✨ අනුර කුමාර දිසානායක: නව ජනපති කුමන ආකාරයේ පාලකයෙකු වේවි ද?

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    View attachment 238356

    ශ්‍රී ලංකාවේ පාලන බලය රදළ පවුල් කිහිපයක් තුළ දෝලනය වීමේ සම්ප්‍රදාය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ තේරී පත්වී හමාර ය.

    ඉදිරි වසර 5ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ භාරකාරත්වය ඔහුට භාර වී තිබේ.

    ඔහුගේ පාලනය කෙබඳු ආකාරයක් ගනු ඇති ද?

    ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර, අනුර කුමාර දිසානායකගේ පාලනය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග කළ විශ්ලේෂණයකි, මේ.

    ‘අවංක නායකයෙක් වේවි’​

    අනුර කුමාර දිසානායකගේ මෙතෙක් දක්නට ලැබුණු හැසිරීම් අනුව ඔහු “අවංක නායකයෙකු” වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, අවංකව සේවය කරන බව ඔහු ජනතාවට පොරොන්දු වී ඇති අතර, ජනතාව ද ඔහුගෙන් එය බලාපොරොත්තු වන බව ය.

    කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක අවංක නායකයෙකු බවට පත්වනු ඇතැයි දැන් ම පැවසිය නොහැකි බව මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි.

    ඇය ප්‍රකාශ කළේ, දැනට කර ඇති පත් කිරීම් සම්බන්ධයෙන් ගැටලු පවතින බව ය.
    නව ජනාධිපතිවරයා විසින් කරන ලද නව පත්කිරීම් රැසක් තමන්ට හිතවත් සහ විශ්වාසවන්ත අයගෙන් පුරවා ඇතැයි ඇය චෝදනා කළා ය.

    ‘සරල නායකයෙක් වේවි’​

    අනුර කුමාර දිසානායක සාම්ප්‍රදායික ප්‍රභූ තන්ත්‍රය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු වන හෙයින් ඔහු “සරල නායකයෙකු” ලෙස ක්‍රියාකරනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

    ඔහු ප්‍රකාශ කළේ, අනුර කුමාර දිසානායක මීට පෙර ශ්‍රී ලංකාව පාලනය කළ නායකයින් ගත කළ සුඛෝපභෝගී ජීවන රටාවෙන් මිදී ජනාධිපති ධූරයේ කටයුතු කරනු ඇති බව ය.

    “මෙයා සාමාන්‍ය පන්තියේ කෙනෙක්. ඒ වගේ ම සාමාන්‍ය පාසලක ඉගෙනුම ලැබූ කෙනෙක්. ඒ නිසා ඔහු සරල ආකාරයෙන් කටයුතු කරාවි. ඒක මවා ගත්ත සරලකමක් වෙන එකක් නැහැ. ඒ වගේ ම ඔහු ආරක්ෂක භටයින් පිරිවරාගෙන ඉන්න එකක් නැහැ.”

    මේ අතර, මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාරගේ අදහස් වී ඇත්තේ, "සරල වූ පමණින් සාර්ථක ජනාධිපතිවරයෙකු විය නොහැකි," බව ය.

    “ජනාධිපතිවරයා සරල වෙන එක නෙවෙයි මූලික වෙන්න ඕනෙ. තමාට පැවරිලා තියෙන වගකීම් හොඳ දැනුවත්භාවයකින් තේරුම් අරගෙන වැඩ කරන එකයි සිද්ධ වෙන්න ඕනෙ. ඒක අනුරට කරන්න පුළුවන් ද? බැරි ද? කියන්න තාම අලුත් වැඩි යි," මහාචාර්යවරිය සඳහන් කළා ය.

    ‘ජනතාවාදී පාලකයෙක් වේවි’​

    “අනුර කුමාර දිසානායක සාමාන්‍ය ජනතාව අතරින් මතු වුණු නායකයෙක් නිසා ජනතාව ගැන හිතන නායකයෙක් වෙයි කියලා හිතනවා,” මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

    “මේ මොහොතේ ජනතාව ඉන්නේ, හැම අතින් ම පීඩාවට පත්වෙලා. ඔවුන්ට විශේෂයෙන් ම ආර්ථික වශයෙන් සහනයක් දිය යුතු යි. ඒක කරන්න අනුර පොරොන්දු වෙලා තියෙනවා.”

