♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුණු දින
    ලෙංගතුය තවම ඔබ
    සුදු හාමිනේ...
    තනිකඩය තවම මම..//

    වස්සාන කාලයක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා
    මල් යාය බඹර ගී හඬ තලා
    කැකුළු පෙම මල් නටුව හැර ගියා

    පිවිතුරුය පළමු පෙම..

    කප්තුරට යදම් බැඳි තටු සලා
    සක්මනට නුහුරු සිත තනි කලා
    අවරගිර තරු වැටෙන් ගිලිහිලා
    සුභ නැකත රන් හුයක පැටලුණා

    පිවිතුරුය පළමු පෙම..

    ගායනය - කරුණාරන්ත දිවුල්ගනේ


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වැඩේ හරියන්නෑ.. :( එක ගායකයෙක්ගෙ සිංදු සේරම දානවා.. ඊට පස්සෙ තව ගායකයෙක්ගෙ දානවා.. මුලින්ම පටන් ගන්නවා එහෙනම් තුෂාර ජීවන්තගෙන්.. වැඩිය අහලා නැතුව ඇති මෙයාගෙ සිංදු.. පට්ටයි කියන්නෙ උපරිම පට්ටයි.. බූට් කාපු අයට අහනකොට හාට් එක රත් වෙනවා..:shocked: ඒ තරම් සිරා.. හරි හරි.. මම දාන්නම්.. සිංදු ටික.. ඇල්බම් හතරක් තියෙනවා දැනට.. හතරම දානවා.. JPEG විදියට දාන්න හැදුවෙ.. එහෙම දැම්මොත් වෙලා යනවා.. ඔන්න එහෙනම් පටන් ගත්තා..

    ________________________________________________

    අහස් ගඟ තරු පොකුරු අතරේ මාව තනි කරලා..
    පුංචි සුරදූතියක් වගේ ඔබ කොහෙද සැංගීලා..//

    දෙගුරුන් අප ප්‍රේමයට එරෙහි වී..
    මිල මුදලට දේපලට යටත් වී..//
    අප පෙම හමුවේ වෙන්වෙනු නොහැකිව
    ප්‍රේමයට සමු දී.. මගේ පුංචි කුමරී..

    පාලු සුසානේ සුදු කොඩි අතරේ
    ඔබ සිහිවී හැඬුවා රහසේ..//
    මතු භවයෙත් නුඹ මගේම වන්නට
    පතන්නම් කුමරී.. මගේ පුංචි කුමරී..

    අහස් ගඟ තරු..


    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහිංසක මගේ හිත තවත් රිඳවලා..
    මගෙන් සමු අරන් ඔබ යන්න අද ගියා..
    ඔබ නපුරු වෙලා ගියත් වෙන් වෙලා..
    ඔබ තරම් කෙනෙක් නොමැත හමුවෙලා..
    මා බලා හිඳිමි යළිත් එයි කියා..

    සංසාරෙ පැතූ පැතුම් නැහැ නිමක් වෙලා..
    අපි දෙන්නගෙ හමුවීමත් නැහැ වෙනස් වෙලා..//
    නපුරු හිතින් දුරස් වුණත් මා එපා කියා..
    සසර පුරුදු ලෙස ආයෙත් ඒවිමයි ඔයා..

    අහිංසක මගේ..

    මා රිදවූ මා හැඬවූ බව මතක් වෙලා..
    සුපුරුදු ලෙස යළි එනවා හිත වෙනස් වෙලා..//
    සමාවෙන්න කියනවාමයි වැරදි ඔබ කියා..
    සමා දෙන්න සූදානම් මගෙ නිසයි ඔයා..

    අහිංසක මගේ..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරලිය මල් සුවඳක් මට දැනුණා..
    නොයිඳුල් නුඹ රහසින් සිපගත් දා..
    පන්සල් සුවඳක් සේ සිත නිවනා..
    මගෙ දිවියේ හිමිකාරිය සැමදා..

    සසරේ පැතුමක් ලෙසේ අප හමුවුනේ සදා..
    නෑ යන්නේ ඔබ හැර දා..//

    සඳ තරු මල් නිදනා ඝනඳුරු රෑ..
    අවිහිංසක සිත නුඹවම පැතුවා..
    නෙතු නිදි නෑ නුඹ රුව මං සොයනා..
    තරු අතරේ නුඹ රුව මම සෙව්වා..

