⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි :shocked::shocked:

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙක්ද සමගින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස්දෙනෙක් තුවාල ලැබූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය මහතාද අද (13 වැනිදා) පෙරවරුවේ සිටියේත් කාබුල්හි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේය.

බෝම්බ පිපිරීම වන විට සිය කාර්යය අවසන් වී තිබූ හෙයින් නැවතත් සියරට එමින් සිටි ජයසූරිය මහතා අනතුරකින් තොරව අද රාත්‍රියේ ඩුබායිහි අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟාව සිටියේය. මේ දිනවල ඇෆ්ගනිස්ථානයේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරගාවලියේ කාබුල් ඊගල්ස් කණ්ඩායමේ අනුශාසක වරයා ලෙස කටයුතු කිරීම සඳහා ජයසූරිය මහතා එහි ගොස් තිබූ අතර ඔහුගේ කොන්ත්‍රාත් කාලය දින තුනකි.

පිපිරීම සිදුවන විට පැවැත්වෙමින් තිබූ ‘බූස්ට් ඩිෆෙන්ඩර්ස්’ සහ ‘මිස් අයිනාක් නයිට්ස්’ තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළේද ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ලැබ්රෝයි මහතාය. ඉකුත් සඳුදා ආරම්භ වූ මෙම විස්සයි-20 තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ද ක්‍රීඩා කරති.

මරාගෙන මැරෙන බෝම්බකරු ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී එහි ආරක්ෂකයන් ඔහුව පරික්ෂාවට ලක් කිරීම සඳහා ආරක්ෂක මුර පොළක් අසල නතර කළ අවස්ථාවේදී බෝම්බය පුපුරවාගෙන ඇත. එම අනතුරෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ පොලිස් මාධ්‍ය ප්‍රාකාශක බාසිර් මුජාහිද් මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා ඇත්තේ එරට ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ජීවිත පූජාකරමින් ක්‍රීඩාංගණය තුළ සිටි නරඹන්නන් ආරක්ෂා කළ බවයි. එහිදී තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් බවද ඔහු පැවසීය.

අනතුර සිදුවූ විගස ගිලන් රථ කිහිපයක්ම එම ස්ථානයට පැමිණ තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ. පිපිරීම නිසා තරගයට තරමක බාධාවක් ඇතිවූ නමුත් පසුව තරගය අවසන් කෙරිණ. එහිදී බූස්ට් ඩිෆෙන්ඩර්ස් පිල ලකුණු 7 කින් ජයගත්තේය.
ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඉතා ආරාක්ෂාකාරී තත්ත්වයක පසුවන බවද ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ෆරීද් හෝතක් මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පැවසීය.

තලේබාන්වරුන් විසින් ඇෆ්ඝනිස්ථානය පාලනය කරන ලද 1996 - 2001 කාලසීමාවේදී එරට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කර තිබිණ. එහෙත් මෑතකදී ඇෆ්ඝනිස්ථානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ අතර පසුගියදා ඔවන්ට ටෙස්ට් තත්ත්වයද පිරිනැමිණ.

අගෝස්තු 29 වැනිදාත් ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පස්දෙනෙක් මියගියහ.

Lankadeepa


 
  • Like
Reactions: upulpdn

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    oke fixing wenawa kiyaala nam kiyanna ba icc eka hena set ekak bahala inne sri lanka ekka t20 match ekak thiyana puluwan da kiyala blanna , anika indiawe un balan inne kohomada pakistan cricket walata kalinne kiyala

    දිගින් දිගටම සිදුවන තරඟ පරාජයට උඹ තමයි වග කියන්න ඕනේ...:rolleyes::rolleyes::P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    squad eka dapu gaman thread eka danna inne. poddak iwasala imu.

    ela machan, lankawa දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද? :P
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DJsCWqFXUAAtAf7.jpg:large
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශී‍්‍ර ලංකාවට දැන් හිමිව තිබෙනවා.

    එ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර ඊයේ පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන්.

    මේ වන විට 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා.

    ශී‍්‍ර ලංකාව හෝ කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රතිඵලය මතයි.

    කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සියලූම තරග ජය ගැනීම අනිවාර්ය වී තිබෙනවා.