Tripod එකක් මත සවිකරන ලද කැමරාවක්, කෙටි නිරාවරණ කාලයන්ට (short exposures) ලක් කරමින් ලබාගත් මනරම් රාත්රී අහස් කුසක දර්ශනයක් ඇතුළත් වන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ස්පාඤ්ඤයේ ඊසාන දිග කෙළවරෙ'හි පිහිටි දුෂ්කර ගම්මානයක් වන "Albany" හීදී ලබාගෙන ඇති මෙම ඡායාරූපය මගින් රාත්රී ආකාසයේ දිස්වන ඔරායන්ගේ පටිය (Orion's belt) නමින් හදුන්වන "Orion" තාරකා රාශියේ පිහිටා ඇති කුඩා තාරකා පොකුරට අයත් වන Alnitak, Alnilam හා Mintaka යන සර්ල රේඛීයව දිස්වන දීප්තිමත් තාරකාවන් ත්රිත්වය දර්ශනය වන අයුරු නිරීක්ශනය කළ හැක. මෙහි දිස්වන Orion's belt'හි වම්පස කෙළවරට වන්නට ඇති "Alnitak" තාරකාවට ආසන්නයෙන් දිස්වන දීප්තිමත්, රත් පැහැ දිලිසුමකින් යුක්තව දිස්වන "Flame Nebula" නම් විමෝචන නිහාරිකාව (emission nebula) හා "Horsehead Nebula" නමින් හදුන්වන අදුරු නිහාරිකාව ද නිරීක්ශනය කළ හැකි අතර Orion's belt'හි ඇති තාරකාවන්ට පහළින්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,344 ඈතින් වන්නට පිහිටා තිබෙන "Orion Nebula / The Great Nebula of Orion" නමින් හදුන්වන විසරණ නිහාරිකාව ද (diffuse nebula) මෙහිදී නිරීක්ශනය කළ හැක. තව ද මෙම ඡායාරූපය මගින් "Orion" තාරකා රාශියේ ඇති තාරකා සමග මුහු වී ඇති ආකාරයකින් යුතුව දර්ශනය වන විශාල රත් පැහැ ආරුක්කුවක් සේ දිස්වන "Barnard's Loop" නමින් හදුන්වන විමෝචන නිහාරිකාව ද (emission nebula) නිරීක්ශනය කළ හැකි අතර ඡායාරූපයේ දර්ශනය වන ක්ෂිතිජ ඉමෙහි දකුණු කෙළවරෙහි පහළින් ඇති, පයින් ගසෙහි අතු සමග ස්පර්ශ වී ඇති අයුරින් දිස්වන "Rigel" නම් දැවැන්ත නිල් තාරකාව ද (blue supergiant star) මෙහිදී දැකගත හැක. වසන්ත සෘතුව එළඹෙත්ම උත්තර ධ්රැවයේ ඇති රටවල රාත්රී ආකාසයේ, ශීත සෘතුවේ දිස්වන අයුරින්ම වඩාත් පැහැදිලිව "Orion" තාරකා රාශිය දර්ශනය වීම සුලභ සංසිද්ධියක් ලෙස සලකනු ලැබේ.
Image Credit & Copyright: Juan Carlos Casado (Starry Earth, TWAN)
Orion (constellation)
Orion Constellation: Facts, location and stars of the hunter