🇱🇰 ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත 🏦🤷🏻‍♂️

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    🇱🇰
    ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත
    🏦
    🤷🏻‍♂️

    👁‍🗨
    ඉතිරිකිරීමේ ගිණුමක් අවුරුදු ගාණක් පරණ වූ විට ඕනෑම ගණනක loan එකක් ගැනීමට හැකියැයි සිතීම
    👁‍🗨
    පවුලේ ඕනෑම අයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් තමන්ගේ මෙන් පාවිච්චි කර හිර වූ විට එය ලබාදීමට බැංකුවෙන් බැඳී සිටින බව සිතීම
    💳

    👁‍🗨
    කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ක්ෂණිකව කරගැනීමට හැකියැයි සිතීම
    👁‍🗨
    වාහන පැදවීමට, රට යාමට පාවිච්චි කරන බලපත්‍ර/ලියකියවිලි හෝ ග්‍රාමසේවක අත්සන් කරන ලද පිංතූරයකින් වුවත් බැංකුවක ඕනෑම ගණුදෙනුවක් කරගැනීමට හැකිබව සිතීම
    👁‍🗨
    තුනට බැංකු වසා දැමුවත් ඇතුලේ ස්ටාෆ් එක ඉන්න බැවින් රෑ වෙනතුරු ඕනම වැඩක් කරගැනීමට හැකිබව සිතීම
    👁‍🗨
    තුනට බැංකු වැසූ පසු ස්ටාෆ් එකේ අය ගෑණු පිරිමි මල් පළතුරු, වන් බවුන්ස්, කැරම්, ඕමි වැනි විනෝද ක්‍රීඩා වල නිරතවෙමින් පහ වෙනතුරු හිඳ ගෙදර යන බව සිතීම
    👁‍🗨
    අත්සන යනු එවෙලෙට හිතට එන මොකක්හරි ඇඳ තමන්ට කැමති වෙලාවක කැමති විදියට වෙනස්කරගත හැකි චිත්‍රයක් මෙන් සිතීම
    👁‍🗨
    දුරකතනයෙන් අමතන ඕනෑම අයෙකුව කටහඬින් අඳුරගැනීමට හැකියැයි සිතීම
    ☎️

    👁‍🗨
    හැඳුනුම්පත යනු නිකම්ම නිකං පිංතූරයක් පමණක් බවත් එය රැගෙන යාම ගණුදෙනුවක් කිරීමට අමතර සුදුසුකමක් බව සිතීම
    👁‍🗨
    පෝළිමේ සිටින අනිත් හැම කෙනෙක්ම ගුඩ් මෝනිං කීමට, හාල් පොල් එළවලු ගැනීමට, සතුටු සාමිචියේ යෙදීමට පැමිණ ඇති බවත් තමන් පමණක් අත්‍යවශ්‍ය බැංකු කටයුත්තකට පැමිණ සිටින බව සිතීම
    👁‍🗨
    සඳුදාවල්, සිකුරාදාවල්, long weekend වලට පෙර හා පසු දින වැනි දිනවල ගණුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද, බෝනස් පොළී හා අමතර වාසි හිමි වන බව සිතා වැල නොකැඩී එන්නට සිතීම
    👁‍🗨
    සේවා ගාස්තු, පොළී, වාර්ෂික ගාස්තු හෝ අයකිරීම් ලබාගැනීම නොකලයුතු වැරැද්දක් බවත් සමාජීය සුභසාදනයට, ව්‍යාපාර වලට උරදීමෙන් ලැබෙන මානසික තෘප්තියෙන් බැංකු පවත්වාගෙන යායුතු බව සිතීම
    👁‍🗨
    Online සේවා, ATM මැෂින්, deposit මැෂින් යනු බැංකු විසින් හඳුන්වා දුන් හඳුනානොගත් අත්භූත බලවේගයක විදේශ කුමන්ත්‍රණයක් බවත් ඒවා පාවිච්චි කිරීමෙන් තමුන්ට දෙයියන්ගෙ ලෙඩ පවා හැදීමට හැකි බව සිතීම
    👁‍🗨
    චෙක්පත් වලට මුදල් දැමීම, ලෝන් ගෙවීම වැනි කටයුතු බැංකුවෙන් කතා කලොත් පමණක් සලකාබැලිය යුතු බවත් එසේ නොමැතිව ගණං ගතයුතු නැති දේවල් යැයි සිතීම
    👁‍🗨
    බැංකුවල වැඩකරන අයත් බල්බ් පත්තුවන, කිසිදාක වැරදීමක් නොවන, මානුෂීය හැඟීම් නැති, ලක්ෂගණනින් වැටුප් ලබන රොබෝවරුන්යැයි සිතීම
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට විරුද්දව කතා කලොත් රාජ උදහසට ලක් විය හැකි ද ?
    👁‍🗨
    කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ක්ෂණිකව කරගැනීමට හැකියැයි සිතීම
    අදුනන්න කෙනෙක් නැති නම් සමහර බැංකු වලට යනවට වඩා හොදයි පුka බිම ඇනගන්න එක. ගනදෙනු කාරයා එන්නේ උගේ වැඩක් කරගන්න නෙමේ බැංකුවේ වැඩක් කරලා දෙන්න වගේ සැලකීම.
    👁‍🗨
    සේවා ගාස්තු, පොළී, වාර්ෂික ගාස්තු හෝ අයකිරීම් ලබාගැනීම නොකලයුතු වැරැද්දක් බවත් සමාජීය සුභසාදනයට, ව්‍යාපාර වලට උරදීමෙන් ලැබෙන මානසික තෘප්තියෙන් බැංකු පවත්වාගෙන යායුතු බව සිතීම