    දැනෙනවා මට කුමරියෙ නුඹෙ සුසුමේ සරය පවා..
    නෑ යන්නේ ඔබ හැරදා..

    සැමදා රෑ සිහිනෙකි මට පෙනෙනා..
    මගේ සිතේ දඟ කල අන්ගනා..
    අදහනු බෑ නුඹ නැති ලොවක් සදා..
    සත්තයි මගෙ ආදරෙ නුඹයි සදා..

    දැනෙනවා මට කුමරියෙ නුඹෙ සුසුමේ සරය පවා..
    නෑ යන්නේ ඔබ හැරදා..

    අරලිය මල් සුවඳක්..

    ගායනය - තුෂාර ජීවන්ත http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=13059909

     

    ocktaas

    Member
    Dec 18, 2010
    20
    0
    1
    මේ වැඩේ හරියන්නෑ.. :( එක ගායකයෙක්ගෙ සිංදු සේරම දානවා.. ඊට පස්සෙ තව ගායකයෙක්ගෙ දානවා.. මුලින්ම පටන් ගන්නවා එහෙනම් තුෂාර ජීවන්තගෙන්.. වැඩිය අහලා නැතුව ඇති මෙයාගෙ සිංදු.. පට්ටයි කියන්නෙ උපරිම පට්ටයි.. බූට් කාපු අයට අහනකොට හාට් එක රත් වෙනවා..:shocked: ඒ තරම් සිරා.. හරි හරි.. මම දාන්නම්.. සිංදු ටික.. ඇල්බම් හතරක් තියෙනවා දැනට.. හතරම දානවා.. JPEG විදියට දාන්න හැදුවෙ.. එහෙම දැම්මොත් වෙලා යනවා.. ඔන්න එහෙනම් පටන් ගත්තා..

    ________________________________________________

    අහස් ගඟ තරු පොකුරු අතරේ මාව තනි කරලා..
    පුංචි සුරදූතියක් වගේ ඔබ කොහෙද සැංගීලා..//

    දෙගුරුන් අප ප්‍රේමයට එරෙහි වී..
    මිල මුදලට දේපලට යටත් වී..//
    අප පෙම හමුවේ වෙන්වෙනු නොහැකිව
    ප්‍රේමයට සමු දී.. මගේ පුංචි කුමරී..

    පාලු සුසානේ සුදු කොඩි අතරේ
    ඔබ සිහිවී හැඬුවා රහසේ..//
    මතු භවයෙත් නුඹ මගේම වන්නට
    පතන්නම් කුමරී.. මගේ පුංචි කුමරී..

    අහස් ගඟ තරු..


    ගායනය - තුෂාර ජීවන්ත

    lassanai.......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක දවසක් හරි දැක්කේ නැත්නම්
    සිත නෑ වාවන්නේ..
    දුරකථනයකින් මා අමතන්නට
    ඇයි ඔබ හට අමතක වන්නේ..

    සුපුරුදු ලෙස අප හමුවණ උදෑසනේ..
    හමුවී සමුගෙන ගිය ඒ හැන්දෑවේ..
    මට තව මතකයි වෙන්වීමක් නම්
    තිබුනේ නෑ ළඟ ඇයි ඔබ අද නැත්තේ..

    එක දවසක් හරි..

    මොහොතක් පාසා හැඬවෙන දුරකථනේ..
    ඔබෙ කටහඩ නෑ ඔබ කොහෙදෝ ඇත්තේ..
    මට එක මොහොතක් ඔබ අමතාලා
    කියන්න කවදද ඔබ ආපසු එන්නේ..

    එක දවසක් හරි..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න..
    එපා එපා මගෙ සිත නම් රිඳවන්න..
    බාධක ආවත් නොසැලී ඉවසන්න..
    සඳක් වෙලා ඔබ මගෙ ළග නවතින්න..

    කාටත් නොකියපු රහසක් පවසන්නම්..
    රෝස දෙකම්මුල් ඩිංගක් සිපගන්නම්..
    වරදක් තියෙ නම් වැරදි හදාගන්නම්..
    කවදා හරි ඔබ මගේම වෙනවා නම්..

    හීනෙන් ඇවිදින්..

