🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 11 - සහරා කාන්තාරයට දිස්වූ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    nvexcIu.jpg


    මෙම ඡායාරූපයෙහි ඔබට දැකගත හැක්කේ මොනවා ද? පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.5 ක් ඈතින් පිහිටා තිබෙන පියවි ඇසින් දැකබලා ගත හැකි ක්ෂීරපථය මන්දාකිණියේ අසල්වාසියා වන ආලෝක වර්ෂ 220 000 ක විෂ්කම්භයකින් යුක්ත වන ඇන්ඩ්‍රොමීඩා (Andromeda - M31, Messier 31 හා NGC 224 යන අනුවර්ථ නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) සර්පිල මන්දාකිණිය (barred spiral galaxy) මෙහිදී ඔබට පැහැදිලිවම දැකගත හැකි ආකාශ වස්තුව වන අතර මෙලෙස මෙම මන්දාකිණිය හා පෘථිවිය අතර ආලෝක වර්ෂ මිලියන 2.5 ක් දුරක් පැවතීම හේතුවෙන් ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියෙන් නිකුත් වී පෘථිවිය දෙසට ආලෝක හා රේඩියෝ තරංග වශයෙන් පැමිණෙන ෆෝටෝන අංශුන් වසර මිලියන 2.5 ක් පැරණි ඒවා ලෙස සලකනු ලබයි.

    ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට අමතරව මෙහි දැක්වෙන රාත්‍රී ආකාසයෙහි, අපගේ ක්ෂීරපථය මන්දාකිණියට අයත් වූ තාරකාවන්, තාරකා පොකුරු හා නිහාරිකාවන් දිස්වන්නේ වසර සිය දහස් ගණනකට පෙර ඒවා පැවති ස්වභාවයෙන් වන අතර ආලෝකයේ වේගයට සාපේක්ශව එම ආකාශ් වස්තුන්ගෙන් නිකුත් වන ආලෝක තරංගයන් පෘථිවිය වෙත ළගාවීමට ඊට ආසන්න කාලයක් ගත වී තිබීම මේ අයුරින් දිස්වීමට හේතු වී තිබේ. ඒ අනුව මෙහි දිස්වන දුරින්ම පිහිටි ආකාශ වස්තුව ලෙස සැලකිය හැක්කේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. පසුගිය මාසයෙහි එනම් ජූනි මාසයට අයත් දිනකදී, මොරොක්කෝවෙහි පිහිටා තිබෙන සහරා කාන්තාරයට (Sahara Desert) අයත් කලාපයේ දී ලබාගත් මෙම අපූරු ඡායාරූපය, පසුබිම් ඡායාරූප 3 ක් (background exposure) හා පෙරබිම් ඡායාරූපයක් (foreground exposure) සං‍යෝජනය කිරීම මගින් නිර්මාණය කර තිබෙන අතර එකම ස්ථානයකදී, එකම කැමරාවක් උපයෝගී කොටගෙන ලබා ගත් මෙම ඡායාරූප අතරින් පෙරබිම් ඡායාරූපය (foreground exposure) කැමරාවට හසුකර ගෙන ඇත්තේ හිරු බැස යන සන්ධ්‍යා භාගය අවසානයත්, රාත්‍රිය එළබීමත් අතර පවතින "blue hour" යනුවෙන් හදුන්වන කාලසීමාව තුළදීය.

    ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙහි හරයට (core) මදක් ඉහළින් වන්නට දිස්වන එයට අයත් වූ කුඩා ප්‍රමාණයේ පරිවාර මන්දාකිණියක් (satellite galaxy / dwarf elliptical galaxy) වන ආලෝක වර්ෂ 8500 ක අරයකින් යුක්ත වූ 'M110' (Messier 110, NGC 205) මන්දාකිණිය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය මිනිසාගේ පියවි ඇසින් පවා නිරීක්ශනය කළ හැකි වුවද එහි පවතින පියවි ඇසට නොපෙනෙන බොදවී ඇති ආකාරයෙන් දිස්වන කලාපයන් හා අනෙකුත් සුවිෂේශී දත්තයන් කැමරාවන්හි පවතින කාචයන් දුගු නිරාවරණ කාලයන්ට භාජනය කිරීම මගින් පැහැදිලි ලෙස හසුකර ගැනීමේ හැකියාව පවතී. අදින් වසර බිලියන 5 කට පසුව අපගේ ක්ෂීරපථය මන්දාකිණියත් (Milky Way Galaxy), ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියත් එකිනෙක ගැටීමට (Galaxy merger / galactic collision ) නියමිතව ඇති අතර එම ගැටීමෙන් පසුව 'Milkdromeda' (Milkomeda) නමින් හදුන්වන දැවැන්ත ඉලිප්සාකාර මන්දාකිණියක් නිර්මාණය වීම සිදුවනු ඇතිබවත් තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබේ.


    Credit & Copyright: Jordi Coy

    SaharaAndromeda_Coy_6135.jpg




    Andromeda Galaxy







     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඇන්ඩ්‍රොමීඩා වල ඉන්න මනුස්සයෙකුට අති ප්‍රබල දුර්ක්ෂයක් තියනවා කියලා හිත්වොත්, එයාට පෙන්නේ පොළොවේ පහල තියන දර්හනය වගේ දර්ශනයි. මිට අ. මිලියන 2.5 කලින් , ඒ කියන්නේ Homo habilis ලා පොලවේ කරක් ගහපු කාලේ....

    තව දුරටත් ඒ කාලේ ගැන ඔබට කුතුහලයක් ඇති වුනානම් හෙටම ආපේ ජනාදිපති මන්දිරයට යන්න . ඔබට ඒ දවස පියවි ඇසින්ම දැකගන්න පුළුවන්



    8581391_450_450_676_0_fit_0_0062ecbb1d24346f90282c3bcc5b6c17.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    පියවි ඇහැට මෙච්චර ලොකුවට පේනවද බං?

    SaharaAndromeda_Coy_6135.jpg
    ඔච්චර ලොකුවට පේන්නෙ නෑ. Background images, ඒ කියන්නෙ ඔය පේන අහසෙ ෆොටෝ 3 කුයි, කාන්තාරෙ පේන Foreground image එකකුයි combined කරලා තමයි මේ ෆොටෝ එක හදලා තියෙන්නෙ. ඔය Background images, zoom කරලා අරන් තියෙන නිසා තමයි ඔච්චර ලොකුවට පේන්නෙ.
     

    Similar threads