Stellar Jets නමින් හදුන්වන විශ්වයේ ඇති සුවිශේෂී, අධික ඝනත්වයක් පවතින ප්‍රදේශයන්හි (ඡායාරූපයේ පෙන්නුම් කරන දෙපසට විහිදී ගොස් ඇති වර්ණවත් ආකාරයෙන් පෙනෙන ප්‍රදේශ) බලපෑම හේතුවෙන් ඒ මධ්‍යයයේ MHO 2147 නම්වූ නව තාරකාවක බිහිවීම සිදුවන ආකාරය නිරූපණය වන ඡායාරූපයක්, අද දිනයේ නාසා ආයතනය විසින්, දවසේ ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. Sagittarius හා Ophiuchus යන තාරකා රාශීන් පිහිටා ඇති සීමාවේ, ක්ෂීර පථය දෙසට නැඹුරුව සිදුවන මෙම සංසිද්ධිය ඡායාරූපයට හසුකර ගෙන ඇත්තේ Chilean Andes හි පිහිටා ඇති Gemini South අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගිනි.
Stellar Jets
Gemini south observatory
