මහත්තයා දේශීය දේ ගැන හරියට වෙහෙසෙනවා නේද...
එහෙම තමයි... අපිව එවලා තියෙන්නේ එහෙන් මෙහෙට වැඩක් කරලා යන්න... ඒකයි කරන්නේ මං මේ...
අපි හැමෝම එහෙම තමයි මහත්තයා... එක එක රාජකාරිවලට එවපු එක එක අය... දැන් බලන්න මං... මෙහේ මේ දුෂ්කර පළාතේ, වතුරවත් හරියට නෑ... ඇයි මං මේ තෙල් බේත් නැති ආහාර වවන්නේ... මට කොළඹ ගෙදරට වෙලා ඉන්න බැරිද සැපපහසුවට. බෑනේ... හිතට එකඟ නෑ. අලි ගහලා මැරුණත් මෙහේ මං කරන්නේ මේ රටට ඕනේ දේ...
මැරුණත් මං කරන්නේ මේ රටට ඕනි දේ. ඔබ එහෙම හිතලා තියෙනවද කවදාවත්... මැරුණත් වැඩ කරන්න... මං හිටියේ ඉර මගේ සාක්කුවේ වාගේ තියෙන රස්නෙ එවේලේ... එතැන වී කන්දක් සුද්ද කරමින් තිබුණේ. මේ ආණමඩුවේ නවගත්තේගම හරිය... මාත් එක්ක මේ කතා කළ මහත්තයා දේශීය බීජ රැක ගත්ත, ගන්න පුදුම වෙහෙසක් ගන්න කෙනෙක්. නම වීරසිංහ. ඉතින් අපි මේ මහත්තයාගේ කතාවට ඇහුම්කන් දෙමුද. එහෙම නැත්නම් මේ ගොවිපොළ වටේ රවුමක් යමුද... එක නැට්ටේ පීදිච්ච බණ්ඩක්කා කරල් හතර පහ තියෙන, මිරිස් පඳුරේ කරල් කොළ වහගෙන ඉන්න, දඹල වැළේ කරටි දිගේ කරල් හැදෙන, ඉරි තලපු පොළොවේ සාරෙට වැවිච්ච කළු හීනැටි කුඹුරු යායේ ඇවිදලා එමුද... නෑ. මං තෙහෙට්ටු ඔබව ඊට වැඩිය රස තැනකට ගෙනියන්නම්. එතැන පොල් කිරෙන් තැම්බුව මයියොක්කා අල කෑලි පිරිච්ච මුට්ටියක් තියෙනවා. ඔබට තියෙන්නේ තෙහෙට්ටුව අමතක කරලා දුම්දාන අල පිඟානක් බෙදා ගෙන මාත් එක්ක මේ රස්නෙ අස්සෙ කතාවට ඇහුම්කන් දෙන්න විතරයි...
වීරසිංහ මහත්තයා ළඟ තිබුණේ මොනවද...
මා ගාව තිබුණේ කුරුළු තුඩයි. හීනටියි, බට පොළ ඇළුයි විතරයි. මං ළඟ වගේම රට පුරා මෙහෙම වී එකතු කරගෙන හිටිය ගොවියෝ...
රටපුරා කිව්වේ...
දිස්ත්‍රික්ක විසි තුනක අය අපි එක්ක හිටියා.. හැබැයි හිටියේ තනි තනිව... පස්සේ අපි කණ්ඩායම හැදිලා කෑගල්ලේ තෝලංගමුවේ මානව සම්පත් කියන ආතනයේ තමයි පළමුවැනියට වැඩේ පටන් ගත්තේ. පොඩිනිලමේ මහත්තයා තමයි ඒකට මූලිකත්වය ගත්තේ. එක්දස් නවසිය අනූ හතේ විතර මේ... අපි ඒ වෙනකොට අවුරුදු ගාණක් වෙන වෙනම තම තමන්ගේ පුළුවන් කමින් දේශීය වී වැව්වා... අසූ හතේ වගේ ඉඳලා.. පොඩිනිලමේ මහත්තයා තමයි අපි අතරේ සම්බන්ධීකරණ කම ඇති කළේ. දිස්ත්‍රික්ක ගාණේ... දේශීය ගොවියෝ එකතු කරන්න නෝර්වේ රටෙන් ආධාර ලැබුණා. මේ ආධාර මත තමයි පාරම්පරික ගොවියන්ව හෙව්වේ. එතකොට හෝමාගම ගොවිජන සේවා එකේ හිටපු ප්‍රාදේශීය නිලධාරිතුමිය ජීවනි බාලසූරිය මහත්මිය තමයි මාව එහෙට සම්බන්ධ කළේ. දෙදහ වසරේ තමයි මේක සංවිධානයක් විදියට ආරම්භ කළේ...
