පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙංගතුය තවම ඔබ
සුදු හාමිනේ...
තනිකඩය තවම මම..//
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා
මල් යාය බඹර ගී හඬ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
පිවිතුරුය පළමු පෙම..
කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුණා
පිවිතුරුය පළමු පෙම..
ගායනය - කරුණාරන්ත දිවුල්ගනේ
එක ගායකයෙක්ගෙ සිංදු සේරම දානවා.. ඊට පස්සෙ තව ගායකයෙක්ගෙ දානවා.. මුලින්ම පටන් ගන්නවා එහෙනම් තුෂාර ජීවන්තගෙන්.. වැඩිය අහලා නැතුව ඇති මෙයාගෙ සිංදු.. පට්ටයි කියන්නෙ උපරිම පට්ටයි.. බූට් කාපු අයට අහනකොට හාට් එක රත් වෙනවා..
ඒ තරම් සිරා.. හරි හරි.. මම දාන්නම්.. සිංදු ටික.. ඇල්බම් හතරක් තියෙනවා දැනට.. හතරම දානවා.. JPEG විදියට දාන්න හැදුවෙ.. එහෙම දැම්මොත් වෙලා යනවා.. ඔන්න එහෙනම් පටන් ගත්තා..