✨🌟 තාරකා දූවිලිවලින් සගවා ගත් "Perseus' තාරකා රාශිය සහ "Perseus' අණුක වළාව 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    XIEOueT.jpg

    දිනය: 2023 ජනවාරි 12

    මෙහි වූ පුළුල් ව්‍යාප්තියක් පෙන්නුම් කරන තාරකාවන්, දූවිලි හා වායූන්ගෙන් සැදුම්ලත් අංශක 6 ක් වූ ක්ෂේත්‍ර පථය මගින් නිරූපණය වන්නේ "Perseus' නම් වූ තාරකා රාශියයි. මෙම මනරම් ගගන ක්ෂේත්‍රය නිරූපිත පහත දැක්වෙන ඡායාරූපයෙහි ඉහළ වම්පස කෙළවරට වන්නටව දැකගත හැක්කේ "IC 348" නමින් හදුන්වන යොවුන් විවෘත්ත තාරකා පොකුර (open star cluster) ය. මෙම තාරකා පොකුරට යාබදව "Flying Ghost Nebulae (FGN)" නම් වූ ද්වීධ්‍රැවීය නිහාරිකාව (bipolar nebula) පිහිටා ඇති අතර එයට සමගාමීව අණුක වළාවන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වූ "Barnard 3" නම් විමෝචන නිහාරිකාව (emission nebula) හා "Barnard 4" යන අඳුරු නිහාරිකාව (dark nebula) ද පිහිටා ඇත.

    ඡායාරූපයෙහි දකුණු පසින් තවත් සක්‍රීය ලෙස නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයක් (active star forming region) වන "NGC 1333" නමින් හදුන්වනු ලබන ප්‍රදේශයේ සිට ඉවතට විහිදී ගිය දූවිලි වලින් නිර්මාණය වූ අඳුරු අතු (tendrils) ආකාරයේ ව්‍යුහයන් මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 850 ක් පමණ ඈතින් පිහිටා තිබෙන "Perseus Molecular Cloud" නමින් හදුන්වන දැවැන්ත අණුක වළාව සමග සම්බන්ධ වී තිබේ. මේ අතර මෙහි නිරූපණය කෙරෙන දූවිලිවලින් ගහන වූ හා හයිඩ්‍රජන් වායුව විමෝචනය වීම මගින් හටගත් මද රතු පැහැය හේතුවෙන් දීප්තිමත්ව ඇති අනෙකුත් නිහාරිකාවන් ඡායාරූපයෙන් දැක්වෙන ක්ෂේත්‍ර පථයෙහි තැනින් තැන විසිරී ගොස් ඇති ආකාරය ද නිරීක්ශනය කළ හැකිය.

    මෙවැනි විශ්වීය දූවිලි (cosmic dust) මගින් බොහෝ විට අලුත උපන් තාරකාවන්, යොවුන් තාරකාවන් මෙන්ම "protostars' ගනයේ තාරකාවන් ද සගවා ගැනීම හේතුවෙන් ඒවා ප්‍රකාශ දුරේක්ෂයන් (optical telescopes) මගින් නිරීක්ශනය කිරීම අපහසු කාර්යයක් ලෙස සලකනු ලබයි. "ප්‍රොටෝ තාරකාවන්" (protostar) යනු තාරකාවන්ගේ පරිණාමීය ක්‍රියාවලියෙහි මුල්ම අවධියේ එනම් නව තාරකාවක් නිර්මාණය වීමේ ආරම්භක අවධියෙහි පසුවන තාරකාවන් වේ. ස්වකීය ගුරුත්වයේ (self-gravity) සිදුවන කඩා වැටීම හේතුවෙන් මෙවැනි අණුක වළාවන් තුළ හටගන්නා ඝනත්වයෙන් අධික වූ හරයන්ගෙන් මෙවැනි "ප්‍රොටෝ තාරකාවන්" (protostars) බිහිවීම සිදු වේ. මෙහි වූ අණුක වළාවට පෘථිවියේ සිට පවතින ආසන්න දුර ප්‍රමාණයට සාපේක්ෂව සලකා බැලූ විට මෙම ඡායාරූපය මගින් නිරූපිත ක්ෂේත්‍ර පථයෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 90 ක් පමණ වෙතැයි ගණනය කොට තිබේ.

    Image Credit & Copyright: Jack Groves

    ic348-ngc1333.jpg

    IC 348 - Open Star Cluster

    NGC 1333

    Barnard 3 and 4

    Perseus Molecular Cloud

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    උබට එපා වෙනවා ඇති මෙච්චර මහන්සි වෙලා එක රිප්ලයි එකක්වත් නැති එක ගැන. මේ සබ්ජෙක්ට් එක ගැන ලංකාවෙ general public එකට ලොකු interest එකක් නෑ බන්.:no: උන්ට ඕන එදා වේල ආතල් එකේ වැඩට ගිහිල්ලා බස්වල ෆුට්බෝඩ් එල්ලිල ගෙදර ඇවිල්ල බත් ටිකක් ගිලල, ඕපදූප කතාවක් බලලා, රෑට නිදාගන්න කලින් ගෑනියෙක්ගෙ හෙළුවක් බලල, අතේ පාරක් ගහල ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්න එක. දෙවියොන්ට දණ ගහල බිම පෙරලිලා වඳින අය කොහෙත් මේවට ඉන්ටරෙස්ට් එකක් නෑ. මේක කියපු මමත් 50% ඒ මයින්ඩ් සෙට් එකේම එකෙක් තමයි. ලංකාවෙ උන්ගෙ මයින්ඩ්සෙට් එක නිකන් හරියට අච්චුවක දාල හදපු බ්ලොක් ගල් වගේ. :(
     
