⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඉවසන්න තව තරඟ දෙකක් තියෙනවා ඊලඟ දවස හොඳම දවස වෙයි :D:D:D
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    ඔය කියන මහේලගේ ප්‍රපෝසල් එක නැද්ද බන් හොයාගන්න බලන්න :oo:

    කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම

    *සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක්

    *වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity).

    මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම

    1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව)

    2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ )

    3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ)

    4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි
    එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය.

    1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ

    2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

    3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

    4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

    5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

    මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ.

    ක්‍රීඩකයන්ට ගෙවීම්

    ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ.

    පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ.

    CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක්

    CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක්

    CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක්

    CATEGORY D: අනිකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක්

    වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ.

    ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි.

    එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය.

    පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ.

    සැලසුමට මොකද වුනේ ?

    2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය.

    ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය.
    කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය.

    පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය.

    මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

    ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.


    බිබිසි සිංහල සංදේශය
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ මම දාපු thread එක මහේල ගේ proposal එක ගැන (28.10.2015)

    http://elakiri.com/forum/showthread.php?t=1707865

    ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ඉහලම සම්මුඛ පරීක්ෂණයක් ලෙස පවත්වනු ලබන කලාප (zonal) තරගාවලිය ලබන ජනවාරියේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව කටයුතු යොදා ඇත.

    T20, එක් දින හා සිව් දින ලෙස තරගාවලිය පවත්වනු ලැබේ. කණ්ඩායම් 5ක් මේ සදහා ක්‍රීඩා කරන අත‍ර දැනට පවත්වන premiere league තරගාවලියට හානි නොවන පරිදි මෙම තරගාවලිය පවත්වනු ලැබේ.

    කෙසේ වෙතත් මේ තරගාවලිය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 176 කි.

    ප්‍රථමයෙන්ම T20 තරගාවලිය ජනවාරි 16 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට යෝජනා කර තිබේ. ඒ සදහා වය වන මුදල රුපියල් මිලියන 47.5 කි. T20 තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයන් 5 දෙනෙකු එක කණ්ඩායමකට නියෝජනය කල හැකි වීම මෙහි විශේෂත්වයයි. ඉන් 4 දෙනෙකුට එකවර තරගයකට ක්‍රීඩා කල හැක.

    එක දින හා සිව්දින තරග සදහා විදෙස් ක්‍රීඩකයින් සහභාගී නොවේ. එම තරගාවලි මාර්තු 3 සිට අප්‍රේල් 26 දක්වා පවත්වීමට යෝජිතය.

    premier තරගාවලියේ දක්ෂතා පදනම් කරගනිමින් මේ තරගවලිය සදහා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රීඩකයින් 75 දෙන තෝරා ගනු ලැබේ. එක දින තරගාවලියට රුපියල් මිලියන 19.5ක් ද සිව්දින තරගාවලිය සදහා රුපියල් මිලියන 109ක් ද වෙන්කොට තිබේ.

    එම කලාප පහේ පුහුණුකරුවන් ලෙස;
    රොමේෂ් කලුවිතාරණ
    අවිශ්ක ගුණවර්ධන
    නුවන් සොයිසා
    රෝයි ඩයස්
    පියල් විජේතුංග නම් කොට තිබේ.

    -උපුටා ගැනීම දිවයින පුවත්පත-
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ අනිත් thread එක (13.11.2015)

    http://elakiri.com/forum/showthread.php?t=1710652

    Sri Lanka Cricket Elite Championship 2016


    Sri_Lanka_Cricket_Logo.png


    Traditional Cricketing Cities in Sri Lanka


    Colombo – Western Province
    Galle – Southern Province
    Kurunegala – North Central Province
    Hambantota – Eastern Province
    Kandy – Central Province




    Colombo (R. Premadasa Stadium)

    Colombo, Kalutara, Gampaha

    SSC, Baduraliya CC & Ragama CC + 19 other clubs


    Galle (Galle International Cricket Stadium)

    Galle, Mathara

    Galle CC, NCC, Ambalangoda Sinha SC + 8 other clubs


    Kurunegala (Dambulla International Stadium)

    Kurunegala, A'Pura, Polonnaruwa, Matale, Jaffna, Vaunia, Puttalam, Mulativ, Mannar, Kilinochchi

    Tamil Union C & AC, Chilaw MCC, Kurunegala SC + 9 other clubs


    Hambanthota (Mahinda Rajapaksa International Stadium)

    Hambanthota, Badulla, Ampara, Trinco, Monaragala, Batticola

    CCC, Bloomfield C & AC, Army SC + 5 other clubs


    Kandy (Pallekelle International Stadium)

    Kandy, Kegalle, N'Eliya, Rathnapura

    Moors SC, Colts CC, Kandy CC + 6 other clubs


    From January 26th onwards the T20 Tournament will Start


    This concept is belonged to our beloved former Sri Lankan Captain​
    Mahela Jayawardena​
    [/QUOTE]
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ බුකිපාලයා පත් වෙන්නේ නැතුව මේවා ක්‍රියාත්මක උන නම් අද season 2ක් ඉවරත් වෙලා. රටේ ක්‍රිකට් ගොඩක් වෙනස් වෙලා. :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ බුකිපාලයා පත් වෙන්නේ නැතුව මේවා ක්‍රියාත්මක උන නම් අද season 2ක් ඉවරත් වෙලා. රටේ ක්‍රිකට් ගොඩක් වෙනස් වෙලා. :(

    මූ නම් බහිරවයෙක් වගේ දුම්මල ගහලවත් එලවන්න බැරි සීන් එකක් තියෙන්නේ කාලකන්නිය :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ENG VS WI series eke WI la eka match 1kak hari paradunoth + next SL Vs IND match 1ken SL win kaloth chance 1kak thiyanawalu neda SL direct qualified wenna World Cup 1kata.
    අපි ඊළඟ මැච් එක පැරදුනත් අවුලක් නෑ වෙස්ට් ඉන්ඩිස් උන්ට එංගලන්තෙට 5-0 තියල ගහන්න වෙනවා අපිව පහු කරන්න :oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    ENG VS WI series eke WI la eka match 1kak hari paradunoth + next SL Vs IND match 1ken SL win kaloth chance 1kak thiyanawalu neda SL direct qualified wenna World Cup 1kata.

    WI nam paradina eka nam wenna puluwan
    ape un dinana eka wenna puluwanda?
    :lol::lol::lol::lol::lol:

    ලේසි නෑ වැඩේ, ඊයේ සුනිල් ගවස්කාර් confirm කළා WI odi team එකට chris gayle එහෙම ගෙන්න යනවා කියලා . මොකද අපි වගේම උනුත් බලන් ඉන්නේ automatic qualify වෙන්න . තව Bravo, Pollard එහෙම සෙට් උනොත් england ට ලේසි වෙන්නේ නෑ. දැනටම test එකක් දිනලා ඉන්නේ පොඩි උන්