විශාල ගොඩනැගිල්ලක ප්‍රමාණයෙන් යුක්ත වූ දැවැන්ත උල්කාපාතයන් ද්විත්වයක් පෘථිවියට සමීපයෙන් ගමන් කිරීම මේ සතිඅන්තයේදී සිදුවීමට නියමිතව තිබේ. ඉන් පළමු උල්කාපාතය "2016 CZ31" නමින් හදුන්වන අඩි 400 ක (මීටර 122) ක පළලකින් යුක්ත වූ, එනම් තට්ටු 40 ක ගොඩනැගිල්ලක ප්‍රමාණයට සමාන වූ උල්කාපාතයක් වන අතර ජූලි 29 වනදා නැගෙනහිර වේලාවෙන් පස්වරු 7 ට, එනම් ග්‍රීනිච් වේලාවෙන් රාත්‍රී 11 ට (7 p.m. ET / 23:00 GMT - ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූලි 30 වන, එනම් අද දින උදෑසන 4.30 ත් 5.00 ත් අතර කාලයේදී) පෘථිවියේ සිට සැතපුම් 1 740 000 ක් (කිලෝමීටර 2 800 000) ඈතින් ගමන් කිරීම සිදු කරන ලදී. පෘථිවියත්, චන්ද්‍රයාත් අතර පවතින දුර මෙන් 7 ගුණයක දුරකින් ගමන් කළ මෙම උල්කාපාතය පෘථිවිය පසු කරමින් ගමන් කරන ලද්දේ පැයට සැතපුම් 34 560 ක (55,618 km/h) වේගයකිනි.
අඩි 600 ක (මීටර 183) පළලින් යුක්ත වූ "2013 CU83" නමින් හදුන්වන දෙවන උල්කාපාතය ජූලි 30 වන දින නැගෙනහිර වේලාවෙන් පස්වරු 7.37 ට, එනම් ග්‍රීනිච් වේලාවෙන් රාත්‍රී 11.37 ට (7:37 p.m. ET / 23:37 GMT - ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූලි 31 වන, එනම් හෙට දින උදෑසන 5.00 ත් 5.30 ත් අතර කාලයේදී) පෘථිවියේ සිට සැතපුම් 4 320 000 ක් (කිලෝමීටර 6,960,000 ) ඈතින් ගමන් කිරීම සිදු කිරීමට නියමිතව තිබේ. එය පෘථිවියත්, චන්ද්‍රයාත් අතර පවතින දුර මෙන් 18 ගුණයක දුරකින් පෘථිවිය සමීපයෙන් ගමන් කිරීමට නියමිතව ඇති අතර පැයට සැතපුම් 13 153 ක (21,168 km/h) වේගයකින් පෘථිවිය පසුකර යෑමට නියමිතව තිබේ.
මෙම උල්කාපාතයන් පෘථිවිය අසලින් ගමන් කිරීමේදී එම උල්කාපාතත්, පෘථිවියත් අතර පවතින දුර, පසුගිය ජූලි 07 වනදා පෘථිවියේ සිට සැතපුම් 56 000 ක (කිලෝමීටර 90 000) දුරකින් එනම් පෘ ථිවියත්, චන්ද්‍රයාත් අතර පවතින දුරෙන් 23% පමණ ප්‍රමාණයක දුරකින් ගමන් කළ "asteroid 2022 NF" නම් උල්කාපාතයට වඩා විශාල අගයක් ගනී. මේ අතර මෙවැනි ආකාරයේ දැවැන්ත උල්කාපාතයක් පෘථිවිය අසලින් මීලගට ගමන් කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේ ජනවාරි මාසයේදීය.
මූලාශ්‍රය: Two skyscraper-size asteroids are barreling toward Earth this weekend
අමතර කරුණක්

ග්‍රාහකයන් යනු පෘථිවි වර්ගයාට අනාගතයේදී අභ්‍යවකාශයෙන් එල්ල විය හැකි ප්‍රධාන උවදුරු අතරින් එකකි. මීට වසර මිලියන 65 කට පෘථිවිය මත විසූ දැවැන්ත ඩයිනෝසරයන් වද වීමට ද හේතු වූයේ මෙවැනි ග්‍රාහකයක් පෘථිවිය මත ගැටීමෙන් ඇතිවුණු දැවැන්ත ව්‍යසනයක් හේතුවෙනි. මෙවැනි කරුණු හේතු කොටගෙන නාසා ආයතනය ආරම්භ කළ DART (Double Asteroid Redirection Test) අභ්‍යවකාශ මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණ වනුයේ එසේ පෘථිවිය දෙසට පැමිණෙන ග්‍ර්‍රාහකයක ගමන්මග, අභ්‍යවකාශ යානයක් එහි ගැටීමට සලස්වා වෙනස් කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීමයි. මේ ඒ පිළිබදව මා විසින් නිර්මාණය කළ කුඩා වීඩියෝවකි.

NASA's DART Mission
n