    👁‍🗨
    Online සේවා, ATM මැෂින්, deposit මැෂින් යනු බැංකු විසින් හඳුන්වා දුන් හඳුනානොගත් අත්භූත බලවේගයක විදේශ කුමන්ත්‍රණයක් බවත් ඒවා පාවිච්චි කිරීමෙන් තමුන්ට දෙයියන්ගෙ ලෙඩ පවා හැදීමට හැකි බව සිතීම

    සාධාරණ ගානක් ගැනීම සාදාරන උනත්, පහත උදා. බලන්න ATM එකෙන් සල්ලි ගන්න withdrawal ෆී එකක් ගන්න අතර, කවුන්ටරෙන් ගන්න ෆී එකක් නැත (බොහෝ බැංකු වල) ඒ මදිවට කවුන්ටර් එකෙන් ගන්න ගියහම මැෂිමට යන්න ලු. සල්ලි, තමන්ගේ නම්, එකෙන් බැංකුවත් ලාබයක් උපයලා පොලිය ගෙවන්නේ නම් දෙවිදිහකට සැලකිලි මන්ද ?
    ලෝන් කීපයක් තියන විට ඇනුවල් රිනිවල් කියලා කීප විටක් මුදල් කපා ගැනීම. අවුරුද්දද පුරා අලුත් ලෝන් ලබානොදීමත්, පරණ ලෝන් ගෙවා ඉවර නොවේ තිබෙනවා නම් කීප විටක් රිවිව් ෆීස් ගන්න එක මම නම් අසාදාරන අයකිරීමක් ලෙස දකින්නේ. එක්තරා බැංකුවක්.

    👁‍🗨
    බැංකුවල වැඩකරන අයත් බල්බ් පත්තුවන, කිසිදාක වැරදීමක් නොවන, මානුෂීය හැඟීම් නැති, ලක්ෂගණනින් වැටුප් ලබන රොබෝවරුන්යැයි සිතීම
    බැංකුවට එන සියලුම ගනදෙනු කාරයන් ඉංග්‍රීසි විශාරද ලෙස බැංකු සිතන අතර, මාළු විකුනන්න්නන් , පොලේ වෙලදාම් කරන්නන් සියලුම බැංකු නීති හොදින් දන්නා බව සිතීම, බැංකු ව්ලින් අතපසු නොවන ලෙස වැඩ කරන අතර පැමිණ සිටින්නා ගේ ඇදුම් පැළදුම් මත ඔහුට දෙන සේවය සැලකීම. පොඩි ගනිදෙනු කරුවෙකුට වැරදීමකට සොරි, සමාවන්න නොවුනත්, හොදින් ඇදගන්නා, ඉංග්‍රීසි කතා කරන කෙනෙකුට සර් කියලා, පමාවට සොරි කියලා තමා ගනුදෙනුව ඉවර කරන්නේ.


    මේ මම යන එන කොට දැකපු, දැනුන කීපයක් පමණි. මම පුද්ගලිකව මේ වගේ දේවල් වලට මුහුණ නොපාන බවත්, මාගේ රස්සාව නිසා හැදුනුම්කම් මත ලාබ, ප්‍රයෝජන ගන්නා බවත් කියන්නම ඕන. නැති නම් මේක වැරදියට ගන්නේ මගේම බැංකු මිතුරන් උනත්.
     

    Similar threads