♠ මුහුදු මැද ඔහේ පාවෙන ♠

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♠ මුහුදු මැද ඔහේ පාවෙන ♠

    ... මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක් ...





    arkhotel-6.jpg



    ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල් අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩනැඟිලි අප හට අරුමයක් නොවේ. ගොඩබිම මත මෙන්ම මුහුද මැද දූපත් වලත්, එතැනින් නොනැවතී දැවැන්ත නෞකාවන් තුලත් අපූර්ව ආකාරයේ හෝටල් ඉදිවී තිබේ. නමුත් මේ සියළු නිර්මාණ සංකල්පයන් අභිබවා යන විප්ලවීය හෝටල් සැලැස්මක් ගැනයි මේ දිග හැරෙන්නේ...


    මේ අමුතුම ආකාරයේ හෝටලය ගොඩබිමට කිසිදු සම්බන්ධයක් නැති මුත් දූපතක් මෙන් ස්ථාවරව පිහිටයි. තමාට ආශ්වාස ප්‍රාශ්වාස සහා අවශ්‍ය වායුව, ආහාර බෝග, ජලය හා බලශක්තිය පවා මෙම පද්ධතිය මගින් තනිව නිපදවා ගනී. එමෙන්ම වඩාත්ම වැදගත් වන්නේ අනන්‍ය ජෛවීය ඒකකයක් ලෙස තනිව පැවතීමට මෙම මොඩලයට ඇති හැකියාව හා ඕනෑම ස්වභාවික ව්‍යසනයකින් ආරක්ෂාකාරී වීමට එයට ඇති සුවිශේෂී හැකියාවයි.


    arkhotel-1.jpg



    Remistudio නම් රුසියානු සමාගමක් විසින් ඉදිරිපත් කර ඇති මේ නව හෝටල් සංකල්පය පාවෙන ආවෘත පද්ධතියකි. ජල ගැලීම්, උදම් තරංග, සාගර මට්ටම ඉහළ යෑම, භූ කම්පන ආදී ස්වභාවික ව්‍යසනයන්ට ඔරොත්තු දිය හැකි පරිදි මේ පද්ධතියේ නිර්මාණ සැකැස්ම සාදා තිබේ. මෙහි පිටත බ ගෝලාකාරව නිමවා ඇති අතර සුවිශේෂී අංගය වන්නේ භූ කම්පන වැනි හදිසි අවස්ථාවකදී මුළු සැකිල්ලේම බර සමානව ඛෙදී යන පරිදි නිමවා ඇති ආරුක්කු හා කේබල පද්ධතියයි. මේ සැකිල්ල නිර්මාණය කිරීම ඉතා පහසුවෙන් හා වේගවත්ව නිම කළ හැකි අතරම එහි ශක්තිය හා දරාගැනීමේ හැකියාව ඉතා ඉහළ බව නිර්මාණකරුවෝ පවසතී.


    16233089947_8NDX7.jpg



    මෙම සම්පූර්ණ පද්ධතියම ගෝලාකාර ස්වරූපයක් ගන්නා අතර එයින් එක් අර්ධයක් මුහුදු මට්ටමින් පහත පිහිටයි. මේ පහළ අර්ධය තුල පද්ධතිය ස
    හා අවශ්‍ය වන ජලය ගබඩා වන අතර අවශ්‍ය වන බලශක්තිය නිපදවීම වැනි කටයුතු සිදුවේ. ඉහල අර්ධ ගෝලය තුල නේවාසික කාමර හා අනෙකුත් පහසුකම් සපයා ඇත. මෙම කොටසේ විවෘත අවකාශයන්හි ගස්වැල් සිටුවා උද්‍යාන පද්ධතියක් ලෙස අලංකාර කර තිබේ. එමගින් මේ පද්ධතියට ස්වභාවික පරිසරයක් නිර්මාණය වන අතර එහි අභ්‍යන්තර පද්ධතිය සමතුලිත කිරීම සහාද එයින් සහාය ලැබේ. එමෙන්ම මෙහි බාහිර වැස්ම තුලින් එන ස්වභාවික ආලෝකය මගින් අභ්‍යන්තර කුටි ආලෝකවත් කිරීම නිසා අමතර ආලෝකකරණයක් අවශ්‍ය නොවේ. මේ පද්ධතිය සහා සූර්ය කෝෂ පද්ධතියක් හා වර්ෂා ජලය එක්රැස් කිරීමේ පද්ධතියක් ද ඇතුළත් වේ. එමෙන්ම මෙහි පිටත රාමුව සහා යොදා ඇත්තේ ඉබේම පිරිසිදු වන එතිල්-ටෙට්රා-ෆ්ලෝරො-එතිලීන් : (ethyltetrafluoroethylene -ETFE) නම් ප්‍රතිචක්‍රීකරණය කල හැකි තුනී ස්ථරයකි.

    arkhotel-11.jpg

    ඇතුළත මධ්‍යයේ ඇති අවකාශයේ ගස් සිටුවා ඇති ආකාරය...

    arkhotel-9.jpg

    ස්වභාවික ආලෝකය හා ස්වභාවික පරිසරය...

    arkhotel-14.jpg

    ඉදිරිපස පිවිසුම දක්වන ත්‍රිමාන දර්ශණයක්...

    arkhotel-13.jpg

    මෙම නිර්මාණයේ සැකැසුම...


    ජෛව-පාරිසරික කාර්යක්ෂමතාවය හැරුණු විට මෙහි ආකර්ශණීය නැවුම් නිර්මාණ සංකල්පය නිසා මේ නව පාවෙන හෝටල් පද්ධතිය සංචාරක අවධානය දිනා ගනු ඇතැයි මෙහි නිර්මාණ සමාගම විශ්වාසය පළ කර සිටී. විද්‍යා-ප්‍රබන්ධ සිනමා පට වල දක්නට ලැඛෙන ආකාරයේ මෙවැනි විශ්මිත අධි තාක්ෂණික නිමවුමක අත්දැකීම වර්තමානයේදීම විගන්නට ලොව පුරා සංචාරකයන් පුල පුලා බලා සිටිනු නිසැකයි..

    :):):)
    source:
    Code:
    http://chathucn.blogspot.com