අඟහරු ග්‍රහයාට අයත් චන්ද්‍රයින් දෙදෙනා අතරින් විශාලතම හා අඟහරුට ආසන්නයෙන්ම පිහිටා ඇති චන්ද්‍රයා වන 'Phobos' දැක්වෙන සමීප ත්‍රිමාණ ඡායාරූපයක් (stereoscopic 3D) අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. කිලෝමිටර 22.533 ක විෂ්කම්භයකින් යුක්ත වන, අඟහරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 3700 ක් දුරින් පිහිටා තිබෙන 'Phobos' චන්ද්‍රයාගේ මෙම ඡායාරූපය, යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට අයත් (ESA) "Mars Express" අභ්‍යවකාශ යානය (Mars Express spacecraft) විසින් ලබාගෙන ඇත්තේ 'Phobos' චන්ද්‍රයාගේ සිට කිලෝමීටර 200 ක් ඈතින් ගමන් කරමින් තිබූ අවස්ථාවකය.
'Phobos' චන්ද්‍රයාගේ අඟහරු ග්‍රහයා දෙසට මුහුණලා පවතින පාර්ශවය නිරූපණය වන මෙම ඡායාරූපය මගින් එහි වූ ආවාටයන් හා වළගොඩැලිවලින් යුත් මතුපිට පෘෂ්ඨය පැහැදිලිව දැකගත හැකි අතර පෘෂඨයේ වම්පසින් වන්නට පිහිටි කිලෝමීටර 10 ක පළළින් යුක්ත වූ 'Stickney' ආවාටයත් (Stickney crater), එම ආවාටය නිර්මාණය වීමට හේතුවූ උල්කාපාත ගැටීමේදී නිර්මාණය වූ මීටර සියගණක පළලකින් යුක්ත වූ කුඩා ආවාටයන් කීපයක් ද දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම Stickney' ආවාටයේ පවතින විශේෂත්වය වනුයේ, 'Phobos' චන්ද්‍රයාගේ කිලෝමීටර 27 ක් වන පළලම ලක්ෂයට සාපේක්ශව කිලෝමීටර 10 ක පළලකින් යුක්ත වූ මෙම ආවාටය මගින් 'Phobos' චන්ද්‍රයාගේ විශාල පෘෂ්ඨ ප්‍රදේශයක් ආවරණය කරගනිමින් පිහිටා තිබීමය.
Image Credit: G. Neukum (FU Berlin) et al., Mars Express, DLR, ESA
Phobos (moon)

