❤ SitH pAwRa ♡

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුක.. සතුට බෙදාගන්න එක තමයි අපි එකිනෙකා ගැන සුහදව සිතන යහපත් ප්‍රජාවක් වශයෙන් කල යුත්තේ.

විශේෂයෙන් දුක අප තුලම සඟවා තබා ගැනීමෙන් අපට දැනෙන වේදනාව අති මහත් සේම එවන් අවස්ථාවලදී ඉක්මන් වී සිතට වහල් වී ගන්නා දරුණු වැරදි තීරණ වලින්ද වැලකිය හැකි වෙනවා මේ වගෙ තැනක එය කෙලින්ම ප්‍රකාශ කිරීම තුලින්....


සතුට නම් කොහොමත් චමත්කාරජනකයිනේ...

හැබැයි අපි මෙතැනින් කල යුත්තේ එවන් දුකක ඉන්නා කෙනෙක්ගේ සිත අපේ අත්දැකීම් මතින් නිවා සනසාලීමයි...

ඇවිලෙන ගින්නට පිදුරු දමා සදාචාරසම්පන්න නොවන fun ගැනීම කොහෙත්ම සුදුසු නොවන බවත් සිත්හී තබා ගන්න අපි අමතක කරන්න හොඳ නැහැ...


මල්ලියා හොඳ වැඩක් ආරම්භ කරල තියෙන්නේ...දිගටම කරගෙන යන්න වෙර වීරිය ලැබෙන්න කියල පතනවා...
 
Last edited: