✨ගොඩයන්න ඕන උන් මේ Magic එක Try කරපන්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,320
    21,936
    113
    ජීවිතේ ගේමක් ගහලා ගොඩයන විදියක් ගැන අහලා මේකේ threads කීපයක්ම දැක්කා. හැම එකාම target කරන්නේ මුදල් හොයන විදියක් ගැන. මාසෙට මෙච්චර මුදලක් හොයන්න ඕනේ කියලා කරගෙන වැඩ කරන එක ඒ තරම් සාර්ථක උපක්‍රමයක් නෙමෙයි කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන්. උබට සල්ලි ඕන වෙන්නේ ඇයි? හිතපන්..
    මගේ ක්‍රමය ඊට වෙනස්. මේ දක්වා 100%ක් සාර්ථක වෙලා තියෙනවා :yes:
    මම වැඩ කරන්නේ මගේ අවශ්‍යතා target කරගෙන. මේ මාසේ මේ දේ කරනවා. මේ අවුරුද්දේ මේ දේ කරනවා. තව අවුරුදු 5කින් මේ දේ කරනවා. ඔහොම තමයි මම target කරන්නේ. එතකොට ඒවට අවශ්‍ය මුදල් හොයාගන්න ක්‍රම විදි නොදැනීම ඔලුවට එනවා. එක රැකියාවකට කොටු නොවී විවිධ දේවල් වලට යන්න අවස්ථාව ලැබෙනවා. හිතපන් උබ ණයක් අරගෙන තියෙනවා නම් ඒක ගෙවන්න අවශ්‍යම නිසා ඒ අවශ්‍යතාවයට target ගන්න නිසා කොහොම හරි උබ ඒ ණය ගෙවාගන්නවා. ඒ වගේ අනෙක් අවශ්‍යතාවනුත් අනිවාර්ය විදියට හිතලා target ගත්තොත් ලොවෙත් කරගන්න පුළුවන් වෙනවා.
    අනිත් අතට මේ අවුරුද්දේ ලක්ෂ 40ක් හොයන්න උබ target කලොත්, අවසානේ ඒක සාර්ථක වුනත් අවුරුද්ද අවසානේ උබට ලැබෙන්නේ මුදලක් විතරයි. කරගත්තු දෙයක් නෑ. ඊට පස්සේ ඒ මුදල් වලින් වැඩ කරගන්න target ගද්දි මුදල් හොයන එක miss වෙලා ආයෙමත් උබ loss වෙනවා. ඒ නිසා මුදල් පස්සේ දුවන්නේ නැතුව අවශ්‍යතා පස්සේ දුවපන්. ජය
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    tfs bro <3 ඕකත් law of attraction වගේ සීන් එකක් , අපි අපිටම ටාගට් එකක් තියන් වැඩ කරලා ඒ goals එක complete උනාම එන සතුට කියලා නිමකරන්න බෑ !
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    කොහොමත් මෙහෙම නෙවෙද ගොඩක් අය හිතන්නෙ. සල්ලි එන්ඩ් එක විදිහට හිතන උන් හරි අඩුයි.

    කෙසේ වෙතත් මේක තමා හරි ඇඩ්වයිස් එක. මුදල් කියන්නෙ ජීවිතෙ මොකක් හෝ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරවගන්න අවශ්‍ය mean එකක් විදිහට බලන එක. මුදල් නිසාම මුදල් හොයන එක නම් කතා කරලවත් වැඩක් නෑ මැරිල යනකම් ම දන්නෙ නෑ.