් එක දිගට දිවා රෑ නොබලා මා ත්‍රිපිටකය කියවූ ආකාරයට උඩුවෙල සුමන හාමුදුරුවන් ඇහින් දුටු සාක්ෂ්‍යකරුවෙකි. පසුව විනය පිටකය. විනය පිටකය කියවන්නට පෙර ප්‍රාතිමෝක්ෂ විවරණය කියවිය යුතුය. විනය කියවීම ආරම්භ කළ යුත්තේ මහාවග්ගපාළියෙනි. චුල්ලවග්ගපාළි, පරිවාරපාළි අනතුරුව කියවිය යුතුය. පාරාජිකපාළි සහ පාචිත්තිය පාළි කියවන්නේ අවසානයටය. අභිධම්මත්ථසංගහ හොදින් හදාරා ඇති අයෙකුට අභිධර්මය දැනට තියෙන අනුපිළිවෙලටම කියවිය හැකිය. ඒ පොත් පෙළ ගස්වා ඇත්තේ එය හැදෑරිය යුතු පිළිවෙලටය. මෙය මා උගත් ක්‍රමයයි. "

    @Fiona Dabare @nuwan9999 @Emios
    ------ Post added on Aug 22, 2025 at 5:31 PM
     
    Last edited: