♥ සුන්ඳර ඒන්ජල් දිය ඇල්ල ⌡ Angel Falls ♥

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥ සුන්ඳර ඒන්ජල් දිය ඇල්ල ⌡ Angel Falls ♥



    වෙනිසියුලාවේ පිහිටි ලොව උසම දිය ඇල්ල ලෙස පිලිගත් ඒන්ජල් දිය ඇල්ල (
    Angel Falls ) ගැන විස්තර කීහිපයකි මේ..

    මෙහි උස
    979 m තරම් වේ.. Auyantepui කඳු මුදුනෙන් ආරම්ඹවන මෙය ප්‍රකට නයගරා දිය ඇල්ල මෙන් පහලොස් (15) ගුණයකි.. මෙයට Angel ලෙස නම ලැබ ඇත්තේ, Jimmie Angel නමැති ඇමරිකන් පියාසර කරුවකු මෙම දිය ඇල්ලට හරහා විසිවන ශතවර්ෂයේ පමණ ගමන් කිරීමයි..

    විශාල සOචාරක ආකර්ෂණයක් හිමි මෙම සුන්ඳර දිය ඇල්ලේ රූප පෙලකි මේ..

    att00001oz.jpg



    att00002vd.jpg


    උස මීටර් 979, අඩි වලින් ගත්තොත් අඩි 3212 ක් වෙනවා. ඒ වගේම මේකේ වතුර කිදා බැහීම මීටර් 807 ක් වෙනවා. කොහොමද නේද?

    att00003f.jpg


    att00004o.jpg


    ගොඩක් උසක ඉදන් වැටෙන නිසා, පොලව මට්ටමේදී විසිරෙන ජල බින්දු වලින් හැදෙන මීදුම 1.6km ප්‍රදේශයක් පුර ව්‍යාප්ත වෙනවා.

    att00005c.jpg


    මේකෙන් වැටෙන ජලයෙන්Kerep,Churun සහ Carrao කියන ගංගාවල් තුනම පෝෂණය වෙනවා

    att00006vd.jpg


    මේක ලෝකයෙන් හැංගිලා තිබු දෙයක් මේක හොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ Jimmie Angel කියන ඇමෙරිකානු ජාතිකයට. ඔහු ගුවන් යානයකින් සංචාරය කරද්දී 1933 නොවෙම්බර් 16 වෙනිදා තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඒ වෙද්දී ඔහු ගමන් කල ගුවන් යානය අනතුරකට ලක් වෙලා, ඒ ඔහු මෙහි කදු මුදුනක් ඔහුගේ ගුවන් යානය ගොඩ බස්සවන්න ගිහින්. මේ ගමනට ඔහුත් සමග තවත් තිදෙනෙක් ඔහුගේ බිරිදත් සමග සහබාගි වෙලා තියනවා. ඔවුන් දින 11 ක් පාගමනින් ආපසු පැමිණ තිබෙනවා. ඒ අතරදී තමයි මෙම දිය ඇල්ල දක්නට ලැබිලා තියෙන්නේ. Jimmie Angel විසින් සොයා ගනු ලැබූ නිසා මෙයට Angel කියන නම ලැබිලා තියනවා. ඔවුන් නැවත ඇමෙරිකාවට යන්නේ 1937 ඔක්තෝබර් මාසයේදී. වසර 33 කට පසුව හෙලිචොප්ටෙර් ආදරයෙන් ඉවත් කර ගන්න තුරුම, Angel ගේ ගුවන් යානය හොදින් කදු මුදුන මත තිබිල තියනවා. දැනට එය Cuidad Bolivar ගුවන්තොටුපල අසල කෞතුකාගාරයක තැන්පත් කරලා තියනවා.

    att00007iu.jpg

    as at 2012-05-10

    att00008s.jpg




    gR5i.gif



    :D:D:D
    :love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගූඩ් පොස්ට්,නිකමට හිතන්න ඔය කන්ද උඩ කොච්ච්‍ර වතුර ඈඩ්ද...?