    ඇස් දෙක වාගෙම ඔබව බලාගන්නම්..
    පාළොස්වක සඳ ඔබට ගෙනත් දෙන්නම්..
    මගෙ ඇස් දෙක ළඟ ඔබ නවතිනවා නම්..
    දෑස පියෙන තුරු ඔබ ළඟ මම ඉන්නම්..

    හීනෙන් ඇවිදින්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ කඳුළට ආස කරපු මගේ රත්තරන්..
    දෙකපුල් දිග ගලන කඳුළු කියයි පෙම් වඳන්..
    පාරමිතා පුරපු හිතට දුන්නු ගින්දරින්..
    සතුටු වෙන්න පුළුවන් නම් හඩන්නම් ඉතින්..

    ළයට තියා බලාගත්තු මල් පොහොට්ටුව..
    පරවෙන්නට ඉඩක් දුන්නෙ රත්තරන් ඔබ..//
    කළුවර රැය පහන් කරපු සරා සඳ ඔබ..
    මා තනිකර අඳුරෙ ගියා හැංගුනෙත් ඔබ..

    මගෙ කඳුළට ආස කරපු..

    ඇස් දෙකේ කඳුළු රිදුම් දිදී බිමට වැටුණම..
    හිනා වෙන්න තරම් නපුරු වෙලා අද නුඹ..//
    පෙම්බර හිත පළුඳු කරලා දුන්නු ගින්දර..
    දැවි දැවි හිත විමසන්නෙම ඔබේ දුක සැප..

    මගෙ කඳුළට ආස කරපු..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් වගේ සුමුඳු හිත රිඳවා
    දෑසෙ කඳුළු බින්දු තියා..
    සිතුවෙම නැහැ කිසිම දිනෙක
    මා තනිකර යාවි කියා..//

    තරු කැට ගණන් කරන පාළු මේ රැයේ..
    ඇස් දෙක දිගේ කඳුළු බොඳවෙලා ගියෙ..//
    ඔබේ හිතින් මට දඬුවම් කලා දැන් ඇතී..
    ඉස්සර වගෙ හිනා වෙලා යන්න ඇයි බැරී..

    මල් වගේ සුමුදු..

    හදවත ගිණිගයි ඔබ සිහිවෙනා රැයේ..
    මතකයි ලෙන්ගතු ඔබෙ වඳන් මට ඇසේ..//
    හිතාගන්න බෑ ඇයි හිත වෙනස් වී ඔබේ..
    දරාගන්න බැරි දුක හිත පෙලයි දැවි දැවී..

    මල් වගේ සුමුදු..

    ගායනය - තුෂාර ජීවන්ත

    පට්ට නේ.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිපෙන පිපෙන මල් සේරම බඹරුන් ළඟ නැළවෙනා හැටී..
    හිතට දැනුණ දුක් ගින්දර කියන්න මට කවුරුවත් නැතී..
    නුඹට දුන්නු කවි සේරම නුඹ මට ආපසු දුන්නු හැටී..
    මතකෙට එන හැම වාරෙම ඇස අද්දර උණු කඳුළු කැටී..

    හිතේ සියුම් තැන් රිදවන ඔබේ හසුන් දිගේ නෙතු යවා..
    නෙතේ කඳුළකින් බොඳවන ඔය සිනහව මට විහිලු කළා..
    දැනී සුවඳ ඒ හසුනක පිපුණු මලක වියලි පෙති නිසා..
    මගේ හිතත් ඒ පෙති සේ පරවීලා වියළිලා ගියා..

    පිපෙන පිපෙන මල් සේරම..

    මගේ කඳුළු පිසලන විට ඔබේ සුවඳ ලේන්සුව අරන්..
    ඔබේ සුවඳ මට දැනුණා ඔබ මා ළඟ ඉන්නවා ලෙසින්..
    හිතේ අඳුර දුරු වෙනවා එදා මතක සුවඳ යළි ඇවිත්..
    ඇසේ කඳුළු වියලෙනවා මොහොතක් මගෙ සිතට නුඹ ඇවිත්..

    පිපෙන පිපෙන මල් සේරම..

    ගායනය - තුෂාර ජීවන්ත

    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෝස නෙළුම් ඉද්ද සමන් සෝමාවතියට පුඳන්න..
    සංසාරෙදි අපිදාමත් අපි දෙන්නා මුණගැසෙන්න..
    සොමාවතියට වඳින්න අපි දෙන්නා මුණගැසෙන්න..

