චන්ද්‍රා මේ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා...
ඔබගේ සිනාවෙන් මුලාවී


මේ රෑ පවා මල් පිපේවී
රන් තාරකාවෝ සිනාසේ
ප්‍රේමේ අමා ගී ගයාවී
ආසාව ආවාද මෝරා
හැමදාම ඔබ මාගෙ වේවා...
චන්ද්‍රා මේ රෑ පායා ආවා...
සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වතී පෙම්වතාගේ
අරගන්න ඔබෙ දෑතේ සුරතල්
දෛවේ මගේ පිහිට වේවා...
චන්ද්‍රා මේ රෑ පායා ආවා...