මොකක්ද ඒ සංවිධානයේ නම...
දේශීය බීජ නිපදවන්නෝ කියන සංවිධානය... එහෙම තිබුණු නම මං සභාපති වුණාට පස්සේ දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ සම්මේලනය කියලා වෙනස් කළා... එතකොට සීයක් විතර හිටියා... මේ අය හැමෝම වැව්වේ දේශීය දේ විතරයි. වී විතරක් නෙවෙයි. පලතුරු... එළවළු... බෙහෙත්... මේ හැමදේම වැව්වේ දේශීය බීජවලින්... මේ ඔක්කොම එකතු කරලා කණ්ඩායමක් කළේ පොඩිනිලමේ මහත්තයා...
එතුමා තවම ඉන්නවද...
මේ රටට ලොකු සේවයක් කළ මනුස්සයෙක්. මැරුණා... ඉන්ටසිටි බස් එකක අනතුරකින්. එතකොට හේමන්ත අබේවර්ධන කියලා මහත්තයෙක් තමයි ජාතික සංවිධායක...
මුල් කාලේ හිටපු අයව මතකද වීරසිංහ මහත්තයට...
මතකයි... චන්දන කාරියවසම් කියලා මහත්තයෙක් හිටියා... කළුතර... අතුල වීරරත්න කියලා හිටියා හම්බන්තොට... චතුරි හේරත් කෑගල්ල... ලයනල් සෙනෙවිරත්න... එයත් කෑගල්ලේ... ලයනල් මහත්තයා තමයි ප්‍රධාන සම්බන්ධීකාරක... උපතිස්ස බණ්ඩාර... ආණමඩුව... පුත්තලම දිස්ත්‍රික්කය. සංජීව බණ්ඩාර මොනරාගල... උපුල් කාරියවසම් අනුරාධපුර... හේමන්ත අබේවර්ධන රත්නපුර... උපාලි මුණසිංහ නුවර... පිළිමතලාවේ... දැන් දේශීය බීජ සම්මේලනේ ඉන්න සභාපති... ජයසේන හත්ලහවත්ත කියලා පිළියන්දල මහත්තයෙක් තමයි භාෂා පරිවර්තක වැඩේ කළේ...
ඇයි ඒ භාෂා පරිවර්තක කෙනෙක්...
අපිත් එක්ක දේශීය බීජ වගා කරපු පාරම්පරික දෙමළ, මුස්ලිම් ගොවියොත් හිටියා. ඒ අය එක්ක කතා කරන්න අපට භාෂා පරිවර්තකයෙක් ඕනෙ වුණා...
මේ හැමදේටම වියදම් කළේ කවුද...
නෝර්වේ රජයෙන්. දේශීය බීජ ව්‍යාප්ත කරන්න... මේ ගොවියෝ ටික දෙනෙක් ළඟ තිබුණු දේශීය බීජ වවලා ඒවා නිකන් දුන්නේ... දැන් අපේ ගෙවල්වල වුණත් ලෙඩට දුකකට කළු හීනටි හොයාගෙන ආවොත් නිකන් දෙන්නේ... අපටත් අපේ තාත්තා කියලා තියෙන්නේ එහෙමයි... සල්ලි හම්බු කරන්න දේශීය බීජ එකතු කළේ නෑ...
ඒ කාලේ දේශීය වී ජාති කීයක් විතර එකතු වුණාද...