    ථෝපා වැව ඉස්මත්තෙන් ඉර හැංගෙන හැටි බලන්න..
    ඒ මොහොතෙන් සඳ ඇවිදින් සිනා සලන හැටි බලන්න..
    මං ගාවම ඔබ හිඳින්න මොහොතක්වත් වෙන් නොවන්න..//

    රෝස නෙළුම් ඉද්ද සමන්..

    කැන්දාගෙන යන්න වෙයිද මන්දා රෑ කන්ඳ මතින්..
    ඒ හින්දා බයක් දැනෙයි මට ඔබ නැති වෙයිද සිතෙයි..
    මන්දාකිනි නැගෙන පැයේ යන්න වෙයිද ලොවට හොරෙන්..//

    රෝස නෙළුම් ඉද්ද සමන්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳක් වගේ ඔය මුහුණට
    හාදු දෙන්න මට ලෝභයි..
    මලක් වගේ ආදරයෙන්
    රැක ගන්නට මට ආසයි..//

    නින්ද නොයන රෑ ඔබ සිහිවෙනවා..
    ප්‍රථම හාදුවේ සුවඳ මහද නිවනවා..
    ඔබ නොදැක ඉන්න බෑ නෙතු කඳුළු පුරනවා..
    මගෙ හිත ඔබ ළඟට වෙලා ඔබම පතනවා..

    සඳක් වගේ..

    ඔබ කීව පෙම් වඳන් මට නිතර ඇසෙනවා..
    දෙතැනක සිටියත් ඔබ මගෙ ළඟම හිතෙනවා..
    මුළු අහස තරම් ආදරයක් හිතේ පිරෙනවා..
    මතු සංසාරෙත් ඔබ ලැබෙන්න පෙරුම් පුරනවා..

    සඳක් වගේ..

    ගායනය - තුෂාර ජීවන්ත


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳේ එළියෙන් පවා ඇඳුනේ නුඹගේ සිනා..
    රැයේ සිහිනේ වෙලා ඉඳින් මා හා ඔයා..
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා..
    මගේ පණ ඔයා..

    රෑ සිහිනෙන්වත් ඇවිඳින් හමුවන්න ඔයා..
    නුඹයි මගේ ජීවිතේ සදා..
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා..
    ආදරෙයි මා සදා..
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා..
    මගේ පණ ඔයා..

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා..
    අමාවකයි නුඹ නැතිවුණ දා..
    හත්දින්නත් තරු පොකුරෙත් දුටුවෙ නුඹෙ සිනා..
    ආදරෙයි මා සදා..
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා..
    මගේ පණ ඔයා..

    සඳේ එළියෙන් පවා..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාප දෙන්න බෑ මට නම් පෙම් කළ ඔබට..
    දරාගන්නෙ කොහොමද දුක කියන්න ඔබම..
    පමාවෙලා මං හැදිනුව ආදර කඳුළ..
    සත්තකින්ම දුකක් දුන්නෙ පෙම් කළ ඔබද..

    ඇස් කොනින් බලා ආදරයෙන් කතා කී ඔබ..
    අද දෙපැත්තකට වී මගෙ හිත රිදවනා ඔබ..
    සිහිවටනයක් ලෙසින් ඔබ දුන් රෝස මල ලඟ..
    තනිවුණා සත්තකයි කුමරියෙ සදහටම මම..

    සාප දෙන්න බෑ මට නම්..

    නිල් පාට අහසෙ ඉස්සර වගෙ පායලා හඳ..
    මම හදවතින්ම පැතු වස්තුව නෑ මගේ ළඟ..
    මන්දාරමක් වගේ සැඟවී බිඳුණු සෙනෙහස..
    සිහිවුණා රත්තරන් ගතවුණ මොහොතකම මට..

    සාප දෙන්න බෑ මට නම්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස මලක් තරමට ඔබ හරි අහිංසක..
    සමුගන්න හිතක් නෑ ඔබ මගෙ වෙලා සන්තක..//

    හදවතේ නොමැකෙනා ඒ රුව ඔබයි මට..
    දස දහස් වරක් සිතින් පැතුවේ ඔබයි මම..
    හීනෙකින්වත් දුරස් වී මට ඉන්න බැරී..
    තරමටම රත්තරන් මගෙ හිත ඔබට ලැදී..

    සුදු රෝස මලක්..