    මහාචාර්ය ජයදේව උයන්ගොඩ විශ්වාස කරන පරිදි, අනුර කුමාර දිසානායක ජනතාවාදී පාලකයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

    “ජනතාවට තවදුරටත් බර පටවන්නෙ නැතුව ඔවුන්ට යම් සහනයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

    කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර දරන්නේ වෙනත් අදහසකි.

    ඇය පවසන්නේ, ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් බදු බර ඉවත් කිරීමෙන් පසු ඉන් රජයට අහිමි වන ආදායම පියවා ගන්නේ කෙසේ ද? යන්න ජනාධිපතිවරයා සිතා බැලිය යුතු බව ය.

    ‘ආර්ථිකය ගොඩ ගන්න එක නම් ක්ෂණිකව කරන්න බැහැ’​

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂණිකව යළි ගොඩ ගැනීමට කිසිදු නායකයෙකුට හැකියාවක් නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ ය.

    ඔහු ප්‍රකාශ කළේ, 2027 වසරේ සිට ණය පොළිය පමණක් නොව ණය මුදල ද වාරික වශයෙන් ගෙවීමට සිදුවන හෙයින් ආර්ථික අර්බුදයක් ඇති වීමේ අනතුරක් ඇති බව ය.

    “ශ්‍රී ලංකාව තියෙන්නේ විශාල ආර්ථික අර්බුදයක. ඇත්තට ම මේ අර්බුදය වසාගෙන ඉන්නේ පොළිය විතරක් ගෙවන නිසා. 2027න් පස්සේ පොළිය එක්ක ණය මුදලත් ගෙවන්න සිද්ධ වුණා ම ආයෙත් අර්බුදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ආර්ථිකය හරියට කළමනාකරණය කර නොගත්තොත් ආයෙත් භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්.”

    කෙසේ වෙතත්, නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හරහා එම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව අනුර කුමාර දිසානායක පවසා ඇති හෙයින් ඔවුන් නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

    එමෙන් ම, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවට යම් සහනයක් ලබා දෙනු ඇතැයි ද මහාචාර්යවරයා විශ්වාසය පළ කළේ ය.

    ‘සුපිළිපන්න රාජ්‍ය සේවයක් නිර්මාණය කරාවි’​

    අනුර කුමාර දිසානායක යටතේ අල්ලස සහ දූෂණයෙන් තොර, කාර්යක්ෂමතාවයෙන් යුත් රාජ්‍ය සේවයක් නිර්මාණය වනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා වැටුප් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ය.

    ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

    රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය පිළිබඳව ද මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර සැක මතු කරයි.

    "දැන් කරලා තියෙන පත්කිරීම් දිහා බැලුවා ම සාධාරණ රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වෙයි ද කියලා සැකයක් මතු වෙනවා. බැලූ බැල්මට නම් පේන්නේ හිතවතුන් තමන්ට විශ්වාසවන්ත අය පමණක් තනතුරුවලට පත් කරනවා කියලා. ඒකෙන් සුපිළිපන්න රාජ්‍ය සේවයක් නිර්මාණය වෙයි ද?" ඇය ප්‍රශ්න කරයි.

    ‘රට හදන්න ඉංග්‍රීසි දැන ගන්න ඕන නෑ’​

    විදේශ සබඳතා වර්ධනය කර ගැනීමට සහ රට සංවර්ධනය කිරීමට ඉංග්‍රීසි බස චතුරව හැසිරවිය යුතු ය යන අදහස මිථ්‍යා මතයක් බව මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ අදහස යි.

    “රාජ්‍ය නායකයාට ඉංග්‍රීසි බැරි නම් රට හදන්න බෑ කියලා අදහසක් ඉස්මතු කරලා තියෙනවා. ඒක මිථ්‍යාවක්. විදෙස් සබඳතා ශක්තිමත් කරන්න නිලධාරීන් ඉන්නවා. ඒකට තමයි විදේශ කටයුතු අමාත්‍යංශයක් තියෙන්නේ. අනුරගේ ඉංග්‍රීසි දැනුම ගැන කියන්න මම දන්නෙ නෑ. කොහොම වුණත් ඉංග්‍රීසි දැනුම කියන එක රට පාලනය කරන්න අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. මම මෙතනදි එක ප්‍රශ්නයක් අහනවා. දැන් ඉංග්‍රීසි හොඳට දන්න නායකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් මොනව ද කරලා තියෙන්නේ?”

