🌎💥 පෘථිවියෙහි අභ්‍යන්තරම ස්ථරය වන "පෘථිවි හරය" (Earth's core / Inner core) තුළ පිහිටි තවත් නව හරයක් සොයාගනී 💥🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113

    Interior-of-the-Earth.jpg

    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️


    ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලය මගින් සිදුකරපු ගවේෂණයකදි තමයි මේ නවතම සොයාගැනීම කරලා තියෙන්නෙ. පෘථිවිය ස්ථර 4 කින් සමන්විත වන බව තමයි අපි මේ වන තෙක් දැනගෙන හිටියෙ. ඒවා තමයි,
    1. කබොල (Crust)​
    2. ප්‍රාවරණය (Mantle) - ඉහළ හා පහළ ප්‍රාවරණය​
    3. පිටත හරය (Outer Core)​
    4. අභ්‍යන්තර හරය (Inner Core), විදිහටයි.​

    860_earthlayers.jpg

    1.15.jpg


    නමුත් මේ නවතම සොයාගැනීමත් සමගම පෘථිවිය ස්ථර 5 කින් සමන්විත වෙන බව දැන් ප්‍රකාශ කරන්න පුළුවන්. අභ්‍යන්තරම අභ්‍යන්තර හරය (Innermost Inner Core) ලෙසින් මේ නවතම ස්ථරය හදුන්වනවා. පෘථිවි හරය (Earth's core / Inner core) වගේම, යකඩ - නිකල් මිශ්‍ර ලෝහ සං‍යුතියකින් සැකසුණු මේ නව ගෝලාකාර ලෝහමය සථරය සැතපුම් 400 ක් පමණ ඝනකමකිනුත් යුක්ත වෙනවා කියලා මෙහිදී හොයාගෙන තියෙනවා. නමුත් පෘථිවි හරයට සාපේක්ෂව මේ නව ගෝලාකාර ස්ථරය ස්ඵටිකමය ස්වරූපයක් ගන්න බවත් එවැනි ස්වරූපයක් ගන්න, මෙම නව ස්ථරය හරහා පෘථිවි අභ්‍යන්තරයෙ (පෘථිවි කබොල හෝ ඉහළ මැන්ටලය/ප්‍රාවරණය යන ස්ථරයන්වල බොහෝ විට භූ කම්පන හට ගැනීම සිදුවෙනවා) ඇතිවන භූ කම්පනවලින් හටගන්න භූ කම්පන තරංග පෘථිවි හරයට සාපේක්ෂව එකිනෙක්ට වෙනස් වේගයන්ගෙන් ප්‍රතිරාවය වීම හේතුවෙලා තිබෙන බවත් මෙහිදී සොයාගෙන තිබෙනවා.


    ඇලස්කාවේ හටගන්නා භූමිකම්පාවක් නිසා ඇතිවුණු භූ කම්පන තරංගයන්, පෘථිවියේ අභ්‍යන්තර හරය හරහා විනිවිද යන අයුරු නිරූපණය කෙරෙන රූප සටහනක්

    Credit: Drew Whitehouse, Son Phạm and Hrvoje Tkalčic.

    Earthquake-in-Alaska-Seismic-Waves-Earth-Inner-Core.jpg





    වැඩිදුර තොරතුරු

    Earth’s Structure Has a Fifth Layer: Bouncing Seismic Waves Reveal Secrets of the Planet’s Inner Core




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    මේක යට තව හොයාගත්ත නැති දේවල් කොතෙක්නං තියෙනව ඇතිද නේ....
    ලෝකෙ තියෙන මුළු සාගර ප්‍රමාණෙ ගත්තත් ඒකෙන් 5% ක් විතරයි මිනිස්සු මෙච්චර කාලෙකට ගවේෂණය කරලා තියෙන්නෙ. ඉතින් හිතලා බලන්න ඔය ගවේෂණය නොකරපු කොටසේ මොන තරම් අරුම පුදුම ඒවා හැංගිලා ඇද්ද කියලා. මනුස්සයා වෙන ලෝක, තාරකා, මන්දාකිණි ගැන ගවේෂණේ කරන්නෙ තමන් ඉන්න ලෝකෙ ඇතුළෙම තියෙන දේවල් මොනව ද කියලවත් නොදැන.:yes:
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    අවීචිය[සංස්කරණය]​

    මෙම අපාය අටමහා නිරයන් අතුරින් දරුණුම අපායයි.මෙම අපායේ යොදුනක් දිය යොදුනක් පළල ගිනියම්වූ යපොළවකින් තුනුන ඝූමියක් ඇත.මෙහි දොරටු සතරක් ඇති අතර දොරටු සතරෙහි යමරජවරු සතරදෙනෙක් ඇත.මෙම අපායේ එත් දිශාවක සිට අනෙක් කොන දක්වා සතර දිශාවෙන්ම ගිනිජාලා මතු වෙමිනි නිරි සතුන් පෙළනු ලබයි.එසේම උඩ සිට පහළට හා පහළ සිට උඩ දක්වා සදිශාවෙන්ම ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ පරම ආයුෂ කල්පයකි.පංචානතරීය පාප කර්ම එකම් මව මැරීම,පියා මැරීම,සංඝ භේදය,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම යන පාපප කර්ම සිදුකලවුන් මෙහි උපදිති.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    නියමයි...👍👍
    පළවෙනි කොමෙන්ටුව මගෙන්...

    මේක යට තව හොයාගත්ත නැති දේවල් කොතෙක්නං තියෙනව ඇතිද නේ....
    එක ඇත්ත... මම එදා කෙහෙල් පැලයක් හිටවන්න වත්ත පිටිපස්සේ වලක් කපනකොට අපේ ආත්තම්මාගේ පරණ හවඩියක් හම්බ උනා....:love2: (y)