දිනය: 2022 දෙසැම්බර් 13
මෙම අපූරු ඩිජිටල් පරිදර්ශන (panorama) ඡායාරූපය නිර්මාණය කර ඇත්තේ එකම ස්ථානයක සිට හා එකම රාත්‍රියක, එකම කැමරාවක් යොදාගනිමින් වෙන වෙනම ලබාගත් භූමිදර්ශණ ඡායාරූප 10 ක් හා රාත්‍රී ආකාසය දැක්වෙන ඡායාරූපයන් 10 ක් සංයුක්ත කිරීම මගින් ය. ඡායාරූපයෙහි මධ්‍යයට ආසන්නයෙන් දිස්වන විදුලි ලාම්පුවක් වැනි යමක් අතින් ගත් පුද්ගලයා ඇතුළු ඡායාරූපයෙහි දැක්වෙන අනෙකුත් කැපීපෙනෙන අංගයන්ට කලාත්මක ආකාරයෙහි දීප්තියක් ලබාදෙමින් ඡායාරූපය නිර්මාණය කොට ඇති අතර ඡායාරූපයෙහි ඉදිරිපස වූ බිම් කඩට ද මෙලෙස කලාත්මක ආකාරයෙහි දීප්තියක් ලබා දී ඇත.
මෙම ඡායාරූපයන් ලබාගත් ඡායාරූප ශිලිපියා මෙම ඡායාරූපයන් හසු කරගෙන ඇත්තේ, මීට මාස 2 කට පමණ ඉහතදී නෝර්වේ රාජ්‍යයයේ පිහිටි "Lofoten Islands" නමින් හදුන්වන දූපත් සමූහයට අයත් වූ එක් දූපතක සිටය. ඡායාරූපයෙහි පසුබිමින් ඇති ආකාසයෙහි අපුරු චාපාකාර හැඩයන් ත්‍රිත්වයක් දැකගත හැකිය. වම්පසින් දිස්වන චාපාකාර හැඩයෙන් අපගේ ක්ෂීර පථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුව නිරූපණය වන අතර දකුණු පසින් ද්විත්ව චාපාකාර හැඩයෙන් යුක්ත වූ අවුරෝරාවක් (aurora) දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය. මීට අමතරව ඡායාරූපයෙහි පිළිවෙළින් වමේ සිට දකුණු පසට යන තෙක් දිස්වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, බ්‍රහස්පති ග්‍රහයා, "Vega' තාරකාව හා "Big Dipper" නැතහොත් "Plough' නමින් හදුන්වන තාරකා රටාව ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.
Image Credit & Copyright: Giulio Cobianchi
නම් කරන ලද ඡායාරූපය
Lofoten Islands

ලංකාවෙ තියෙන එහෙම තැනක් ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ. 