♓ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    bb_copy_675x410.jpg
    හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ් ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුටයි.

    ඉකුත් මස 16 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ඒ අනුව ලබන මස 24 වැනිදා දක්වා සිය නිවසේ දී ස්වයංව නීරෝධායනය වන බවට දැණුම් දී ඉකුත් 10 වනදා ඔහු වැලිකන්ද රෝහලෙන් මුදා හැර තිබෙනවා.

    හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වනදා ඔහු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

    ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාලයේ ඔහුගේ මවද නිවසේ රැදී සිට ඇති අතර මවද කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

    Neth