🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 29 - තාරකාවන්ගෙන් තොරව දිස්වන 'Horsehead' නිහාරිකාව පිහිටා ඇති 'Orion' තාරකා රාශියට අයත් කලාපය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    nvexcIu.jpg


    "Horsehead Nebula' නමින් හදුන්වන, අඳුරු නිහාරිකා (dark nebula) ගණයට අයත් වන නිහාරිකාව පිහිටා තිබෙන 'Orion' තාරකා රාශියට අයත් කලාපය නිරූපණය වන, ගැඹුරු නිරාවරණයකට (deep exposure) කැමරා කාචය ලක්කරමින් ලබාගත් මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1500 ක් ඈතින්, 'Orion' තාරකා රාශියෙහි පිහිටා ඇති, ආලෝක වර්ෂ 7 ක විෂ්කම්භයකින් යුක්ත වූ මෙම "Horsehead' නිහාරිකාව පිහිටා ඇති ප්‍රදේශයෙහි මධ්‍යයට මදක් දකුණු පසින් වන්නට පිහිටා තිබෙනවිශාල සංකීර්ණයන් වශයෙන් ඒකරාශීව පවතින අවශෝෂණය වූ දුහුවිලි හා දිදුළන වායූන් ද මෙම ඡායාරූපය තුළින් නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම මීට බොහෝකලකට පෙර සිදුවූ සුපර්නෝවා පිපිරුම් හා තාරකා සුළං හේතුවෙන් යුග ගණනාවක් මුළුල්ලේ නිර්මාණය වූ තුනී වායුමය තීරයන් හා දූවිලිවලින් පිරීගිය සූත්‍රිකාවන් ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.

    "Horsehead' නිහාරිකාවට දකුණු පසින් තැඹිලි පැහැයෙන් දිස්වන නිහාරිකාව "Flame Nebula" ලෙස හදුන්වන අතර "NGC 2024" හා "Sh2-277" යන නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙම නිහාරිකාව විමෝචන නිහාරිකා (emission nebula) ගණයට අයත් වන්නකි. මෙම ඡායාරූපය නිර්මාණය කිරීමේදී මෙම "Horsehead Nebula' හා "Flame Nebula" පිහිටා ඇති ප්‍රදේශයෙහි වූ වායු හා දූවිලි වළාවන් වඩාත් ඉස්මතු කර පෙන්වීම සදහා මෙම කලාපයෙහි වූ තාරකාවන් ඩිජිටල් තාක්ෂණය මගින් මකා ඉවත් කර තිබුණ ද "Flame" නිහාරිකාවට මදක් ඉහළින් වන්නට දිස්වන 'Alnitak' නම් තාරකාව පමණක් එසේ මකාදැමීම සිදුකොට නැත. 'Orion's Belt' නමින් හදුන්වන තරු රටාවට අයත් වූ ප්‍රධාන තාරකා ත්‍රිත්වය අතරින් දකුණු පසට පිහිටා තිබෙන තාරකාව 'Alnitak' තාරකාව වීම හේතුවෙන් ඒ ආකාරයෙන් ඉවත් කිරීමක් සිදුකොට නැත.


    Image Credit & Copyright: George Chatzifrantzis

    Horsehead_Chatzifrantzis_2500.jpg




    The Horsehead Nebula

    The Horsehead Nebula in Orion






    Flame Nebula




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    thanks for sharing.
    ඔය ෆොටෝස් වල කලර්ස් කොච්චර දුරකට එඩිට් කරනවද. ඔය ඔරිජිනල්ම කලර්ස්ද 100% ක්.
    හුගක් වෙලාවට කලර්ස් වෙනස් කිරීමක් හරි ෆොටෝ එක enhance කිරීමක් සිද්ධ වෙනවා ෆොටෝ එකේ මුල් ස්වරූපයට වෙනසක් නොවෙන විදිහට. :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Really appreciate it bruh

    මුන් මේව කලර් එඩිට්, එන්හැන්ස් කරන්නෙ නැතුව තිබ්බ නන් හොදයි.

    දැන් නිකන් කාටූන් වාගෙ.
    ඕව සේරම එඩිට්නෙ... ඒකයි...

    ලෝකෙ රොටියක් වගේ තැටියක්...
     

    Similar threads