ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත
ඉතිරිකිරීමේ ගිණුමක් අවුරුදු ගාණක් පරණ වූ විට ඕනෑම ගණනක loan එකක් ගැනීමට හැකියැයි සිතීම
පවුලේ ඕනෑම අයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් තමන්ගේ මෙන් පාවිච්චි කර හිර වූ විට එය ලබාදීමට බැංකුවෙන් බැඳී සිටින බව සිතීම
කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ක්ෂණිකව කරගැනීමට හැකියැයි සිතීම
වාහන පැදවීමට, රට යාමට පාවිච්චි කරන බලපත්‍ර/ලියකියවිලි හෝ ග්‍රාමසේවක අත්සන් කරන ලද පිංතූරයකින් වුවත් බැංකුවක ඕනෑම ගණුදෙනුවක් කරගැනීමට හැකිබව සිතීම
තුනට බැංකු වසා දැමුවත් ඇතුලේ ස්ටාෆ් එක ඉන්න බැවින් රෑ වෙනතුරු ඕනම වැඩක් කරගැනීමට හැකිබව සිතීම
තුනට බැංකු වැසූ පසු ස්ටාෆ් එකේ අය ගෑණු පිරිමි මල් පළතුරු, වන් බවුන්ස්, කැරම්, ඕමි වැනි විනෝද ක්‍රීඩා වල නිරතවෙමින් පහ වෙනතුරු හිඳ ගෙදර යන බව සිතීම
අත්සන යනු එවෙලෙට හිතට එන මොකක්හරි ඇඳ තමන්ට කැමති වෙලාවක කැමති විදියට වෙනස්කරගත හැකි චිත්‍රයක් මෙන් සිතීම
දුරකතනයෙන් අමතන ඕනෑම අයෙකුව කටහඬින් අඳුරගැනීමට හැකියැයි සිතීම
හැඳුනුම්පත යනු නිකම්ම නිකං පිංතූරයක් පමණක් බවත් එය රැගෙන යාම ගණුදෙනුවක් කිරීමට අමතර සුදුසුකමක් බව සිතීම
පෝළිමේ සිටින අනිත් හැම කෙනෙක්ම ගුඩ් මෝනිං කීමට, හාල් පොල් එළවලු ගැනීමට, සතුටු සාමිචියේ යෙදීමට පැමිණ ඇති බවත් තමන් පමණක් අත්‍යවශ්‍ය බැංකු කටයුත්තකට පැමිණ සිටින බව සිතීම
සඳුදාවල්, සිකුරාදාවල්, long weekend වලට පෙර හා පසු දින වැනි දිනවල ගණුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද, බෝනස් පොළී හා අමතර වාසි හිමි වන බව සිතා වැල නොකැඩී එන්නට සිතීම
සේවා ගාස්තු, පොළී, වාර්ෂික ගාස්තු හෝ අයකිරීම් ලබාගැනීම නොකලයුතු වැරැද්දක් බවත් සමාජීය සුභසාදනයට, ව්‍යාපාර වලට උරදීමෙන් ලැබෙන මානසික තෘප්තියෙන් බැංකු පවත්වාගෙන යායුතු බව සිතීම
Online සේවා, ATM මැෂින්, deposit මැෂින් යනු බැංකු විසින් හඳුන්වා දුන් හඳුනානොගත් අත්භූත බලවේගයක විදේශ කුමන්ත්‍රණයක් බවත් ඒවා පාවිච්චි කිරීමෙන් තමුන්ට දෙයියන්ගෙ ලෙඩ පවා හැදීමට හැකි බව සිතීම
චෙක්පත් වලට මුදල් දැමීම, ලෝන් ගෙවීම වැනි කටයුතු බැංකුවෙන් කතා කලොත් පමණක් සලකාබැලිය යුතු බවත් එසේ නොමැතිව ගණං ගතයුතු නැති දේවල් යැයි සිතීම
බැංකුවල වැඩකරන අයත් බල්බ් පත්තුවන, කිසිදාක වැරදීමක් නොවන, මානුෂීය හැඟීම් නැති, ලක්ෂගණනින් වැටුප් ලබන රොබෝවරුන්යැයි සිතීම