✯✯මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි✯✯

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    ✯✯මී පැණි වල ගුණ පරදන කනෙයි පැණි✯✯
    මී මැසි ගණයට අයත් මැසි වර්ග 05 ක් ලංකාවේ දක්නට ලැබේ. කනෙයි මැස්සා, දඬුවැල් මැස්සා, මී මැස්සා, බඹරා සහ දෙබරා මේ වර්ගයි.
    සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කණ මී මැස්සා ද වේ. මී මැසි ගණයට අයත් නොවුවද කණ මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් කෘමියෙකි. Trigona iridipennis යන විද්‍යත්මක නාමයෙන් හඳුන්වන ⁣කනෙයි මැස්සා ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර පැණි ඉතා ස්වල්පයක් නිපදවනු ලබයි. Dammar Bee ලෙස ඉංග්‍රිසි භාෂාවේ හඳුන්වනු ලබන කනෙයි මැස්සා ශ්‍රී ලංකාවේ වෙසෙන බිඟුන් අතරින් කුඩාම හා විත රහිත එකම බිඟුන් විශේෂය ලෙස හැඳින්වෙයි.
    අනෙකුත් බිඟුන්ට මෙන් විෂ ග්‍රන්ථි හා විත විදීමේ හැකියාව මෙම කනෙයි මැස්සාට නොමැති බැවින් තම ආරක්ෂාව සඳහා සතුරා හපා කෑම පමණක් සිදුකරති. (මෙය මිනිසුන්ට නම් නොදැනෙන තරම් වේ) ආරක්ෂාව සඳහා තම ඇලෙනසුළු ඉටි යොදාගැනීමත් සිදු කරයි. අනෙකුත් බිඟුන්ට වඩා මොවුන්ගේ ඇති තවත් විශේෂත්වයක් නම් අනෙකුත් බිඟුන් ඉහල සිට පහලට වද ඉදි කල ද කනෙයි මැස්සෝ පහල සිට ඉහලට වද ඉදි කිරීම සිදුකරති. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහි ලා ඉතා වැදගත් කෘමියෙකු බව අමතක නොකල යුතුය.
    කනෙයි පැණි, මී පැණි වලටද වඩා ඖෂධීය ගුණයෙන් ඉහල බව සොයාගෙන තිබේ. මේ වන විට කනෙයි පැණි බෝතලයක වෙළඳපල මිල රු.10,000.00 ඉක්මවයි. කනෙයි පැණි වලට ඇති මෙම වෙළඳපල ඉල්ලුමත් නඩත්තුව පහසුවීමත් හේතුවෙන් වාණිජ වශයෙන් කනෙයියාවන් වගා කිරීමට ඉන්දියාව වැනි රටවල් පෙළඹී ඇත. වර්තමානය වන විට මී මැස්සන්ට වැලඳෙන Sackbrood වෛරසය, ඉටි පනු හානිය හා වරොරා මයිටාවා වැනි හේතු නිසා මී පැණි කර්මාන්තය කඩා ⁣වැටීමකට ලක් වී ඇත. එබැවින් ඊට ආදේශකයක් ලෙස කනෙයි මැස්සන් වගාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීමට කාලය එළඹෙමින් පවතී.
    උපුටා ගැනීමකි

    464623932_956993633129441_7508850580564803631_n.jpg
    464615312_956993693129435_4298141261278484497_n.jpg
    464600068_956993726462765_6571474088640702592_n.jpg
    464623932_956993633129441_7508850580564803631_n.jpg