✨🌌🎑 නෝර්වේ රාජ්‍යයට අයත් "Lofoten Islands" නමින් හදුන්වන දූපත් සමූහයට දිස්වූ චමත්කාරජනක රාත්‍රී ආකාසය 🎑🌌✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Re2fjSp.jpg



    දිනය: 2022 දෙසැම්බර් 13

    මෙම අපූරු ඩිජිටල් පරිදර්ශන (panorama) ඡායාරූපය නිර්මාණය කර ඇත්තේ එකම ස්ථානයක සිට හා එකම රාත්‍රියක, එකම කැමරාවක් යොදාගනිමින් වෙන වෙනම ලබාගත් භූමිදර්ශණ ඡායාරූප 10 ක් හා රාත්‍රී ආකාසය දැක්වෙන ඡායාරූපයන් 10 ක් සං‍යුක්ත කිරීම මගින් ය. ඡායාරූපයෙහි මධ්‍යයට ආසන්නයෙන් දිස්වන විදුලි ලාම්පුවක් වැනි යමක් අතින් ගත් පුද්ගලයා ඇතුළු ඡායාරූපයෙහි දැක්වෙන අනෙකුත් කැපීපෙනෙන අංගයන්ට කලාත්මක ආකාරයෙහි දීප්තියක් ලබාදෙමින් ඡායාරූපය නිර්මාණය කොට ඇති අතර ඡායාරූපයෙහි ඉදිරිපස වූ බිම් කඩට ද මෙලෙස කලාත්මක ආකාරයෙහි දීප්තියක් ලබා දී ඇත.

    මෙම ඡායාරූපයන් ලබාගත් ඡායාරූප ශිලිපියා මෙම ඡායාරූපයන් හසු කරගෙන ඇත්තේ, මීට මාස 2 කට පමණ ඉහතදී නෝර්වේ රාජ්‍යයයේ පිහිටි "Lofoten Islands" නමින් හදුන්වන දූපත් සමූහයට අයත් වූ එක් දූපතක සිටය. ඡායාරූපයෙහි පසුබිමින් ඇති ආකාසයෙහි අපුරු චාපාකාර හැඩයන් ත්‍රිත්වයක් දැකගත හැකිය. වම්පසින් දිස්වන චාපාකාර හැඩයෙන් අපගේ ක්ෂීර පථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුව නිරූපණය වන අතර දකුණු පසින් ද්විත්ව චාපාකාර හැඩයෙන් යුක්ත වූ අවුරෝරාවක් (aurora) දිස්වන අයුරු ද නිරීක්ශනය කළ හැකිය. මීට අමතරව ඡායාරූපයෙහි පිළිවෙළින් වමේ සිට දකුණු පසට යන තෙක් දිස්වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, බ්‍රහස්පති ග්‍රහයා, "Vega' තාරකාව හා "Big Dipper" නැතහොත් "Plough' නමින් හදුන්වන තාරකා රටාව ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Giulio Cobianchi

    SkyArt_Cobianchi_2048.jpg




    නම් කරන ලද ඡායාරූපය

    SkyArt_Cobianchi_1024_annotated.jpg





    Lofoten Islands







     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    It's a beautiful place. About an hours flight from Oslo. You can take a car ferry from Bodø too. But takes time. Flights aren't that expensive anyway. The warm water currents keep the island warm, even though it's in the Arctic circle. We spent four or five nights and it was really superb.
    Strange enough, at a shopping complex someone heard me shouting at my son and came running after me. He was from Jaffna and said very happy to see us as they rarely would meet a visiting SriLankan. This guy's father sold his lands and sent him to Norway within a short time after Alfred Duraiappah was assasinated. He in turn brought his fiancée and his sister.
    He insisted that we visit his place for dinner but our next stop was in another town and we politely declined. His wife first saw me but called him because she coudn't converse in Sinhalese.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Can we really see Milkey way from our eyes (without using camara ? any place where we can see it in here Sri lanka
    Light pollution එක හුගක් අඩු පළාතක නම් දකින්න පුළුවන් වෙයි.:yes: ලංකාවෙ තියෙන එහෙම තැනක් ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ. :sorry:
     

    Similar threads