බිඟු ගෝචර ශාක

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම මීමැස්සෝ thread දැම්මම elakiri members ලා මගෙන් ඇහුවා මීමැස්සෝ කැමති ගස් ගැනත් කියන්න කියලා. ඒක නිසා තමයි මේ thread එක දාන්නේ. සමහර අය මගෙන් මීවද ඉල්ලුවා වැඩේ පටන් ගන්න. එක්කෙනෙක්ට දුන්නා. අනිත් අයටත් ඉක්මනින් දෙන්නම්. මේ දවස් වල වැස්ස නිසා split කරන්නේ නෑ ගොඩක් අය. එකයි ටිකක් හොයාගන්න අමාරු.

    බිඟු ගෝචර ශාක

    මී මැස්සාගේ ප්‍රධාන ආහාරය වන මධු හා පරාග සපයන ශාක බිඟු ගෝචර ශාක ලෙස හඳුන්වයි. මී මැස්සාට අහාර සපයන විවිද ගෝචර ශාක ලංකාව පුරාම දක්නට ලැබේ. ඒ නිසා ලංකාවේ සෑම ප්‍රදේශයකම මී මැස්සා ජීවත් වේ. ඉතා කුඩා පැලෑටියේ සිට විශාල ගස් දක්වා විවිද බිඟු ගෝචර ශාක දක්නට හැකිය.

    මෙමෙ ශාක වලින් කොටසක් පැණි පමණක් ලබාදෙන අතර සමහරක් පරාග පමණක් ලබා දෙයි. මීට අමතරව පැණි සහ පරාග යන දෙවර්ගයම ලබාදෙන ශාක වර්ග ඇත. මෙම ශාක වලින් වැඩි ප්‍රමාණයක් පැණි සහ පරාග ලබාදෙන්නේ මල් වලිනි. එහෙත් සමහර ශාක වල මලේ පැණි හෝ පරාග වෙනුවට වෙනත් ශාක කොටස් වල නිපදවෙන පැණි මී මැස්සන් විසින් ලබා ගනී. රබර් එවැනි ශාකයකි. රබර් ශාකය පැණි ලබා දෙන්නේ කොළ හැලී යාමෙන් පසු ඇති වෙන දල්ලේ තිබෙන පැණි කෝෂයෙන්.

    දැන් අපි බලමු බිඟු ගෝචර ශාක මොනවද කියලා. මේ ගස් ඔගොල්ලොන්ගේ පැත්තේ තියෙනවා නම් ලේසියෙන්ම මී මැස්සෝ හදන්න පුළුවන්. මල් පිපෙන කාලය පදනම් කරගෙන ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි වේ.

    දිනපතා මල් පිපෙන ශාක.

    ඇන්ටිගනන්
    කූපියා
    තම්බර්ජියා
    කාමරංගා
    පොල්

    කාලීනව මල් පිපෙන ශාක.

    ටර්පන්ටයින්, රබර්
    අඹ, කෙසෙල්, රඹුටන්,
    ජම්බු, ඩ්‍රැගන් ෆෘට්
    කොහොඹ, කලවැල්
    වට්ටක්කා, වැටකොළු
    කෝපි, සූරියකාන්ත
    මොර, පලු, අටපෙතියා
    සියඹලා, සීනියාස්

    සාර්ථක මී මැසි පාලනයක් කරගෙන යාම සඳහා මෙම ශාක අත්‍යාවශ්‍යයි. බිඟු ගෝචර ශාක නොමැතිව කෘතීම අහාර පමණක් ලබා දී profitable විදියට beekeeping කල නොහැක.

    මේ තියෙන්නේ මම හැදුව video එකක් Antigonon leptopus කියන ශාකය ගැන. එක ඇත්තටම ගහක් නෙවෙයි වැලක්. ලේසියෙන්ම ගෙදර වවන්න පුළුවන්. අවුරුද්දේ හැමදාම මල් පිපෙනවා, ඒ වගේම මල් වල පැණි ගොඩක් තියෙනවා මී මැස්සන්ට.

    අපේ YouTube channel එක බලන්න මී මැස්සෝ, සත්තු සහ පලතුරු ගැන තව ඉගන ගන්න. ඕගොල්ලෝ කැමති නම් channel එකට Subscribe කරලා support එකක් දෙන්න.


     
    Last edited:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: Randir

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මම ගොවිජන සේවා එකට ගිහින් ඇහුව. එහෙන් සප් එක දෙන්නම් කිව. මේ ටිකේ වහින හින්ද වද හොයාගන්න අමාරුයි. අන්තිමට කොහොමින් හරි මට ගොවි සමිතියකුත් පිහිටවගන්න පුළුවන් උනා මේ වැඩේ හින්ද. :yes::lol: ජනවාරි වල ඉඳන් මී මැසි පාලනේ පටන් ගන්න හදන්නෙ. :yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම ගොවිජන සේවා එකට ගිහින් ඇහුව. එහෙන් සප් එක දෙන්නම් කිව. මේ ටිකේ වහින හින්ද වද හොයාගන්න අමාරුයි. අන්තිමට කොහොමින් හරි මට ගොවි සමිතියකුත් පිහිටවගන්න පුළුවන් උනා මේ වැඩේ හින්ද. :yes::lol: ජනවාරි වල ඉඳන් මී මැසි පාලනේ පටන් ගන්න හදන්නෙ. :yes:

    ela