♫.කසුන් කල්හාර හොදම ගී පද.♫(update..)

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ වීනාවී...

    ♫ වීනාවී...

    වීනාවී උරතලයේ රැදෙන්න
    සත්සර රැව් නඟන්න..වීනාවී
    කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරි මදින්න..කොවුලාන

    තරු මල් හිස අහසට - නිල් සළු නිලි යහනට
    නිදන්න යාවී තරින්දූ...
    කඩුපුල් මල් යායට - පෙම් බැද ගෙන සුවදට
    නොනිදයි මගෙ බඹරින්දු...

    වීනාවී....//

    නියඟින් තදින් තදට - පැන හදවත සොයන්න
    අවසර දෙයිද එ ලන්දු...
    මා හද මඩලට එයිද - කව්රුද කියන්න මට
    දුක සැප අසන නිරින්ඳු...

    වීනාවී....//
     
    ♫ තරු කැටයක් වී...

    තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
    පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
    ඒ තනිකම හැරදා...
    තරුකැටයක් වී - රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් - දිවිය වෙලා...
    පිණි දිය වැටෙනා සැන්දෑ - අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා...
    ඒ තනිකම හැරදා...

    පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
    ඔබේ..............ජීවිතේ....
    ඔබේ..........ජීවිතේ....



    බොහොම ස්තුතියි යාලුවා
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ඇරඹුමම කඳුලක් වෙලා...

    ♫ ඇරඹුමම කඳුලක් වෙලා...

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//

    දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා...//
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈගියා...

    ඇරඹුමම කදුලක් වෙලා...//

    ශෝකාන්තය එන තුරා
    එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...

    ඇරඹුමම කදුලක් වෙලා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සොදුරු සිතුවම්...

    ♫ සොදුරු සිතුවම්...

    සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
    එක මිටින් ගෙනැවී...
    ඔබේ හි‍‍‍තේ ඉහිරමි...//

    මේ දාහයේ දාඩියරේ
    හිරුගේ මඟ අවුරා...
    සද ගෙනැත් තබමින්
    සද එලිය නාමින්...

    සොදුරු සිතුවම්...//

    රතු පාට හැන්දෑවේ
    දෑ‍ස දෙස නොබලා...
    වෙන්වෙලා අවුදින්
    සිහින සිතුමිනකින්...

    සොදුරු සිතුවම්...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සුළඟ ඔබද...

    ♫ සුළඟ ඔබද...

    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
    තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
    එයා ඔබද යලි හමුවෙන්න එනවද...//

    ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
    හුරතලයට දෝ මුහුණ වහන්නේ
    තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
    යලි කවදාදෝ ආපසු එන්නේ..

    සැනසීමටදෝ...ඈත බලන්නේ
    ආදරයට දෝ මට රිදවන්නේ...
    කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
    යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ආදර මල් වල...

    ♫ ආදර මල් වල...

    ආදර මල් වල පාට කියන්නද
    මේ වගෙ ලස්සන තව නෑ
    මේ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කල
    සමනල් සිහිනය පිපුනා...
    සමනල් සිහිනය පි පු නා...

    දේදුනු රේඛා - දෑසම තවරා..
    තවමත් මල් සිත - බලා සිටිනවා..
    මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
    දෑස හොරෙන් ඈත‍ සොයනවා..
    අදුර මැදින් එන්න සදලියේ...

    දේදුනු සායම - දෑස‍ බොඳ කල
    මාලති යායක හැලිලා...
    මාලති යායක හැලිලා...
    සීතල හිම කදු යාය පිය මැන
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ මල් වරුසාවේ...

    ♫ මල් වරුසාවේ...

    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ...තරු කැට අතරින්
    ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....

    පිණි දිය විසිරුනු ගං ඉවුරේ
    දිය රල බිදුනේ ගී හඩ සේ..
    ඔබ මා වූ සිහින පැලේ
    සෙනෙහේ දැනුනේ...
    මල් වරුසාවේ...පාවී එන්නම්
    පාවී එන්නම්.....

    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අදුරේ තරු කැට අතරින්
    ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
    සීත රැයේ තනිකම නොදැනේ
    නිල් ආකාසේ...පාවී එන්නම්...
    පාවී එන්නම්.....
    පාවී එන්නම්.....
     
    • Like
    Reactions: JAASBandara