🇵🇰 ️🇨🇳පකිස්ථානය චීනයෙන් J31 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් වෙයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,929
    10,294
    113
    පකිස්ථානය සිය ගුවන් හමුදාව ශක්තිමත් කිරීම සදහා චීනයේ නිශ්පාදිත J-31 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටී. චීනයේ නිෂ්පාදිත J-31 'Stealth' ප්‍රහාරක ජෙට් යානය එක්සත් ජනපදයේ F-35 සහ F-22 ප්‍රහාරක ජෙට් යානාවලට බෙහෙවින්ම සමානයය. එමෙන්ම එම යුධ ගුවන් යානය පකිස්ථානය අතට පත් වුවහොත් ආසියානු මහද්වීපයේ ගුවනේ බල තුලනය වෙනස් කළ හැකි බව විශේෂඥයින් විශ්වාස කරයි.

    දැනට පකිස්ථානය සතුව F-16 ප්‍රධාන ප්‍රහාරක ගුවන් යානා ඇත. කෙසේ වෙතත්, චීනයේ J-31 පැමිණීමෙන් පසු, එම ප්‍රහාරක යානයට F-16 වෙනුවට ආදේශ කළ හැකිය.මෙම සතිය මුලදී පාකිස්තාන ගුවන් හමුදා ප්‍රකාශක Chief Marshal Zaheer Ahmad Babar කියා සිටියේ පකිස්ථානය,චීනයේ නිශ්පාදිත J-31 ප්‍රහාරක ජෙට් මිලදී ගැනීම සඳහා චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

    මෙම ප්‍රහාරක ජෙට් යානා නුදුරු අනාගතයේදී පකිස්තාන ගුවන් හමුදාවේ කොටසක් බවට පත් වීමට නියමිතව ඇත.පාකිස්තාන ගුවන් හමුදාව සතුව දැනටමත් චීන ප්‍රහාරක ජෙට් යානා වර්ග දෙකක් තිබෙන අතර ඉන් එකක් JF-17 ප්‍රහාරක ජෙට් යානයකි. එය හමුදාවන් හදුන්වන අනුවර්ත නාමය 'Thunder' වෙයි.
    කෙසේ වෙතත් මෙම ගුවන් යානය නිපදවීමට පකිස්ථානය ද චීනය සමඟ එක්විය. 2021 දී නයිජීරියාව ද චීනයෙන් මෙම ප්‍රහාරක ජෙට් යානා මිලදී ගත්තේය.

    JF-17 ප්‍රහාරක යානා 150කට අමතරව J-10C 'Vigorous Dragon' ප්‍රහාරක යානා 25ක් පකිස්ථානය සතුව ඇත.ඉන්දියාවට තවම 'Stealth' ප්‍රහාරක ජෙට් යානා නොමැති නිසා හමුදා විශේෂඥයින් චීනයෙන් නව J-31 ජෙට් මිලදී ගැනීම ගැන අවධානය යොමු කර ඇත.

    කෙසේ වෙතත්, ඉන්දියාව මේ වන විට ස්වදේශීය ක්‍රමයට රහසිගත ප්‍රහාරක යානයක් නිපදවමින් සිටින අතර එම මධ්‍යම ප්‍රහාරක ගුවන් යානය 2030 වන විට ඉන්දීය ගුවන් හමුදාව අතට පත්විය හැකි බව විශ්වාස කෙරෙයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    US සුපිරි බඩු වල කෑලි ගැලවෙන නිසාද?😅😅

     

    Similar threads