🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 13 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    සුපර්නෝවා පිපුරුමකින් පසු එහි අවශේෂයන් (Supernova Remnant/Nebula) දිස්වන ආකාරය මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරේ. Spaghetti නෙබියුලාව (Spaghetti Nebula) හා Sharpless 2-240 යන අනුවර්ථ නාමවලින් හදුන්වන Simeis 147 නෙබියුලාව (Supernova Remnant/Nebula) මෙයින් පෙන්නුම් කරන අතර එය Taurus හා Auriga යන තාරකා රාශීන් පිහිටා ඇති සීමාවේදී දැකගත හැකියි. පෘථීවියට ආලෝක වර්ෂ 3000 ක පමණ දුරකින් පිහිටා ඇති මෙම නෙබ්යුලාවේ වයස වසර 40 000 ක් පමණ වේ. තාරකා විද්යාඥයන්ගේ මතයට අනුව මෙම නෙබ්යුලාව නිර්මාණය වී ඇත්තේ නියුට්‍රෝන් තාරකාවක් වූ PSR J0538+2817 හි සිදුවූ දැවැන්ත පිපිරීයාමකින් පසුව ඉතිරි වූ අවශේෂයන් වලින් බව අනුමාන කෙරේ.


    HOOClassicBinned_ps2048.jpg



    Simeis 147: Supernova Remnant (Nebula)

    What is a Supernova Remnant?


     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Webb ටෙලස්කෝප් එක වැඩ පටන් ගත්තම සුපිරි පින්තුර ටිකක් බලා ගන්න පුළුවන් වේවි..
    අපිට ඇහෙන් බලන්න හම්බෙන ෆොටෝස් නං හබල් එකෙන් ගහන ඒවට වඩා වෙනසක් නැති වෙයි, උදාහරනයක් විදියට Astrophotography කරන උන් ඔය පොලවෙ ඉඳන් පොඩි ලෙන්ස් වලින් ගන්න ෆොටෝස් සහ හබල් එකෙන් ගනිපු ෆොටෝස් කම්පෙයා කරලා ඇහෙන් බැලුවොතින් ලොකු වෙනසක් නැහැ වගේ පේන්නෙ
    හැබැයි ඒකෙන් කලෙක්ට් කරන ඩේට තමයි වැදගත් වෙන්නෙ
    webb එක ගොඩක් infrared රේන්ජ් එක කැප්චර් කරන නිසා ගොඩක්ම ඈත තියන ඔබ්ජෙක්ට් වල ඩීටේල්ස් කැප්චර් කරගන්න පුලුවන් ඒක තමයි මේන් ටාගට් එකත්
    හබල් එකෙන් අරන් ඔය රිලීස් කරන ෆොටෝස් ඇත්තම කලර් නෙමයි තියෙන්නෙ, ඒව RGB කලර් වලින් ගන්න ෆොටෝස් නෙමයි, ගනිපු ෆොටෝස් වලට ආටිෆිශල් කලර් චැනල් එසයින් කරලා තමයි ඒවයෙ ඔය අපිට පේන ලස්සන කලර්ස් අරගෙන තියෙන්නෙ, හබල් එකේ freequency range ගොඩක සෙන්සර්ස් තියනවා ඒක නිසා ඒ රේන්ජ් වල ෆ්‍රීකුවෙන්සි එක විදියට RGB එසයින් කරලා ලස්සන කලර්ස් හදා ගන්න පුලුවන්
    webb එකේ ගොඩක්ම තියෙන්නෙ infrared සෙන්සර්ස් නිසා අර හබල් එකෙන් ගන්න තරම් ලස්සන ෆොටෝස් හදාගන්න බැරි වෙයි, සමහරවිට කලර්ස් ආටිෆිශලි ප්‍රොසෙස් කරලා ලස්සන ෆොටෝස් හදල රිලීස් කරයි.
     

    Similar threads