    Last edited:

    ඔයා කියන මටත් දැන් ගොඩ කාලෙක ඉදලා තේරිලා තියෙන්නෙ. මාත් මේ වෙන වැඩ තියෙද්දි තමයි වෙලාව වෙන් කරගෙන හැමදාම මේ ත්‍රෙඩ්ස් ලියන්නෙ. මොනවා කරන්න ද? ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑනෙ. කුණු රහට කැමති අය තමයි බැලුවොත් හැම තැනම වගේ ඉන්නෙ. 😐😑
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඔයා කියන මටත් දැන් ගොඩ කාලෙක ඉදලා තේරිලා තියෙන්නෙ. මාත් මේ වෙන වැඩ තියෙද්දි තමයි වෙලාව වෙන් කරගෙන හැමදාම මේ ත්‍රෙඩ්ස් ලියන්නෙ. මොනවා කරන්න ද? ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑනෙ. කුණු රහට කැමති අය තමයි බැලුවොත් හැම තැනම වගේ ඉන්නෙ. 😐😑

    ඔවා ගැන හිතන්න එපා..
    දිගටම ලියන්න.. බලන උන් බලයි.. තුති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    මට තියෙන අවුල මේවා කියවද්දී මාරම ආසයි. ඒත් අපි මේ බලන දේවල් ආලෝක වර්ෂ ගාණක් දුරින් අපිට කවදාවත් reach කරන්න බෑ කියලා හිතෙන නිසා ඒ කුතුහලය neutral වෙනවා.😁
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    TFS bro...

    ඔවා ගැන හිතන්න එපා..
    දිගටම ලියන්න.. බලන උන් බලයි.. තුති
    මටත් astronomy ගැන පුංවිකාලෙ ඉඳල ආසාවක් තිබුණට telescope එකක් ගන්න සල්ලි තිබුණෙ නෑ.. අදටත් නෑ.. ඒ නිසා ඒ astronomy ආසාව යටපත් වෙලා තිබුණෙ.. ඒත් අපේ @Stimulus mind මලය නිසයි ආපහු ඒ ආසාව මතු වෙලා ආවෙ... ඌට සහ මේ astronomy threads බම්ප් කරන, රිප්ලයි දාන උන්ට පින් සිද්ද වෙන්න ආපහු අහස දිහා බලන් පොඩි මනෝ පාරක් ගහන්න පුරුදු වෙලා මම.. :love2: 🙏
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ඔවා ගැන හිතන්න එපා..
    දිගටම ලියන්න.. බලන උන් බලයි.. තුති
    TFS bro...

    මටත් astronomy ගැන පුංවිකාලෙ ඉඳල ආසාවක් තිබුණට telescope එකක් ගන්න සල්ලි තිබුණෙ නෑ.. අදටත් නෑ.. ඒ නිසා ඒ astronomy ආසාව යටපත් වෙලා තිබුණෙ.. ඒත් අපේ @Stimulus mind මලය නිසයි ආපහු ඒ ආසාව මතු වෙලා ආවෙ... ඌට සහ මේ astronomy threads බම්ප් කරන, රිප්ලයි දාන උන්ට පින් සිද්ද වෙන්න ආපහු අහස දිහා බලන් පොඩි මනෝ පාරක් ගහන්න පුරුදු වෙලා මම.. :love2: 🙏
    බොහොම ස්තූතියි, සහෝ.🥲:) ඔයාලගෙ ඒ වචන ටිකත් මට ලොකු හයි‍යක්. :love2::love2::love2::love2::love2:(y)(y)(y)(y)(y)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Appreciate this brother (y)
    තරු ඔක්කොම document කරල තියනවද? හෙන ගේමක් දෙන්න ඕන ඇතිනෙ, අලුතෙන් එනෙ එකෙක්ට අලුත් එකක් හොයාගන්න

    දිගටම ලියන්න.. බලන උන් බලයි..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔයා කියන මටත් දැන් ගොඩ කාලෙක ඉදලා තේරිලා තියෙන්නෙ. මාත් මේ වෙන වැඩ තියෙද්දි තමයි වෙලාව වෙන් කරගෙන හැමදාම මේ ත්‍රෙඩ්ස් ලියන්නෙ. මොනවා කරන්න ද? ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑනෙ. කුණු රහට කැමති අය තමයි බැලුවොත් හැම තැනම වගේ ඉන්නෙ. 😐😑
    එක්කො බ්ලොග් එකක් නැත්නම් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තනම් හරි. මේකෙ ඉන්න පිරිසට වඩා වැඩි ඕඩියන්ස් එකකට ගෙනියන්න පුළුවන් නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    එක්කො බ්ලොග් එකක් නැත්නම් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තනම් හරි. මේකෙ ඉන්න පිරිසට වඩා වැඩි ඕඩියන්ස් එකකට ගෙනියන්න පුළුවන් නෙ
    YT චැනල් එකක් නම් දැනටමත් කරනවා. :yes:
     
    Similar threads