    - BBC සිංහල
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hu4C6xh.png
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නිදහසෙන් පස්සේ රට පාලනය කරපු නායකයෝ අතරින් සිරිමාවෝ ඇරෙන්න අනික් ඔක්කොම රදල නෙමේ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ධනවතුන් උන සමානය පවුල්. සල්ලි නිසා බොරුවට වලව් කියාලා ප්‍රභූත්වයක් ආරෝපණය කරගත්තා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    අමු පිස්සෙක් වෙනවා කියන එකනම් ෂුවර්. ඉස්සලම ආණ්ඩු පක්ෂෙන් කැඩිලා යන්නේ විජිත හේරත් සහෝදරයා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සිංහලෙන් ණයක් ඉල්ලගන්න පුළුවන් උනොත් සාර්ථකයි
     
    • Like
    Reactions: sylvaticus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    නිදහසෙන් පස්සේ රට පාලනය කරපු නායකයෝ අතරින් සිරිමාවෝ ඇරෙන්න අනික් ඔක්කොම රදල නෙමේ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ධනවතුන් උන සමානය පවුල්. සල්ලි නිසා බොරුවට වලව් කියාලා ප්‍රභූත්වයක් ආරෝපණය කරගත්තා.
    එංගලන්තයේ රජ පවුලත් වහල් වෙලදාමේ යෙදුන වයාපාරිකයන් . එහෙව් උන්ට තමා සුද්දෝ දේවත්වයෙන් සලකගෙන ඔය ඉන්නේ බදු සල්ලි ගෙවාගෙන. අපෙත් වලව් කියන්නෙ සුද්දෝ යනකොට වතුපිටි ටික මිලට ගත්ත ඉංග්‍රිසි කතාකල, ඔක්ස්වර්ඩ් කේම්බ්‍රෙජ් ගිහින් ඉගෙන ගෙන සුදු ක්‍රමය ඈදාගත් එකලා ආන්ඩුකාරයට පක්ශපාතී ලොකල් මිතුරු කැල.

    ඔරිජිනල් රජකාලේ වලව් ටික ලෙප්ට් කරා සුද්දෝ ඒ කාලේම , බුන්වත් කරා , මැරුවා , කොන් කරා . අද ඒ වලව් සමාන්‍ය මිනිස්සූ .
     
    • Like
    Reactions: king solomon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920

    මේක පට්ට සීන් එකක්. මාක්ස් එහෙම පොත්වල කියපු රදළ පැලැන්තියට ලංකාවේ සමාන කරන අය තමා ඔරිජිනල් රජකාලේ වලව් ටික( මේ බෙදිල්ල අවුල් ලංකාවට සමාන නෑ ඒ උනාට කියන්නේ එහෙමනේ). දැන් ඒ අය සාමාන්‍යය මිනිස්සු වෙලා මාක්ස් ගේ පක්ෂේකින්ම බලය අතට ගන්නවා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු දැන් රදළ වෙලා බලයෙන් අයින් වෙනවා. 🤌
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේක පට්ට සීන් එකක්. මාක්ස් එහෙම පොත්වල කියපු රදළ පැලැන්තියට ලංකාවේ සමාන කරන අය තමා ඔරිජිනල් රජකාලේ වලව් ටික( මේ බෙදිල්ල අවුල් ලංකාවට සමාන නෑ ඒ උනාට කියන්නේ එහෙමනේ). දැන් ඒ අය සාමාන්‍යය මිනිස්සු වෙලා මාක්ස් ගේ පක්ෂේකින්ම බලය අතට ගන්නවා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු දැන් රදළ වෙලා බලයෙන් අයින් වෙනවා. 🤌
    සුද්දෝ ආවේ නැත්තම් , ඒ රදල පැලැන්තිය අද ඉන්නේ එංගලන්තයේ රජ පවුල් වගේ තමා . අපේ යටහත් පහත් රට වැසියෝ රාජාන්ඩුවකට වැදගෙන ඉදී අඩුම නාමික රජෙක් හරි ඉදී පාර්ලිමේන්තු ක්‍රමය අනුව.

