මෙම මාසයේ පවතින සංචරණ සීමාවන් මෙමස 31 වනදා අවසන් වීමට නියමිත අතර සෞඛ්‍ය අංශ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ සිදු වූ විශේෂ සාකච්චාවකදී ලබ මාසයේ (ජූනි) මුල් සති දෙක (දින 14ක්) රට වසාතැබීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දින 14ක් රට වසා තබමින් සංචරණ සීමා දැඩි කරන ලෙස මෙරට සියළුම වෛද්‍ය සංගම්ද ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද අද ඉදිරිපත් කලේය.
ඒ අනුව ලබන ජූනි මස 01 වනදා සිට 14 වනදා දක්වා රටම වසා තැබීමට තීරණය කර තිබේ. නමුත් එම කාලය තුල දින දෙකක් (සතියකට එක් දිනක් බැගින්) අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට විවෘත කෙරෙන බවද වාර්තා වේ.
මෙම කාලය තුල සියළුම වෙළඳසැල්, ගමනාගමනය ඇතුළු ක්ෂේස්ත්‍ර රැසක් වසා තැබීමට නියමිතය.
විවෘතව තැබීමට අවසර හිමිවන්නේ ෆාමසි, රෝහල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලට පමණි.
මෙම තීරණය නිල වශයෙන් ඉදිරි දින කිහිපයේ මහජනතාව වෙත දැනුම් දීමට නියමිත අතර, පළමු වරට ඔබට අණාවරණය කරනු ලැබුවේ Just In අප පුවත් කණ්ඩායම විසිනි.