✅ බුදු රුව අතුරුදන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ✅ බුදු රුව අතුරුදන්

    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.

    රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්‌ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්‌ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.

    එහෙත් ඊයේ (20 දා) පෙරවරුව වන විටත් නගරාධිපති නිල කාමරයෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයා ගැනීමට නොහැකිව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇත. එම අවස්‌ථාවේ නගරාධිපතිනිය කලබල වී ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක නිල කාමරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර ජනාධිපති කාර්යාලය නොමග යෑවූ බව කොළඹ නගර සභා සේවකයෝ දිවයිනට පැවසූහ.

    රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල කාමරයේ දැනට තැන්පත් කර තිබෙන සුදු පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූප දෙස බැලුවහොත් එය වටහා ගැනීමට අපහසු නොවන බවද ඔවුහු කියති.

    ඓතිහාසික වටිනාකමක්‌ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්‍ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස්‌ ඉමිටියාස්‌, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස්‌ කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.

    source
     
    • Like
    Reactions: Mr.Wedda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරගැති ජාතියක් ආගමක් නොදන්න පොන්නයෙක්ට බලේ දීල ලබාගත්ත වෙනස තමයි ඕක..
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඓතිහාසික වටිනාකමක්‌ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්‍ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස්‌ ඉමිටියාස්‌, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස්‌ කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බුදු පිළිමේ දිහා බලාගෙන හොරකම් කරන්න බැ හිතෙන්න ඇති පව්,