    විපලව කෝමත් ඒනවා රටවලට මිනිස්සුන්ට එක විදියට ඉන්න අමාරුයි කාලයක් ආතල් එකක් ගන්න ඕනේ . එකට පිදුරු දාන සෙට් එකක් ඉන්නවා එම දැම්මම ඇවිලෙනවා . ලංකාවෙ උනෙත් ඒක අපේ පීඩනය මත ඇවිලුනා එකට එකා එකා පිදුරු දාල අපේ උන් ඉබාගාතේ ගියා . ඒම ගිහින් යන එන මං නැතුව තමා දැන් මෙතනට වැටිලා සෝමාලියාවට පාං දැම්මා වගේ ඉන්නේ . දැන් වැටෙන වැටෙන පාං කෑල්ල රසයි කියන මට්ටමට ඇවිල්ලා හරි කෑමක් දැකලා නැති නිසා කාලෙකට .
     
    සුද්දෝ ආවේ නැත්තං ගොඩක් දුරට නායක්කර් වංශිකයන් එලවනවා. එතනින් එහාට උනම්බුව පරම්පරාව කැප්පෙටිපොල පරම්පරාව වගේ අය අතට තමා බලය යන්නේ. කොහොමත් world order එක වෙනස් වෙනකොට එකත් එක්ක අපේ අයටත් යන්න වෙනවා. තායිලන්තයේ ජපානේ වගේ මෝඩල් එකක් තමා එන්න ඉඩ තියෙන්නේ. ඒත් ඉතින් වෙලා නැති ඉතිහාසයක් නිසා මොකක් උනත් fiction වගේ තමා. 🤷
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    සුද්දෝ ආවේ නැත්තං ගොඩක් දුරට නායක්කර් වංශිකයන් එලවනවා. එතනින් එහාට උනම්බුව පරම්පරාව කැප්පෙටිපොල පරම්පරාව වගේ අය අතට තමා බලය යන්නේ. කොහොමත් world order එක වෙනස් වෙනකොට එකත් එක්ක අපේ අයටත් යන්න වෙනවා. තායිලන්තයේ ජපානේ වගේ මෝඩල් එකක් තමා එන්න ඉඩ තියෙන්නේ. ඒත් ඉතින් වෙලා නැති ඉතිහාසයක් නිසා මොකක් උනත් fiction වගේ තමා. 🤷
    එම උනානම් අනිවාර්යයෙන් 1940-1960 කාලේ CIA එකෙන් ගේමක් දීලා අපේ උන්ව අන්දලා මේක පොර පිටියක් කරනවා .
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලෝක ඉතිහාසේ බලන්න, නායකයෝ ආපු ගමන හරි හොඳයි, ජනතා හිතවාදී තීන්දු ගෙනෙනවා, හොරු අල්ලනවා බඩු මිල අඩු කරනවා ඒ වුනාට ටික කාලයක් ගියහම ඒ ඔක්කොම වෙනස් වෙනවා. අන්තිමේ ගහල පන්නලා දානකම් දන්නේ නැහැ. හොඳ නායකයෙක් කියන්නේ ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන් කෙනෙකුට. මිනිස්සු අහන්න අකමැති සත්‍යය එලෙසිනම් කියන මනුස්සයෙක්ට, මිනිස්සු කොයිතරමක් අකමැති වුනත් රටට හිතකර තීන්දු වෙනස් නොකර ඉලක්කයකට වැඩ කරන කෙනෙකුට. එහෙම උන් හරි දුර්ලභයි. උන් මුලදී ජනප්‍රිය නැහැ. පස්සේ රටක් අවෙනස් කරපු නායකයෝ විදියට ඉතිහාසෙට එකතු වෙනවා. මම දන්නේ නැහැ අරුණ කුමාර එහෙම මොන කැටගරි එකේද කියල, වේලාසන වැඩි එක තීන්දු කරන්න. නමුත් අතීත පැවැත්ම, දේශපාලන කතා බැලුවම ඔහු අයිති පළමු කැටගරි එකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    එම උනානම් අනිවාර්යයෙන් 1940-1960 කාලේ CIA එකෙන් ගේමක් දීලා අපේ උන්ව අන්දලා මේක පොර පිටියක් කරනවා .
    ඔව් නේ උන්ට කොහොමත් ඒ වගේ රටවල් ඉතුරු වෙන එක අවුල් නේ. මැතිනිගෙ කුමන්තරණයත් නූලෙන් නේ මිස් උනේ.
     
    • Like
    Reactions: Don GasCan