🌏🌕☄️ මෙම සතිඅන්තයේදී පෘථිවිය අසලින් ගමන් කරන දැවැන්ත උල්කාපාතයන් ද්විත්වය: "2016 CZ31" සහ "2013 CU83" 🌎🌕☄️

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    විශාල ගොඩනැගිල්ලක ප්‍රමාණයෙන් යුක්ත වූ දැවැන්ත උල්කාපාතයන් ද්විත්වයක් පෘථිවියට සමීපයෙන් ගමන් කිරීම මේ සතිඅන්තයේදී සිදුවීමට නියමිතව තිබේ. අද දින උදෑසන 4.30 ත් 5.00 ත් අතර කාලයේදී) පෘථිවියේ සිට සැතපුම් 1 740 000 ක් (කිලෝමීටර 2 800 000) ඈතින් ගමන් කිරීම සිදු කරන ලදී.
    සමීපයෙන් $×^€£%©®¶₹............
    උඹේ ත්‍රෙඩ් ටික හින්දා ගොඩක් දේවල් ඉගෙනගත්තා එල වැඩක් 👍👍
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    සමීපයෙන් $×^€£%©®¶₹............
    උඹේ ත්‍රෙඩ් ටික හින්දා ගොඩක් දේවල් ඉගෙනගත්තා එල වැඩක් 👍👍
    විශ්වයේ දනට හොයාගෙන තියෙන ප්‍රමාණෙ (observable universe - විෂ්කම්භය ආලෝක වර්ෂ බිලියන 46.508 යි) හැටියට ඔය ගාණත් සුළු ගාණක්. ඒ හින්දා ඔය ප්‍රමාණෙත් සමීපයෙන් වගේ තමයි. :yes::)
     
    • Like
    Reactions: good-man

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    2029 අප්‍රේල් 13 වෙනිදා අඩි 1100 ක් පළල් 'Apophis' කියන උල්කාපාතෙ තමයි එහෙම අවස්ථාවක් තියෙන උල්කාපාතයක් කියලා දැනට හොයාගෙන තියෙන්නෙ. ඒ වුණාට ඒක පෘථිවිය එක්ක ගැටෙන්න තියෙන්නෙ 2.7% වගේ හුගක් අඩු අවස්ථාවක්. :yes:
    මේක කියෙව්වාම මම කලකට පෙර බලන්න ගිය හෙන්බරි උල්කාපාත වැටුන තැන ( Henbury Meteorite crater) මතක් උනා. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්රිං නගරයට ආසන්නව තියන ඒ උල්කාපාත කොටස වැටී සෑදුන වල, පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි. ඒ ඝට්ඨනයෙන් පොලවේ පස් උණු වී අමුතු ආකාරයේ කැට කැබිලිති ලෙස ඝනීභවනය වී තියනවා. ඒ උල්කාපාත කොටස ගැලුම් 45 බැරල් එකක් (තාර පීප්පයක්) තරම් කුඩා එකක් බව එතැන විස්තර වල තිබුනා. තාර පීප්පයක් සයිස් එකකින් අක්කර පහ හයක විසාල වලක් හැදෙනවා නම්, අඩි 1100 ක එකක් පොලවට වැටුනොත් වෙන දේ නම් හිතා ගන්නවත් බැහැ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    මේක කියෙව්වාම මම කලකට පෙර බලන්න ගිය හෙන්බරි උල්කාපාත වැටුන තැන ( Henbury Meteorite crater) මතක් උනා. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්රිං නගරයට ආසන්නව තියන ඒ උල්කාපාත කොටස වැටී සෑදුන වල, පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි. ඒ ඝට්ඨනයෙන් පොලවේ පස් උණු වී අමුතු ආකාරයේ කැට කැබිලිති ලෙස ඝනීභවනය වී තියනවා. ඒ උල්කාපාත කොටස ගැලුම් 45 බැරල් එකක් (තාර පීප්පයක්) තරම් කුඩා එකක් බව එතැන විස්තර වල තිබුනා. තාර පීප්පයක් සයිස් එකකින් අක්කර පහ හයක විසාල වලක් හැදෙනවා නම්, අඩි 1100 ක එකක් පොලවට වැටුනොත් වෙන දේ නම් හිතා ගන්නවත් බැහැ.
    1908 දි රුසියාවෙ තුංගුස්කාවලට වැටිච්ච උල්කාපාතෙ අඩි 328 - 656 අතර ප්‍රමාණයක් පළලයි. ඒකෙදි ඇතිවෙච්ච පිපිරුම TNT මෙගාටොන් 12 කට සමානයි. 1954 අවුරුද්දෙ ඇමරිකාව සිද්ධ කරපු ලොකුම න්‍යෂ්ටික පිපිරීම වෙච්ච
    "Castle Bravo" තාප න්‍යෂ්ටික පිපිරුමෙදි නිදහස් වෙච්ච ශක්තිය TNT මෙගාටොන් 15. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ ඔයිට වඩා ලොකු උල්කාපාතෙකින් කොච්චර විනාශයක් කරන්න පුළුවන් ද කියලා. :yes:

    • Wow
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1908 දි රුසියාවෙ තුංගුස්කාවලට වැටිච්ච උල්කාපාතෙ අඩි 328 - 656 අතර ප්‍රමාණයක් පළලයි. ඒකෙදි ඇතිවෙච්ච පිපිරුම TNT මෙගාටොන් 12 කට සමානයි. 1954 අවුරුද්දෙ ඇමරිකාව සිද්ධ කරපු ලොකුම න්‍යෂ්ටික පිපිරීම වෙච්ච
    "Castle Bravo" තාප න්‍යෂ්ටික පිපිරුමෙදි නිදහස් වෙච්ච ශක්තිය TNT මෙගාටොන් 15. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ ඔයිට වඩා ලොකු උල්කාපාතෙකින් කොච්චර විනාශයක් කරන්න පුළුවන් ද කියලා. :yes:

    ඒකෙන් මිනිස්සු මැරුණාද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    1908 එකෙන්. උල්කාපාතෙන්.
    නිල ආරංචිවලට අනුව කවුරුවත් මැරිලා නෑ. හැබැයි නිල නොවන වාර්ථාවලට අනුව 3 දෙනෙක් මැරිලා තියෙනවා කියලා කියනවා. ඒක පිපිරිලා තියෙන්නෙ ජනශුන්‍ය, කැලෑබධ කලාපෙකට ( නැගෙනහිර Siberian Taiga කියන ප්‍රදේශෙ) ඉහළින්. ඔය පිපිරුම හින්දා වර්ග කිලෝමීටර 2150 ක ප්‍රදේශෙක තිබුණ ගස් මිලියන 80 ක් සම්පූර්ණෙන් විනාශ වෙලා තියෙනවා.
     
    Similar threads