❗❗❗වැඩියෙ සතුටු වෙන්න එපා... 😆😆😆

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ගෙවා ගන්න බැරුව තියෙන ණය ඩොලර් බිලියන 53ට.. තව බිලියන 3ක් එකතු වෙලා ගාන 56ක් වුනා විතරයි...! 🤭 🤭 🤭

    330274443_1007950073520924_2821654320444839404_n.jpg
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපායේ ඉන්ටවල් ඉවරයි… ධන බද්ද, හුවමාරු බද්ද ඇතුළු වහා ක‍්‍රියාත්මක කල යුතු IMF කොන්දේසි මෙන්න…


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකෙම් පළමු වාරික ලෙස ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක ඇතුළත මෙරට ලැබීමට නියමිතය.
    වසර හතරක් තුළ වාරික වශයෙන් මෙම ඩොලර් බිලියන තුන ලබා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ හා කොන්දේසි ඉටු කිරීමේ පදනම මතයි.

    ශ්‍රී ලංකාව මීළඟට ක්‍රියාත්මක කල යුතු ජාත්‍යන්තර මූල්‍ය විසින් පනවන ලද ප‍්‍රධාන කොන්දේසි මෙසේය.

    • ණය ප්‍රතිව්‍යුහගතකරන සැලසුම අප්‍රේල් මාසය අවසන් වන විට ඉදිරිපත් කළ යුතුය
    • එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුය
    • රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය ඉතා ඉක්මණින් ගත යුතුය
    • ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම
    • දේපළ සහ ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දීම
    • 2023 වසර අවසන් වන විට උද්ධමනය 12%-18% දක්වා ගෙන ඒමට ඉලක්ක කිරීම
    • ජූනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන අපනයන සීමා ඉවත් කළ යුතුය
    • විනිමය අනුපාත නම්‍යශීලීභාවය පවත්වාගෙන යාම
    • මහබැංකුව වඩා ස්වාධීන කිරීම
    • ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දීම