දිනය: 2023 ජනවාරි 12
මෙහි වූ පුළුල් ව්‍යාප්තියක් පෙන්නුම් කරන තාරකාවන්, දූවිලි හා වායූන්ගෙන් සැදුම්ලත් අංශක 6 ක් වූ ක්ෂේත්‍ර පථය මගින් නිරූපණය වන්නේ "Perseus' නම් වූ තාරකා රාශියයි. මෙම මනරම් ගගන ක්ෂේත්‍රය නිරූපිත පහත දැක්වෙන ඡායාරූපයෙහි ඉහළ වම්පස කෙළවරට වන්නටව දැකගත හැක්කේ "IC 348" නමින් හදුන්වන යොවුන් විවෘත්ත තාරකා පොකුර (open star cluster) ය. මෙම තාරකා පොකුරට යාබදව "Flying Ghost Nebulae (FGN)" නම් වූ ද්වීධ්‍රැවීය නිහාරිකාව (bipolar nebula) පිහිටා ඇති අතර එයට සමගාමීව අණුක වළාවන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වූ "Barnard 3" නම් විමෝචන නිහාරිකාව (emission nebula) හා "Barnard 4" යන අඳුරු නිහාරිකාව (dark nebula) ද පිහිටා ඇත.
ඡායාරූපයෙහි දකුණු පසින් තවත් සක්‍රීය ලෙස නව තාරකාවන් උපැද්දවීම සිදු කරන ප්‍රදේශයක් (active star forming region) වන "NGC 1333" නමින් හදුන්වනු ලබන ප්‍රදේශයේ සිට ඉවතට විහිදී ගිය දූවිලි වලින් නිර්මාණය වූ අඳුරු අතු (tendrils) ආකාරයේ ව්‍යුහයන් මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 850 ක් පමණ ඈතින් පිහිටා තිබෙන "Perseus Molecular Cloud" නමින් හදුන්වන දැවැන්ත අණුක වළාව සමග සම්බන්ධ වී තිබේ. මේ අතර මෙහි නිරූපණය කෙරෙන දූවිලිවලින් ගහන වූ හා හයිඩ්‍රජන් වායුව විමෝචනය වීම මගින් හටගත් මද රතු පැහැය හේතුවෙන් දීප්තිමත්ව ඇති අනෙකුත් නිහාරිකාවන් ඡායාරූපයෙන් දැක්වෙන ක්ෂේත්‍ර පථයෙහි තැනින් තැන විසිරී ගොස් ඇති ආකාරය ද නිරීක්ශනය කළ හැකිය.
මෙවැනි විශ්වීය දූවිලි (cosmic dust) මගින් බොහෝ විට අලුත උපන් තාරකාවන්, යොවුන් තාරකාවන් මෙන්ම "protostars' ගනයේ තාරකාවන් ද සගවා ගැනීම හේතුවෙන් ඒවා ප්‍රකාශ දුරේක්ෂයන් (optical telescopes) මගින් නිරීක්ශනය කිරීම අපහසු කාර්යයක් ලෙස සලකනු ලබයි. "ප්‍රොටෝ තාරකාවන්" (protostar) යනු තාරකාවන්ගේ පරිණාමීය ක්‍රියාවලියෙහි මුල්ම අවධියේ එනම් නව තාරකාවක් නිර්මාණය වීමේ ආරම්භක අවධියෙහි පසුවන තාරකාවන් වේ. ස්වකීය ගුරුත්වයේ (self-gravity) සිදුවන කඩා වැටීම හේතුවෙන් මෙවැනි අණුක වළාවන් තුළ හටගන්නා ඝනත්වයෙන් අධික වූ හරයන්ගෙන් මෙවැනි "ප්‍රොටෝ තාරකාවන්" (protostars) බිහිවීම සිදු වේ. මෙහි වූ අණුක වළාවට පෘථිවියේ සිට පවතින ආසන්න දුර ප්‍රමාණයට සාපේක්ෂව සලකා බැලූ විට මෙම ඡායාරූපය මගින් නිරූපිත ක්ෂේත්‍ර පථයෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 90 ක් පමණ වෙතැයි ගණනය කොට තිබේ.
Image Credit & Copyright: Jack Groves
IC 348 - Open Star Cluster
NGC 1333
Barnard 3 and 4
Perseus Molecular Cloud
උන්ට ඕන එදා වේල ආතල් එකේ වැඩට ගිහිල්ලා බස්වල ෆුට්බෝඩ් එල්ලිල ගෙදර ඇවිල්ල බත් ටිකක් ගිලල, ඕපදූප කතාවක් බලලා, රෑට නිදාගන්න කලින් ගෑනියෙක්ගෙ හෙළුවක් බලල, අතේ පාරක් ගහල ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්න එක. දෙවියොන්ට දණ ගහල බිම පෙරලිලා වඳින අය කොහෙත් මේවට ඉන්ටරෙස්ට් එකක් නෑ. මේක කියපු මමත් 50% ඒ මයින්ඩ් සෙට් එකේම එකෙක් තමයි. ලංකාවෙ උන්ගෙ මයින්ඩ්සෙට් එක නිකන් හරියට අච්චුවක දාල හදපු බ්ලොක් ගල් වගේ. 
ඔයාලගෙ ඒ වචන ටිකත් මට ලොකු හයියක්.
