ශ්‍රී ලංකා නියෝජිතයන් පිළි ගැනීම
රුසියාව කල් දමයි...!
රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා, මෙරට නියෝජිත පිරිසක් මේ සති අන්තයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද, එම සංචාරය තවදුරටත් කල්ගොස් ඇති බව වාර්තා වේ.
රුසියාව බලා යාමට නියමිතව සිටි නියෝජිත පිරිසට, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරු ඇතුළත් විය.
කලින් දැනුම් දී තිබුණු පරිදි අදාල සංචාරය මේ සතියේ දී සිදු නොවන බව පැවසේ. නියෝජිත පිරිස පිළිගැනීම කල්දමා ඇත්තේ රුසියාව පාර්ශ්වයෙනි.
පසුගිය සති අන්තයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ, රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරු දෙදෙනෙක් කඩිනමින් පිටත්ව යන බවයි.