🛰️🌟💥 "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Wolf-Rayet 124" (WR 124) තාරකාවෙහි අසිරිය 💥🌟🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    U5b7XZk.jpg


    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️



    "Wolf-Rayet' ගනයට අයත් තාරකාවන් ඉතා දැවැන්ත, දීප්තිමත් මෙන්ම ඉතාමත් කැළඹිලි සහගත වූ සුළං (තාරකා සුළං - Stellar winds) සහිත හා අයනීකෘත හීලියම්, නයිට්‍රජන් හෝ කාබන් විමෝචන තීරයන්ගෙන් යුක්ත වූ අසාමාන්‍ය ආකාරයේ ප්‍රභාමණ්ඩලයන්ගෙන් සමන්විත වූ තාරකා විශේෂයක් ලෙස සලකනු ලබයි. ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් පහත දැක්වෙන නවතම ඡායාරූපය මගින් නිරූපණය නිරූපණය කෙරෙනුයේ "Wolf-Rayet 124" (WR 124) නම් වූ මෙවැනි "Wolf Rayet (WR)" ගනයට අයත් තාරකාවකි. "Wolf-Rayet' ගනයේ තාරකාවන් අපගේ සූර්යයාට සාපේක්ෂව ගත් කළ ඉතා කෙටි ආයු කාලයකින් යුක්ත තාරකාවන් විශේෂයක් ලෙස සලකනු ලබයි. මෙවැනි තාරකාවන්ගේ හරයට (core) සැපයෙන හයිඩ්‍රජන් ඉතා ඉක්මණින් අවසන් වීම සිදුවන බැවින් ඉන්පසුව එහි පවතින බර මූලද්‍රව්‍යයන් විලයනය කිරීමට තාරකාවේ හරය යොමු වීම සිදු කරන අතර එහිදී එම තාරකාවේ වූ බාහිර ස්ථරයන් තාරකා සුළං ආකාරයෙන් ඉවතට නිකුත් කිරීම සිදු කරයි.

    දැවැන්ත තාරකාවක ආයු කාලය අවසාන වීමත් සමග සිදුවන දැවැන්ත සුපර්නෝවා (supernova) පිපිරීමක් මගින් එම තාරකාව කළු කුහරයක් හෝ ඝනත්වයෙන් ඉතා අධික නියුට්‍රෝන තාරකාවක් බවට පත්වීම සිදුවන අතර එවැනි සුපර්නෝවාවක් ඇති වීමට පෙර තාරකාවක් ගත කරන සීමිත වූ අවධිය ලෙස "Wolf-Rayet' තාරකාවක් ලෙසින් හැදින්විය හැකිය. පසුගිය වසරේ ජුනි මාසයෙහි පමණ පටන් "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂ‍යෙහි නිරතුරු නිරීක්ෂණයට ලක් වූ මෙම "Wolf-Rayet 124" (WR 124) තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියෙහි සිට ආලෝක වර්ෂ 15000 ක් පමණ ඈතින්, 'Sagittarius' නම් වූ තාරකා රාශියට අයත්වය. මෙම "Wolf-Rayet 124" තාරකාවෙහි ස්කන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 30 ගුණයක පමණ අගයක් ගන්නා අතර අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 10 ගුණයක පමණ වූ ස්කන්ධ ප්‍රමාණයක් ද ඉවතට නිකුත් කිරීම සිදු කොට තිබේ.

    මෙම ක්‍රියාවලිය තුළදී නිකුත් වූ වායූන් ක්‍රමයෙන් ඉවතට යාමත් සමගම තාරකාව ක්‍රමයෙන් සිසිල්වීම සිදුවන අතර එහිදී තාරකාව වටා එක්‍ රැස්වන අන්තරීක්ෂීය දූවිලි (cosmic dust) අධෝරක්ත කිරණ මාධ්‍යයයේදී දීප්තිමත්ව නිරීක්ශනය වීම හේතුවෙන් මෙලෙස "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂ‍ය මගින් පැහැදිලිව හසුකර ගැනීමට හැකිවී තිබේ. මෙලෙස ආලෝකයේ අධෝරක්ත කිරණ ආලෝක තරංග ආයාමයන්හී'දී (infrared light wavelengths) විශ්වය නිරීක්ශනය කිරීමට "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂ‍යෙහි පවතින ප්‍රබල හැකියාව හේතුවෙන් මෙම අන්තරීක්ෂීය දූවිලි පිළිබදව පුළුල් ලෙස ගවේෂණය කිරීම සදහා මංපෙත් විවර වී තිබේ. මෙහිදී "ජේම්ස් වෙබ්" අභ්‍යාකාශ දුරේක්ෂ‍යෙහි වූ "Near Infrared Camera (NIRCam)" නම් වූ අධෝරක්ත කිරණ කැමරාව මගින් "Wolf-Rayet 124" (WR 124) තාරකාවෙහි පවතින තාරකාමය හරය (stellar core) සහ ඒ අවට ඇති දීප්තියෙන් හීන වායූන් ද පැහැදිලිව හසුකර ගැනීමට සමත්ව තිබේ.

    මීට අමතරව දුරේක්ෂයේ ඇති තවත් අධෝරක්ත කිරණ මාධ්‍ය උපකරණයක් වන "Mid-Infrared Instrument (MIRI)" නම් කැමරාව මගින් "Wolf-Rayet 124" (WR 124) තාරකාව වටා පවතින, තාරකාවෙන් නිකුත් වූ ද්‍රව්‍යයන් හා පදාර්ථයන් මෙන්ම ඒ වටා නිර්මාණය වී ඇති දූවිලි නිහාරිකාවෙහි පවතින අවුල් සහගත ව්‍යුහය ද මනාව හසුකර ගැනීමට හැකියාව ලැබී ඇත. "Wolf-Rayet 124" (WR 124) වැනි තාරකාවන් පිළිබදව ගවේෂණය කිරීම තුළින් විශ්වයෙහි මූලාරම්භක අවධිය පිළිබදව සිදුකරන අධ්‍යයනයන්ට එහිදී සොයාගනු ලබන තොරතුරු යොදාගැනීම තාරකා විද්‍යාඥයන්ගේ මූලික අරමුණ බවට පත්ව ඇත. මෙවැනි මියයන තාරකාවන්ට ("Wolf-Rayet'තාරකාවන්) සමාන, විශ්වයෙහි මූලාරම්භක අවධියෙහි පැවති "Wolf-Rayet' තාරකාවන්ගේ හරයන් තුළ සංචිතව පැවති බර මූලද්‍රව්‍යයන් (heavy elements), වර්ථමාන විශ්වය තුළ මෙන්ම පෘථිවිය මත ද සුලභව දක්නට ලැබේ.



    Credits: NASA, ESA, CSA, STScI, Webb ERO Production Team


    "Near Infrared Camera (NIRCam)" සහ "Mid-Infrared Instrument (MIRI)" අධෝරක්ත කිරණ කැමරාවන් මගින් ලබාගත් දත්ත සම්මිශ්‍රණය කරමින් සකස් කළ ඡායාරූපය

    stsci-01gtyana7snwzaftfrdhqb8chd.png




    "Mid-Infrared Instrument (MIRI)" අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් දත්තයන් යොදාගනිමින් සකස් කළ ඡායාරූපය

    stsci-01gtwc1my8sr6a9s7mk1tx8aa1.png


    මූලාශ්‍ර ලිපිය: NASA’s Webb Telescope Captures Rarely Seen Prelude to Supernova









    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️

     

    Similar threads