⭕ මෙන්න තවත් #හබරලෙක් ?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    දැන් කට්ටිය ඇත්තටම කල්පනා කරනවා ඇති මොකාද මේ හබරලා කියන්නේ කියලා ?

    ඔබට මෙය කුතුහලයක් එක්කිරීමට උවමනා වූ නිසා මා හබරලා යනුවෙන් පැවැසුවත් ඇතැම් ප්‍රදේශ තුල මේ සර්පයාටද හබරලා ලෙස හඳුන්වයි නමුත් පලමුවම කිවයුතු වන්නේ සැබැවින්ම #හබරලා යනුවෙන් සර්පයෙක් නොමැති බවය. එය හුදෙක් ගම් වල ව්‍යාප්තව පවතින නොදන්න ඕනෑම සර්පයෙක් සඳහා බාවිතා කිරීමට හා ශරීරයේ කිසිඳු සලකුණක් නොමැති සර්පයන් සඳහා යොදාගත් නමක් ලෙස සැලකිය හැකිය.

    හරි අපි බලමු මේ හබරලා කියන සර්පයා කවුද කියලා. ඒ තමා,

    🐍 නම :- #කටකළුවා
    ඉංග්‍රීසි නම :- Trnket Snake
    විද්‍යයාතමක නාමය :- Coelognathus helena
    විෂ තත්වය :- නිර්විෂ

    අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ නිර්විෂ අහිංසක සර්පයෙක් ගැන. ඒ තමා #කටකලුවා ගැන. කටකලුවා යන නාමය ඇසුන සැණින් ඔබට අතීතයෙ සිට එන කටකතා, මිත්‍යා මත රාශියක් සිහි වෙන්න ඇති. අපි බලමු ඒ මිත්‍යා මත මොනවාද කියලා,

    🐍මෙම සර්පයා ගැන කතා කලහොත් මිනිස් සමාජය තුල පවතින්නේ වැරදිම ආකල්පයකි. එනම් කටකලුවා යනු උග්‍ර විෂ සර්පයෙක් බවත් දශ්ඨනයක් සිදු කල පසු පලා ගොස් ලඟම ඇති ගහකට නැග එම දශ්ඨනයට ලක්වූ පුද්ගලයා මිය යන තුරු ගහ උඩටවී බලා සිටින බවත් මිය ගිය පසු ගහෙන් බහින බවත්ය.එසේම මේ සර්පයා ගසෙන් බිමට බසින්නෙත් මියගිය පුද්ගලයා භූමිදානය සදහා සොහොනට ගෙන ගිය පසු බවත් සැලකේ .ඒමෙන්ම දෂ්ඨනයට ලක්වු පුද්ගලයාට කරනු ලබන ප්‍රතිකාර සාර්ථක වන්නේද සර්පයා පොළව මත සිටිනවා නම් පමණි යන්නය.එනම් සර්පයා ගසකට නැග සිටටීමේදි කරනු ලබන ප්‍රතිකාරවලින් කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් ගැමියන් විශ්වාස කරයි.මිට පිළියමක් ලෙස ගැමියන් වෙනත් මළ කදක ආකෘතියක් සකසා එය රැගෙන ගොස් භූමිදානය කිරිමට කටයුතු කරයි.එය දකින සර්පයා බිමට බැසිමෙන් පසුව දෂ්ඨනයට ලක්වු පුද්ගලයාට ප්‍රතිකාර කිරම සිදු කරයි යන්නය. තවද මෙම සර්පයගේ දශ්ඨනයට ලක්වුණු පුද්ගලයන් කට කලුවී මිය යන බවද එක් මතයකි.මේම සියල්ලන්ම හුදෙක් මිත්‍යා විශ්වාසයන් පමණි. මන්ද එයට හේතුව නම් කටකලුවා යනු නිර්විෂ අහිංසක සර්පයෙක් වන බැවිනි.

