මෙම වීඩියෝවේ දැක්වෙන ධූමකේතුව කුමන දෙසට ගමන් කරන්නේදැයි ඔබ සිතන්නේ ද? බැලූ බැල්මට එය වීඩියෝවේ දකුණුපස පහළ කෙලවරට ගමන් කරනවායැයි ඔබ ඇතැම් විට සිතනවා වන්නට පුළුවන. නමුත් සත්‍යවශයෙන්ම සිදුවන්නේ ධූමකේතුව කැමරාවෙන් ඉවතට ගමන් කිරීමකි. සූර්යයාගේ චුම්බක ක්ෂේත්රයේ බලපෑම හා සූර්ය සුළං හේතුවෙන් මේ ආකාරයට ධූමකේතුවේ ගමන් මග තීරණය කිරීමට හේතුවී තිබේ . ගිය වසරේ දෙසැම්බර් මාසයේ 25 වන දින, තායිලනතයේදී කැමරාගත කළ මෙම වීඩියෝවෙන් නිරූපණය වන්නේ පැයක කාලයක් තුළදී ලෙනාඩ් වල්ගාතරුවේ (Comet Leonard) ගමන් මග කැමරා කාචයට ග්‍රහණය කරගනු ලැබූ අවස්තාවකි.
C/2021 A1 (Comet Leonard)

