රුසියානු සහ යුක්රේන අර්බුදයේ රහසිගත තොරතුරු විශ්ලේෂණය සඳහා එබුසේ නියෝජිතයන් කැඳවීමට ආරක්ෂක අමාත්යංශය තීරණය කර ඇති බව නිල නොලත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. මෙම අර්බුදය ශ්රී ලංකාවට නුදුරු අනාගතයේදී ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් කුමන ආකාරයකින් බලපානු ඇතිද, ශ්රී ලංකාව තවදුරත් මද්යස්තව කටයුතු කලයුතුද, එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ශ්රී ලංකාවේ චන්දය ලබාදිය යුත්තේ කෙසේද යන උපායමාර්ගික තීරණ ගැනීම සඳහා මෙම රහස් ඔත්තු සේවයේ භූමිකාව මෙම අවස්ථාවේදී ඉතා වැදගත් වනු ඇත