    🐍තවද මෙම කටකලුවා නයෙක්ගෙන් ගැරඬියෙකුට දාව උපදින ස‍ර්පයෙක් බවත් ජන සමාජය තුල ගොඩ නැගී ඇති මිත්‍යා මතයකි.එම නිසා මේ සර්පයාද නයා මෙන් උග්‍ර විෂ ලෙස සලකුණු ලබයි.මෙහිත් සත්‍ය කරුණ නම් කටකලුවා යනු නිර්විෂ එනම් කිසිඳු විෂක් නැති අහිංසක සර්පයෙකි. බිය වූ විට ඉංග්‍රීසි භාෂාවේ "S" හැඩයට දඟර ගැසී කට ඇර විෂ සර්පයන් ලෙස පෙනී සිටමින් විලෝපිකයන් පලවා හැරීම සිදු කරයි. නමුත් ඉහත සඳහන් කිසිඳු කරුණක් සත්‍ය නොවන අතර එය සම්පූර්ණ වශයෙන්ම වැරදි මතයකි.

    ⭕ #හඳුනාගැනීම ⭕

    අපි දැන් මේ සතා හඳුනාගන්නා මූලික කරුණු ටිකක් බලමු. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තියන තරමක පැහැදිලි ගෙලක් සහිත පැතලි හිසක් ඇත. එමෙන්ම පළල්ව වටකුරු වූ හොම්බක් දැක ගත හැකිවේ. වටකුරු හෝ තිරස් ඉලිප්සාකාර කණිනිකාවක් සහිත තරමක් විශාල ඇස් පිහිටන අතර ශරීරයේ දිගෙන් 1/5ක් පමණ වන කෙටි වලිගයක් මේ සර්පයන්ට පිහිටයි.

    ⭕🐍වර්ණයන් ගැන කතා කිරීමේදී ශරීරය ඔලිව් මිශ්‍ර දුඹුරු හෝ චොක්ලට් දුඹුරු පැහැති ස්වරූපයක් ගනී. සුදු පුල්ලි සහිත කළු හරස් පටි ශරීරයේ ඉදිරිපස කොටසේදී වඩාත් කැපීපෙනෙන ලෙස පිහිටයි. මෙම පටි අතර ප්‍රදේශය සුදු පැහැයට හුරුය. ශරීරයේ නැට්ට කොටසට යත්ම සුදු පුල්ලි සහ කළු හරස් පටි දකින්නට නොමැති අතර නැට්ට දෙසට ශරීරයේ දෙපැත්තෙන් සමාන්තරව යන තද දුඹුරු පටි දෙකක් තියනවා වගේම බෙල්ලට පිටුපස ප්‍රදේශයේ සහ ඇසට පිටුපසින් පැහැදිලිව කෙටිව විහිදුණු කළු පටි කිහිපයෙන් මේ සර්පයා වඩාත් ඉක්මනින් හඳුනාගත හැක. ඒ වගේම රන් පැහැයට සමාන කණිනිකාවක් හා නිල් පැහැයට හුරු කළු පැහැති දිව වගේම බඩ ප්‍රදේශය කහ මිශ්‍ර සුදු පැහැති වේ.

    🐍හැසිරීම් රටාව ගත්තොත් මෙම සර්පයාද
    නිශාචර මෙන්ම දිවාචර හැසිරීම්ද පෙන්වයි. ප්‍රධාන වශයෙන් භෞමීකව ජීවත් වන සර්පයෙක් වන නමුත් ගස් මතද දක්නට හමුවේ. ඉතා වියළි කාල වලදී හුඹස් සහ ගල් ගොඩවල් තුල ඇති ගුල් තුල ගත කරයි. බොහෝවිට යුවළ වශයෙන් දිවිගෙවයි. කලබල වූ විට ශරීරයේ ඉදිරි කොටස දඟරගසා (ශරීරය ඉංග්‍රීසි හෝඩියේ " S " හැඩයට ) ඇතැම්විට වලිග කෙළවර සොලවමින්, ගෙල ප්‍රදේශය පැතලි කරමින් කට ඇතුළත කළු පැහැය දිස්වන සේ විවර කරගෙන සපා කෑමට තැත්කරයි. නමුත් ඉක්මනින් හීලෑවන සර්පයෙකි. වරකට බිත්තර 6-12 අතර ප්‍රමාණයක් දමයි. බොහෝවිට බිජුලෑමට හුඹස් යොදාගනී.

