සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අද (07) අමෙරිකාව පත්විය.
ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමග ය.
එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වෙයි.
අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව තුන්වන දිනටත් වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබේ.
ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1202කි.
මේ අතර අමෙරිකාව පුරා අඛණ්ඩව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වියහැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.