සුපර්නෝවා පිපුරුමකින් පසු එහි අවශේෂයන් (Supernova Remnant/Nebula) දිස්වන ආකාරය මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරේ. Spaghetti නෙබියුලාව (Spaghetti Nebula) හා Sharpless 2-240 යන අනුවර්ථ නාමවලින් හදුන්වන Simeis 147 නෙබියුලාව (Supernova Remnant/Nebula) මෙයින් පෙන්නුම් කරන අතර එය Taurus හා Auriga යන තාරකා රාශීන් පිහිටා ඇති සීමාවේදී දැකගත හැකියි. පෘථීවියට ආලෝක වර්ෂ 3000 ක පමණ දුරකින් පිහිටා ඇති මෙම නෙබ්යුලාවේ වයස වසර 40 000 ක් පමණ වේ. තාරකා විද්යාඥයන්ගේ මතයට අනුව මෙම නෙබ්යුලාව නිර්මාණය වී ඇත්තේ නියුට්‍රෝන් තාරකාවක් වූ PSR J0538+2817 හි සිදුවූ දැවැන්ත පිපිරීයාමකින් පසුව ඉතිරි වූ අවශේෂයන් වලින් බව අනුමාන කෙරේ.
Simeis 147: Supernova Remnant (Nebula)