    🐍🦎🐦🐁ආහාර වශයෙන් ප්‍රධාන ලෙස මීයන්, ලේනුන්, කටුස්සන් හා ගෙම්බන් ආහාරයට ගනියි. මොවුන්ගේ පැටවුන් කෘමීන්ද ආහාරයට ගන්නා අතර ගොදුරු ගැනීමේදී ඇතැම්විට ගොදුර වෙලාගෙන , සංකෝචනය කොට ගිල දමයි.

    ⭕විෂ තත්වය පිළිබඳව කතා කරන විට නිර්විෂ සර්පයෙකි. නමුත් කලාතුරකින් තුවාල වන සේ සපා කෑ හැක.

    ඉතින් ඔබට වැටහෙන්න ඇති මෙම සර්පයා සම්බන්ධව කොතෙක් වැරදි වැටහීම් මත කෙතරම් මරණයට ලක් වෙන සතෙක්ද කියා.එම නිසා පරිසරයේ සමතුලිතතාවයට දායක වෙන මෙම සර්පයන් අවබෝධයකින් යුතුව හඳුනගෙන තවත් කෙනෙකු දැනුවත් කරමින් රැක ගනිමු..

    සටහන :- Suraj Saliya
    සර්පයන් සුරැකීමේ සමූහයන් වෙනුවෙන්

    ජායාරූප අයිතිය :- melusha padmika මහත්මියගේ සහ අනෙකුත් අයිතිකරුවන් සතුය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    මම නම් මොකා ආවත් දුටු තැන ප්‍රහාර එල්ල කරනවා . නයි 6 එක්ක ද්වන්ද සටන් වෙන විදිය දැකල තියනවා , සමහර එවට සපොට් දීලා තියනවා සමහර ඒව තනියෙන් මරලා තියනවා. වෙලාවක පව් කියලා හිතෙනවා ඒත් අපි උන්ගේ ගෙවල් අස්සේ යන් නෑනේ . උන් නේ අපේ ගෙවල් අස්සේ එන්නෙ. ගැරඩි නම් දැන් අදුරනවා . වෙන උන් මොකා ආවත් පොලු පාර සුවර්ම තමා .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට ලස්සනයි බන්. මම නම් කවදාවත් සර්පයෝ මරල නැ. මට පොඩි කාලේ ඉඳන්ම සත්තු ගැන ලොකු දැනුමක් ලබා දුන්න අපේ අයියලාගේ යාළුවො.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    මම නම් මොකා ආවත් දුටු තැන ප්‍රහාර එල්ල කරනවා . නයි 6 එක්ක ද්වන්ද සටන් වෙන විදිය දැකල තියනවා , සමහර එවට සපොට් දීලා තියනවා සමහර ඒව තනියෙන් මරලා තියනවා. වෙලාවක පව් කියලා හිතෙනවා ඒත් අපි උන්ගේ ගෙවල් අස්සේ යන් නෑනේ . උන් නේ අපේ ගෙවල් අස්සේ එන්නෙ. ගැරඩි නම් දැන් අදුරනවා . වෙන උන් මොකා ආවත් පොලු පාර සුවර්ම තමා .
    පණ්ඩිතකන් කියවනකන් සර්පයො පොඩ්ඩක් අඳුර ගන්න උත්සාහ කරපන්. මැරෙන්න තරන් විස හය හත් දෙනයි ලංකාවෙම ඉන්නෙ.
    උග්‍ර විෂ එකෙක් උනත් අල්ලල කොහෙට හරි ගිහින් දාන එක මහ අමාරු වැඩක් නෙමේ ඕනකමක් තියෙනවනන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth

    ඒකට කියන්නේ මෝඩ කම. සර්පයි දැක්කම බය වෙන්නේ ගෑනු නෙ බන්.
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මම නම් මොකා ආවත් දුටු තැන ප්‍රහාර එල්ල කරනවා . නයි 6 එක්ක ද්වන්ද සටන් වෙන විදිය දැකල තියනවා , සමහර එවට සපොට් දීලා තියනවා සමහර ඒව තනියෙන් මරලා තියනවා. වෙලාවක පව් කියලා හිතෙනවා ඒත් අපි උන්ගේ ගෙවල් අස්සේ යන් නෑනේ . උන් නේ අපේ ගෙවල් අස්සේ එන්නෙ. ගැරඩි නම් දැන් අදුරනවා . වෙන උන් මොකා ආවත් පොලු පාර සුවර්ම තමා .
    සර්පයෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    ඒකට කියන්නේ මෝඩ කම. සර්පයි දැක්කම බය වෙන්නේ ගෑනු නෙ බන්.
    උබ නිර්භීත ඇති උන් එක්ක ලගින්න . ඔව් මම බයයි ඒ නිසා සමානය සත්තු වගේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මගේ ආරක්ශාව තකා .

