❄❄කනෙන් බැරිනම් දිවෙන්❄❄

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ❄❄කනෙන් බැරිනම් දිවෙන්❄❄

    අනාගතයේ දී කනෙන් බැරි නම් දිවෙන් අහන්න පුළුවන්❗

    අනාගතයේ දී කන් ඇසීමේ දෝෂ තියෙන අයට කර්ණශංඛ බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් එහෙමත් නැත්නම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්.

    ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් අලූත් ම විධියේ ඇසීමේ ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා. මේ නව ක‍්‍රමයේ දී කන මග හැර කෙළින් ම මොළයට ඇහෙන්න සලස්වන්න පුළුවන්.

    මෙහි දී ඔවුන් නව තාක්‍ෂණයට යොදා ගෙන ඇත්තේ බ්ලූටූත් එකක්. ඒ අනුව බ්ලූටූත් එක මගින් ශබ්දය හඳුනාගෙන එය විදිලි ස්පන්දක වශයෙන් ඉලෙක්ට්‍රෝඩ රැසක් රඳවා ඇති ධාරකයකට යවනවා. ඒ ධාරකය දිවට තද කළ විට අසන්නාගේ දිවට ඒ ස්පන්දක දැනෙනවා. අසන්නාගේ මොළයට ඒ ශබ්ද අසන්නට ලැබෙන්නේ ඉන් පසුවයි.


    4.JPG


    "මෙය කනට සැත්කමක් කරනවාට වඩා පහසු සරල දෙයක්. අපි හිතනවා මෙය කර්ණශංඛ බද්ධයකට වඩා හුඟාක් අඩු වියදම් ක‍්‍රමයක් වේවි." මෙහෙම කියන්නේ ඇමරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය ජෝන් විලියම්ස්.

    දිවේ ස්පර්ශක ස්නායු දහස් ගණනක් තිබෙන නිසාත් එහි ඇති ස්පර්ශකවලින් එන පණිවිඩ හඳුනා ගන්නා මොළයේ ඇති කලාපයට ඉතා සංකීර්ණ තොරතුරු විකේතනය කරන්නට හැකියාව තිබියයුතු යැයි ඔහු කල්පනා කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි මහාචාර්ය ජෝන් විලියම්ස්ගේ නව මෙවලම බිහිවී තියෙන්නේ.

    "අප මෙහිදී කරන්න හදන්නේ දිවෙහි සංවේදකවලට වෙනත් ආදේශකයක් සපයා දෙන්නයි." මහාචාර්ය විලියම්ස් කියනවා.

    මෙය දෘශ්‍ය ආධාරකවලට වඩා වෙනස්. ඒවායින් කෙරෙන්නේ ශබ්දය වැඩිකර දීමක්. ඒ වගේ ම කර්ණශංඛ බද්ධයක දී කෙරෙන්නේ කනෙහි අක‍්‍රිය වූ කොටස් මග හැර ගොස් කෙළින්ම ශබ්ද ග‍්‍රාහක ස්නායුව උත්තේජනය කිරීමට මග පෑදීමයි.

    මේ ක‍්‍රම දෙකට ම වඩා මේ නව ක‍්‍රමය වෙනස්. මෙහි දී කනෙන් පිට සවිකර ඇති මයික්‍රොෆෝන මගින් ශබ්ද හඳුනාගෙන කටහඬ සකසනයකට යවනවා. එහි දී ඒවා විශ්ලේෂණය කොට විදුලි ස්පන්දක බවට හැරවිය හැකි ග‍්‍රාහකයකටයවනවා.


    5.JPG


    8.jpg


    මේ නව මෙවලම වැඩ කරන්නේ මෙහෙමයි.

    බ්ලූටූත් එකට සම්බන්ධ කර තියෙනවා මයික්‍රෝෆෝනයක්. එය පරිසරයෙන් ශබ්ද හා වදන් හඳුනා ගන්නවා.

    ඊළඟට මෙම ශබ්ද ග‍්‍රාහකයකට සම්පේ‍්‍රෂණය කෙරෙනවා. එහි දී ඒ ශබ්ද වචන හඳුනාගත හැකි විදුලි ස්පන්දක රටාවලට පරිවර්තනය කෙරෙනවා. එය ග‍්‍රාහකයක් විතරක් නොවෙයි සකසනයක් ලෙසත් කි‍්‍රයා කරනවා. ඒ විදුලි ස්පන්දක රටා යවනවා ඉලෙක්ට්‍රෝඩවලින් පිරුණු ධාරකයකට.

    ඒ ධාරකයට දිව ඊට තද කළ විට අසන්නාට ඒ හඳුනාගත හැකි රටාවල පිළිවෙළ අල්ලා ගන්නට පුළුවන්.

    මේ සඳහා අසන්නාට මූලික පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඉන් පසුව ඒ ශබ්ද පහසුවෙන්ම තේරුම් ගන්න අසන්නාට හැකියාව ලැබෙනවා.

    සොනෝග‍්‍රෑමයක ඇති කළු ඉරිවලින් ශබ්ද විද්‍යාඥයන්ට අකුරු හඳුනා ගෙන කියවන්න පුළුවන්. ඒ වගේ ම බ්රේල් තිත්වලින් ඇස් නොපෙනෙන අයට අකුරු කියවන්න පුළුවන්. මේ ක‍්‍රමයට ස්පන්දක වලින් ලැබෙන ශබ්ද රටා හඳුනා ගන්න අසන්නාට පහසුවෙන් හැකි බවයි ඒ විද්‍යාඥයන් පවසන්නේ.


    9.jpg


    මේ පර්යේෂණයේ යෙදෙන්නේ මහාචාර්ය විලියම්ස් සමග ආචාර්ය උපාධියට ඉගෙන ගන්නා ජේ. ජේ මොරිට්ස් ඇතුළු පිරිසක්. ඔවුන් පසුගිය වසර තිස්සේ ම මේ සම්බන්ධව විවිධ මෙවලම් තනමින් පර්යේෂණයෙහි යෙදුණා.

    දැන් එහි සාර්ථකත්වය නිසා මෙය වැඩි දියුණු කොට ලොවට හඳුන්වා දෙන්නට ඔවුන් ආයතනයක් පිහිටුවලා එහි හිමිකම් බලපත‍්‍රයක් පවා අරන් අවසානයි.

    අනාගතයේ දී කන වෙනුවට දිවෙන් අහන්න පුළුවන් මේ නව මෙවලම වෙළඳ පොළේ දී දැක ගන්න හැකි වේවි.




     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    This means the brain can adopt to any input instrument.:shocked:It's like a super computer with unlimited numbers of input jacks.This will lead us to see beyond what we can normaly see or hear isn't it.We can get the hearing of a dog,eyes of an eagle.
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    This means the brain can adopt to any input instrument.:shocked:It's like a super computer with unlimited numbers of input jacks.This will lead us to see beyond what we can normaly see or hear isn't it.We can get the hearing of a dog,eyes of an eagle.

    Brain IS super computer bro..