    මුලු ලෝකෙටත් වඩා වටින්නෙ ඔබයි මට..
    මගෙ හිත රැදෙන්නෙ හැම මොහොතෙම ඔබේ ළඟ..
    මගෙ ජීවිතේම ජීවත් කරවන්නෙ ඔබ..
    දිවි තියෙන තුරා මම ඉන්නවා ඔබේ ළඟ..

    සුදු රෝස මලක්..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහස තාමත් හිතාගෙන ඇති ඈ මගේ කියලා..
    පොඳ වැස්ස ඒ නිසයි එව්වේ උදෑසන ඉඳලා..
    අද නිවාඩුයි ඒත් මං අද ගෙදර තනි වීලා..
    ඈ එන්නෙ නෑ මං යන්නෙ නෑ තනි කුඩේ ඉහළා..

    පුංචි දේකට තරහා වුණෙ නම් දැන් ඒත් හුඟ කල්..
    නොකල වරදට සමා ගන්නට හිතෙන්නෙද නැතිනම්..
    දෙපස දෙදෙනා වසන්තයෙ සඳ බැස යාවි විගසින්..

    අහස තාමත් හිතාගෙන ඇති..

    කඳුළු සඟවා සිනහසී ඔබ මට තවත් රිඳවයි..
    රිදෙන මුත් ඉන් නොරිදුනා සේ ඉන්නෙ ආයාසෙන්..
    නොයිවසන සිත් ළං නොවේවා ඉවසනා තෙක් නම්..

    අහස තාමත් හිතාගෙන ඇති..

    ගායනය - තුෂාර ජීවන්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමතක කෙරුවට අමතක වෙන්නෙම නෑ..
    කොච්චර හැඬුවත් ඔබ ගැන දුක අඩු නෑ..
    ඉකිබිඳ කිව්වට මගෙ දුක අහන්නෙ නෑ..
    අමතක කෙරුවට අමතක වෙන්නෙම නෑ..

    පුරුදු ලෙසින් මං ඔබ එන මඟ තනිවී..
    හිටියට ඔබ නෑ දොඩමළු වෙන්නෙ යලී..
    ඔබ ගැන සිතුවට මං ගැන සිතෙන් නැතී..
    ඔබට දුකක් නෑ මම දුක් විඳින හැටී..

    අමතක කෙරුවට..

    ලන් වී හිටි අපෙ ඉස්සර මතක යළී..
    සිහි වී ගලනවා දුක් බර කඳුළු කැටී..
    එකම හිතින් මං පැතුවේ ඔබ පමණී..
    ඔබ දන්නෑ මං ඔබ සිහි කරන හැටී..

    අමතක කෙරුවට..

    ගායනය - තුෂාර ජීවන්ත

    :( පට්ට ඈ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඳුර මැදින් නුඹ එනවද ආදරේ අරන්..
    නැගෙන හිරු මැදින් බසින හිරු මැදින්..
    ඉතින් කියනවද මට ආදරෙයි එක වරක්..
    රිදෙන සිත දුකින් දැවෙන සිත දුකින්..

    සුසුම් පොඳයි නුඹ මට මගෙ ජීවිතය ගෙනියන..
    මගේ සුසුම් පොඳයි නුඹ..
    නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට..
    කඳුළක් වෙන්නෙපා නුඹ..
    නිල් අහසක් තරමට දැනෙනවා නුඹගෙ සෙනෙහස..


    සරා සඳකි නුඹ මට සිත් අහසම එළිය කල..
    අඳුරක් දෙන්නෙපා නුඹ..
    නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල..
    දැනෙනවා නුඹගෙ සෙනෙහස..
    නෙතගින් කඩා හැලෙන කඳුළක් වෙන්නෙපා නුඹ..

    අඳුර මැදින් නුඹ එනවද..

    ගායනය - තුෂාර ජීවන්ත


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිහිංසක ඇස් දෙකකට කඳුළු දුන් තරම්..
    නපුරු වුණේ කොහොමද නුඹ කියන් රත්තරන්..
    පෙම් කල සිත මේ තරමට රිදවන්න තරම්..
    මම වරදක් කලාද, මට කියන් රත්තරන්..

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්..
    මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම්..

    අවිහිංසක ඇස් දෙකකට..

    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතින්..
    ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්..

    අවිහිංසක ඇස් දෙකකට..

    ගායනය - තුෂාර ජීවන්ත

    (මේක නම් පට්ට..)