    පණ්ඩිතකන් කියවනකන් සර්පයො පොඩ්ඩක් අඳුර ගන්න උත්සාහ කරපන්. මැරෙන්න තරන් විස හය හත් දෙනයි ලංකාවෙම ඉන්නෙ.
    උග්‍ර විෂ එකෙක් උනත් අල්ලල කොහෙට හරි ගිහින් දාන එක මහ අමාරු වැඩක් නෙමේ ඕනකමක් තියෙනවනන්.
    මට උන් ලගට ආවම උන්ව බල බල අදුරගන්න වෙලා නෑ . යන්තමින් හරි අදිරගන්න පුලුවන් ගැරඩි . ඉට එහා මොකා ආවත් ඇරලා දානව . දැන් නයා මම ලගට ආවම අනේ මිනිහෙක් කියලා හැරිලා යන් නෑනේ ඒ වගේ තමා මාත් ආරක්ශාව තකා ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. මට ආසයි බලන්න උබල මේ බහුශෘත ටෝක් දීලා ඇත්තට සර්පයෙක් මීටරයක් දෙකක් තියලා හම්බුනාම හැසිරෙන හැටි බලන්න ගූගල් කරගෙන ඒම
    ------ Post added on Feb 25, 2024 at 10:46 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    උබ නිර්භීත ඇති උන් එක්ක ලගින්න . ඔව් මම බයයි ඒ නිසා සමානය සත්තු වගේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මගේ ආරක්ශාව තකා .

    මට උන් ලගට ආවම උන්ව බල බල අදුරගන්න වෙලා නෑ . යන්තමින් හරි අදිරගන්න පුලුවන් ගැරඩි . ඉට එහා මොකා ආවත් ඇරලා දානව . දැන් නයා මම ලගට ආවම අනේ මිනිහෙක් කියලා හැරිලා යන් නෑනේ ඒ වගේ තමා මාත් ආරක්ශාව තකා ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. මට ආසයි බලන්න උබල මේ බහුශෘත ටෝක් දීලා ඇත්තට සර්පයෙක් මීටරයක් දෙකක් තියලා හම්බුනාම හැසිරෙන හැටි බලන්න ගූගල් කරගෙන ඒම
    ------ Post added on Feb 25, 2024 at 10:46 AM
    Don GasCan සර්පයා දුටුවාද? 🤔
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,012
    113
    මම නම් මොකා ආවත් දුටු තැන ප්‍රහාර එල්ල කරනවා . නයි 6 එක්ක ද්වන්ද සටන් වෙන විදිය දැකල තියනවා , සමහර එවට සපොට් දීලා තියනවා සමහර ඒව තනියෙන් මරලා තියනවා. වෙලාවක පව් කියලා හිතෙනවා ඒත් අපි උන්ගේ ගෙවල් අස්සේ යන් නෑනේ . උන් නේ අපේ ගෙවල් අස්සේ එන්නෙ. ගැරඩි නම් දැන් අදුරනවා . වෙන උන් මොකා ආවත් පොලු පාර සුවර්ම තමා .
    math issara ohoma thama. fb group walata pin sidda wenda baya adui. ahinsaka un godak anduragnda puluwan dakkama
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මගේ ත්‍රස්තවාදී ගතිය වැඩී ☠️
    Oka thrastha gathiya neme මජර ගතිය

    මරපු සියල්ල සර්පයන් වේ 🤭
    ඇයි. කූබි ගෙම්බො පත්තෑයො ගෝනුස්සෝ මරලම නැද්ද
    ------ Post added on Feb 27, 2024 at 12:18 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and reuse