♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    හොදයි ඔන්න හැමෝටම තවත් හොදම අවස්ථාවක් මගෙන්, විශාරද වික්ටර් රත්නායක මහතානන්ගේ හදවතට දැනුනු හොදම ගීත වල පද මෙසේ ඔබට ඉදිරිපත් කරන්නම්...!!!
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සිහින සතක් දුටුවෙමි මම...

    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එක විලසට
    එක සිහිනෙක ඔබ දුටුවා
    සිඟන්නියක සේ...//

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    අයාචනයක් කරමින්...//
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා...

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත...//
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකයි...

    එදා ම‍ගේ හද අරගත්
    ඔබ අද වැඩි පොහොසත්...//
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සඳකැන් වැටිලා - අඳුරේ එතිලා...

    සඳ කැන් වැටිලා අදුරේ එතිලා
    ඝණදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝණදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ...//
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ....

    සඳ කැන් වැටිලා...

    ‍මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැදගෙන හිදිමි බලා...//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා...

    සඳ කැන් වැටිලා...
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සඳ කැන් වැටිලා අදුරේ එතිලා
    ඝණදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝණදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ...//
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ....

    සඳ කැන් වැටිලා...

    ‍මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැදගෙන හිදිමි බලා...//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා...

    සඳ කැන් වැටිලා...


    meka sathya siddiyak asuren liyapyu 1k ;)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ' සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ ' ගීතයේ පදමාලා තියෙනවාද ?
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එක විලසට
    එක සිහිනෙක ඔබ දුටුවා
    සිඟන්නියක සේ...//

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    අයාචනයක් කරමින්...//
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා...

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත...//
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකයි...

    එදා ම‍ගේ හද අරගත්
    ඔබ අද වැඩි පොහොසත්...//
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ...//

    mekata math asai, fatta :yes::yes::yes:
     
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ

    ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී
    හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී
    මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වී
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා
    තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
    මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
    මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා
    මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
    හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
    මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


    ගීතය : සසර සැරි සරණ තෙක්
    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    http://www.youtube.com/watch?v=-rsMlwt23kc
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....


    @ vihanga119: බොහොමත්ම ස්තූතියි සහෝ "තනිවෙන්නට" ගීතය එකතු කරාට ඉදිරියටත් ගීත එකතු එකතු කරන්න කියල අරාධනා කරනවා...
     

    vindya87

    Member
    Sep 18, 2010
    39
    1
    0
    i dnt know
    අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
    හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
    මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්...

    ♫ අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්...!

    අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...//
    හඳපානේ - මද අඳුරේ
    අත් පටලා යමු ආයේ...//

    ඔබ ඔබෙ ‍හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී...//
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳපානේ - මද අඳුරේ

    හඳපානේ - මද අඳුරේ
    අත් පටලා යමු ආයේ...//

    හිරකර හස‍රැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්...//
    මතු ආත්මයේ හමුවන පැතුමින්
    යමු වෙන් වී හිමිදිරියේ...

    හඳපානේ - මද අඳුරේ
    අත් පටලා යමු ආයේ...//


    http://www.youtube.com/watch?v=IoJARvwppzs
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    එක කුඩයක් යට.....

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ//

    කිසිවෙකු සමගින් එකට තුරුලුවී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ...//

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ

    මද අව් රස්නෙට වුව සෙවනක් නැත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ...//


    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ
    ...//

    ම්ම්ම්ම්...ම්ම්ම්ම්...ම්ම්ම්ම්...ම්ම්ම්ම්...
     
    • Like
    Reactions: Climax

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී
    හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී
    මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වී
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



    ගීතය : සසර සැරි සරණ තෙක්
    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    http://www.youtube.com/watch?v=-rsMlwt23kc

    මම මේ සින්දුවට ගොඩාක් ආසයි. ගීපද දැම්මාට ගොඩක් ස්තුතියි
    :) :)
     

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ.....
    ​ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුනේ....

    ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ..ඇදුරු තුමියයි
    යොවනේ...//
    සෝකයේ රුදු වේදනාවේ කදුලු සයුරේ... උල්පතයි ...

    දෛවයෝගයකින් නොවේදෝ....

    නදුන් උයනයි ස්නේහයේ ඔබ...සදුන් සිසිලයි ජීවිතේ...
    සොම්නසේ අනන්දයේ...හසරෑල් තරංගේ උල්පතයි...

    දෛවයෝගයකින් නොවේදෝ......
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මියුරු කල්පනා...

    ♫ මියුරු කල්පනා...නෙතක දැල්වුනා

    මියුරු කල්පනා - නෙතක දැල් වුනා
    අමයුරු රස හසකැන් මැද - සිතත් හිනැහුනා
    වරෙක නැලැවුනා - වරෙක ලතැවුනා
    නුපුරුදු ගිණි දහසක් මැද - සිතක් මැලැවුනා....
    මියුරු කල්පනා...

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි...//
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා...

    පිණි බිදකින් මුතු අමුණමි
    ගිණිසුරුගෙන් සීතල වෙමි...//
    කඩුතුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා...//


    ගීතය : මියුරු කල්පනා
    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්

    http://www.youtube.com/watch?v=MSHQhLtakYw
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ආශා නිරාශා මැවූ...

    ♪ ආශා නිරාශා මැවූ...

    ආශා නිරාශා මැවූ
    ඈ සප්න මායාවකි
    ‍ස්නේහේ ගගුල්
    ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍ර ජාලේ ඇයයි...//

    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ලංව ඉන්නේ සිතේ
    නිවා ලන්න දුක් ජී‍විතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා - රැයේ මා ළගයි
    මගේ පරම පෙම් අංගනා...

    ආශා නිරාශා මැවූ...//

    නෙතේ හැංගි හැංගී හිදී
    හිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්ද හාසේ දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා - රැයේ මා ළගයි
    මගේ පරම පෙම් අංගනා...

    ආශා නිරාශා මැවූ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    දිනෙක හිරු බැස යන වෙලාවෙක

    ♫ දිනෙක හිරු බැස යන වෙලාවෙක...

    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක...
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි...

    දිනෙක හිරු...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුථ වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත...

    දිනෙක හිරු...//