මං සභාපති වෙලා හිටපු කාලේ දේශීය වී ජාති එකසිය හතළිස් හතරක් එකතු කළා. පාරම්පරික වී.. එළවළු ජාතිත් එහෙමයි. හේන් තක්කාලි, බටු, මිරිස්, බණ්ඩක්කා, වට්ටක්කා, මෑ, කවුපි මේ හැමදේම බීජ අපි එකතු කළා...
එතකොට දැන් ඔය කියපු දේවල් තවම තියෙනවද......
දැනටත් මොනරාගල තමයි හේන් බීජ ආරක්ෂා කරන්නේ. අපේ අල ගබඩාව තියෙන්නේ පිළිමතලාවේ. අර මරාහෙළ ප්‍රේමවර්ධන වෙද මහත්තයා කියන්නේ. රැවුල තියෙන්නේ. බුම්මැඩි කුට්ටමක් එහෙම වාදනය කරන්නේ. ඒ වගේ අය විතරක් නෙවෙයි අපිත් එක්ක කොටිත් සම්බන්ධවෙලා හිටියා... අපි නොදැන වරක් අපිව අරගෙන යන්න හැදුවා. ඒ ගොල්ලන්ගේ ප්‍රදේශවලට... අපි ඒක ප්‍රතික්ෂේප කළා. ඒ අයගේ ගොවියන්ට උගන්නනයි කිව්වේ...
මේ දේශීය බීජවලට තෙල්, පෝර...
කිසිම තෙල් පෝරක් නෑ... මේවාට පාවිච්චි කරන්නේ ගොම... එළු පොහොර... කුකුල් පොහොර... හරක් ඇටකටු... ගෙරි කටු කියන්නේ... කොළ වර්ග... කොම්පෝස්..
දියර පෝරක් හදන්නේ නැද්ද...
හදනවා... කෘමිනාශක අපි හදන්නේ මේ අහුකොළ... කොහොඹ කොළ... බැරල් එකක දාලා සතියක් පල් කරලා පෙරලා ඉහිනවා... එතකොට එළ, ගව මුත්‍රාවලින් හදනවා දියර පෝරක්... ඒක අපට කියලා දුන්නේ වව්නියාවේ දේශීය පාරම්පරික බීජ වවන ගොවි මහත්තුරු වගයක්... එල්.ටී.ටී.ඊ... ද්‍රවිඩ අය... ඒ අය ළඟ තිබුණු රහසක්... මටයි මුලින්ම කිව්වේ...
දැන් ඒක හදනවද...
අපෝ ඔව්... කොයි ජාතිකයන්ගෙන් ගත්තත් රටට යහපත් නම් ඒකට අපි ගරු කරන්න ඕනේ. මං හුඟක් තැන්වල කියනවා ඒ පෝර හදාගන්න හැටි... උපදෙස් ගන්න අයට කියලා දෙනවා. මේ දේශීය බීජ සුරකින, ඒත් ආහාරයට ගන්න අයට ඇයි අපි රහස් තියා ගන්නේ...
මං මේ පොඩි කතාවක් කිව්වේ දේශීය බීජ ගැන... ඒ කතාවේ කියැවුණේ රටේ විසිරලා තිබුණු දේශීය බීජ එකමුතුවක් හැදුණු හැටි ගැන.. ඔබ දන්නේ නැති පට්ට කතාවක් දේශීය බීජ එක්ක තියෙනවා. මට ඒ ගැන ලියන්න තව ටික දවසක් දෙන්න... දැන් ඔබට අර ද්‍රවිඩ පාරම්පරික ගොවියෝ රැකගෙන ආව එළ ගව දියර පෝර ගැන දැනගන්න ඕනෙනේ. මං ඒ ගැන ලබන සතියෙ කියන්නයි ඉන්නේ... ඒත්... මං වීරසිංහ මහත්තයාගේ දුරකතන නොම්බරෙයි මේ
(077 9684957) සටහන් කළේ. ඉතින් දැන් ඔබේ තෙහෙට්ටුව නිවුණා නම් හිස් මයියොක්කා පිඟාන පිළෙන් තියලා යන් මේ පලබර ගොවිපොළ වටේ රවුමක්...
කතාව - පින්තූර-අනූ එදිරිසිංහ